Monday, July 20, 2015

ළඳුනේ.....ළඳුනේ.....

අමරසිරි-කේමදාස සුසංයෝගයෙන් බිහිවූ තවත් අගනා ගී මිණකි, ම විසින් රසවින්ය කරන්නට තෝරාගනු ලැබුවේ.එසේම මෙම ගීතය ඇසෙන මොහොතක් මොහොතක් පාසා හඳවත කම්පාවට කරන ගීකයකි මෙය.මෙහි ගේය පද රචනාව අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගෙනි.ස්වර රචනය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.මෙම ගීතයට මධුර හඩින් ජීවය දෙනු ලබන්නේ විශාරද අමරසිරි පීරිස් විසිනි.
සමාජය මුහුණ දී ඇති ප්‍රභල ඛේදවාචකයකි,ස්ත්‍රිය ගණිකා වෘත්තියට යොමු වීම.එවැනි ඛේදජනක ඉරණමකට ලක්වූ අවිහිංසක යුවතියකගේ ජීවිතය මෙම ගීතයට වස්තු විෂය වී ඇත.මෙම යුවතිය පිළිබඳ රසිකයාගේ සිත් සතන්හි බහන් සංවේගයක්,කාරුණ්‍යයක් ජනිත කරවීම කවියාගේ අරමුණ වූ බැව් පෙනේ.එසේම එවැනි වෘත්තියන්හි යෙදෙන කාන්තාවන් දෙසද අනුකම්පා සහගතව බැලිය යුතුය යන මහඟු පණිවිඩය කවියා සමාජගත කරයි.
ළඳුනේ // 
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ.. 
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ.....
ගීතය සමාරම්භක වනුයේ ළඳුනේ යනුවෙන් යුවතියට කරනු ලබන සොඳුරු ආමන්ත්‍රණයෙනි.අබිසරුලියකට කවුරුනම් එසේ ආමන්ත්‍රණය කරයිද?වේසියක්,බඩුවක් යන බහත් වචනයලින් ඈ ආමන්ත්‍රණය කරනු විනා ඇයට ලඳක යැයි කවුරු නම් ආමන්ත්‍රණය කරයිද?හයින් ප්‍රතීයමාන වනුයේ කයියා තුළ ඇය කෙරෙහි හටගත් දයාවයි.ඇයගේ අවිහිංසක දෑස කථකාට දර්ශනය වනුයේ සැඳැවකය.එකී සැඳව,ඇගේ අඳුරු වී ගිය ජීවිතය සංකේතවත් කරන්නක් බඳුය.දහදක් දෙනා ඇය සමඟ රාත්‍රිය ගත කළඳ ඇයට සැමියකු නොමැත.ඇය ලක්වී වී ඇති ඉරණම කොතරම් සෝචනීයද?
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ..
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි 
ඔබද කිසා ගෝතමියකි...
විදී සරණ ළඳකට කවුරුවම් නෑකම් කියයිද?ඇව සමාජයේ තනි වූ තැනැත්තියකි.ඇය සදාජය විසින් ඩවත ලූ තැනැත්තියකි.ඇය ගේ පමණක් නොව සමස්ත අබිසරුලියන්ගේ දුක්ඛිත ඩරණම ප්‍රතිබිම්බනය කරනු ලබන කැඩපතක් බඳු නොවන්නෙහිස මෙම ගීතය?ඇයට පිහිට වන්නට දමාජයේ කිසිවකු නැත.එහෙයිනි ඇය තෙල් මල් රැගෙන මුනිකුටියට පියමන් කරනුයේ, පටාචාර,කිසාගේතමී මෙන් ඇය ද බුදුන් වහන්සේගේ පිහිට පතයි.ඇය ඇතැම් විට පතනුයේ,තමාට මතු ආත්ම භවයකදී හෝ මෙම ඉරනමෙන් ගැළවෙන්නට හැකි වේවා!යන්න නොවිය හැකිද?
පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ
ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...
සැබවින්ම ඇයගේ පහස සොයා ඇය පසුපස හන්නේ පිරිමිහු නොවන්නෙහිද?එසේනම් ඇයට පමණක් දෝෂ දරශනය කිරීම යුක්ති සහගතද?ඇය සදඝ රාත්‍රිගත කරන්නවුන් දහවල ඇයට අවමන් නරයි.එය පවු කරායාට ගල් ගැසීමක් නොවන්නෙහිද?ඇයගේ ශරීරය දෙස කමාතුර දෙනෙතින් බලන්නන්ට ඇයගේ හදවතෙහි වේදනාව කෙසේනම් පෙනෙයිද?කුරා කුහුඹුවකුට වත් හිංසාවක් කොකළද ඇය දසාජය විසින් වැරදිකාරියක කර හමාරය. 
මෙම ගීතය සහෘදයායාගේ මනෝභාවයන් කම්පනය කරයි.මෙම ගීතය රචනා කිරීමට රචකයා පෙළඹී ඇති සිද්ධියද සොචනීය.දිනක් රන්බණ්ඩා මහතා දළදා මැදුර අසල සිටියදී තෙල් මල් රැගත් ළඳක් හතනින් ගමන් කර ඇත.ඇයගේ සැබැ තතු විමසූ ඔහුට ඇය අබිසරු ලියක් බැව් දැනගන්නට ලැබී ඇත.එයින් අතිශය කමපාවට ලත් වූ ඔහු හකී අත්දැකීම මෙලෙසින් ගීතයට නඟා ඇත.
එසේම මෙම ගීතය ගායනා කරන්නට සිට ඇත්තේ වෙනත් ගායකයෙකි.නමුත් ඹහුට අදාළ දින ඒමට නොහැනි වූ විට කේමදායන් තම වාද්‍ය වෘන්දයේ සියි විශිෂ්ට වයලින් වාද්‍ය ශිල්පියා වූ අමරසිරි පීරිස් මහතා ලවා ගායනා කරවන ලදිතමෙය ඔහුගේ ප්‍රථම ගීතයයි.ඔහු මෙම ගීතයට උපරිම දාධාරණය ඉටු කරන්නට සමත් වී ඇත.
ගීතයේ වස්තු විෂය හුදෙක් ප්‍රේමයට පමනක් නොවී,මෙවැනි සමාජ ගැටළු පිළිබඳ කතිකාවතත් ගොඩනැඟමට දායක වීම අවශම කාරරයකි.එසේම සංගීතය,ගායනය,ගේය පද රචනය යන ත්‍රිලක්ෂණයම පැනවින් ඒකාබද්ධ වූ විශිෂට ගීතයක් ලෙසින් මෙය හඳුන්වා දිය හැකිය.මෙම ලිපියේ එන කිසිඳු කරුණක් අවසරයකින් තොරව උපුටා නොඟත යුතුය.එසේම මෙය ඔබ සැමගේ සංවාදයට විවෘතය.
ආශ්‍රිත ග්‍රන්ථ
සුමනසේකර,ගාමිණී.(2008).සඳ මඬල.කොළඹ: දයාවංශ ජයකොඩි සහ සමාගම.
කුමාර එන්.ඩබ්.ජේ(ලක්මාල් රංග කුමාර) විසිනි.

No comments:

Post a Comment