Monday, July 20, 2015

"යන්න එපා දෙවේන්දොරා සං"

"කොහොමද නොගොහින්.මම ඉඳල පලක් නෑනෙ....කවද හරි වෙන් වෙන්න
වෙනව.දැන් වෙන් වෙන එක වඩා ලේසි නැද්ද?"
"යනව නම් දෙවේන්දරා සංගෙ සිරුරෙ සුවඳ - මේ ඇඳුම්වල සුවඳ තියල යන්න."
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා රචිත මළගිය ඇත්තෝ නවනකාවෙහි එන මෙම අතිශය ප්‍රේමණීය අවස්ථාව සුන්දර ගීත කිහිපයකටම වස්තු බීජය විය
.
සුවඳ තියා මා ළග ඔබ අරන් යන්න මල්
නෙත නිළුපුල් වත රතුපුල්
නෙත නිළුපුල් වත රතුපුල්
කොඳ කැකුළු සිනා මල්
එවැනි තවත් ගීතයක් වන මෙය සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන්නකි.
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි //
ගුණදාස කපුගේ මහතා ගායනා කරන මෙම ගීතයත් එසේමය.
ඔබට යන්නම ඕනෑ නම්..
ඔබ යන්න ඉතින් නික්මී..
මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන 
ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි..//
එක් නිර්මාණයක් තවත් නිර්මාණයකට වස්තු බීජය සපයන බව මැනවින් සනාථ කරන මෙම ගීත පෙළහර.මෙම ගීත සියල්ලේම ගේය පද රචකයා වනුයේ රත්න ශ්‍රී විජේසිංහ මහතායි.මෙම ගීත පිළිබදව කාල වේලාව ලැබෙන පරිදි පසුව වෙනම ලිපියක් මගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි

No comments:

Post a Comment