Monday, July 20, 2015

ප්‍රේමය කිසිදා වියපත් නොවේ



මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න
ප්‍රේමය නමැති ආත්මීය බැදිම කිසිදා වියපත් නොවන්නකි.මන්ද එය සිත තුළින් උපත ලබන්නක් බැවිනි.ගත දිනෙන් දින වියපත් වුවද සිත එලෙසින් වියපත් නොවේ.එහෙයින්ම ගතෙන් වියපත් වූ පුද්ගලයෙක් තුළ වුවද ප්‍රේමය හටගත හැක.එසේ ගතෙන් වියපත් වූ පුද්ගලයෙක් තුළ හටගන්නා ප්‍රේමනීය හැගීමක් මෙම ගීතය තුළින් නීරූපිතය.නමුත් මෙම ප්‍රේමය ගැටළුවට ඇති කාරණය නම් මෙම වියපත් පුද්ගලයා පෙම් බදිනුයේ ළාබාල තරුණියකට වීමයි.එකී ගැටළුව හේතුවෙන් කථකයා තම යි.නමුත් ඔහු එය ප්‍රකාශ කිරීමට කැමැත්තෙන් පසුවේ."ආසයි මම නොකී කවිය ඔබට කියන්න" යන්නෙන් එය ධ්වනිත වේ.තමාගේ නවාතැනේ ඔහු ඇයටත් ඉඩක් වෙන්කොට ඈ එනතුරු බලා සිටියි.එසේම ඔහුගේ ප්‍රේමය ඇය විසින් ප්‍රතික්ශේප කළහොත් එය විදදරා ගැනීමට ඔහු සූදානම්ය.ඇතැම් අයට මෙය "නාකි විසේ" යැයි සිතෙන්නට ද පුළුවන.නමුත් මා නම් සිතන්නේ මේ ඔහුගේ අහිංසක ප්‍රේමයක් කියායි.මන්ද එවැනි සිතුවිල්ලක් ඕනෑම අයෙකුගේ සිතේ ඇතිවිය හැක.ප්‍රශ්නයකට ඇත්තේ එය කොතරම් දුරට සමාජයට උචිත වේද යන්නයි.
මේ ගීතයට පාදක වූවා යැයි කියන සිදුවීමක් ද පුවත්පතක පළවී තිබුණි.ලංකාවේ සිටි සුප්‍රකට ගායකයෙක්(ඔහුද වියපත් වූ අයෙකි)තමන්ගේ බිරිදගේ වියෝවෙන් ‍ශෝකයෙන් සිටියේය.මේ අතරතුර ඔහුගෙන් සංගීතය ඉගෙන ගැනීමට ආ තරුණියකට සිතින් පෙම් බැද ඇත.එම සිදුවීම මේ ගීතය රචනා කිරීමට හේතු වූ බැව් කියවේ.එය කොතරම් දුරට සත්‍යයක්දැයි මා නොදනී
මෙම මියුරු ගීතයට තම හඩින් ජීවය දෙනු ලබන්නේ විශාරද අමරසිරි පීරිස් මහතායි.මෙහි පදවැල් ධම්මික බණඩාරයන් ගෙනි.මෙයට නාදරටා සපයනුයේ ඩෙනිස්ට පෙරේරා නම් සංගීතඥයා විසිනි.

 මෙතනින් ගීතය අහන්න 

No comments:

Post a Comment