Monday, July 20, 2015

දිවියට වසන්තයක් රැගෙන ආ ප්‍රථම ප්‍රේමය - මේ ප්‍රථම වසන්තයයි

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයයි
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ප්‍රේමය ඒ ආකාරයෙන් දකිද්දි, මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රේමය දුටුවේ මෙලෙසිනි.
නැත ලොවේ අන් රසඳුනා.. ආදරේ සේ සුවදෙනා...
මේ හැම එකකින්ම කියැවෙන්නෙ ප්‍රේමය යනු අතිශය සුන්දර හා රමණීය වූ වස්තුවක් බවයි.එම හැගීම ප්‍රථම වරට කෙනෙකුට දැනෙනුයේ කෙලසින්ද? ප්‍රථම ප්‍රේමය යනු ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ අමතක කළ නොහැකිම අත්දැකීමකි.එය වින්දනය කරන ඔහු හෝ ඇය තූළ කෙබදු විපර්යාසයක් ඇතිවේද?එබඳු ප්‍රථම ප්‍රේමයක් ගැන කියවෙන සුන්දරතම ගීතමය අත්දැකීමකි මෙම ගීතය.
මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැඟෙනා
මේ ප්‍රථම වසන්තයයි
මේ කථකයාගේ දිවියට උදාවූ ප්‍රථම වසන්තයයි.ඔහුය මීට පෙර එවැනි වසන්නයක් උදා වී නැත.ඒ වසන්තය වූ කලී ඔහුගේ ප්‍රථම ප්‍රේමයයි.දැන් ඔහුගේ දිවිය සොදුරුය.දිවි අරණේ මධු මල් හටගනී.ඒවායෙන් හමන්නේ ප්‍රථම ප්‍රේමයේ සුගන්ධයයි.එම සුගන්ධය විදීමට ආ මධුකයන්ගේ බිගු නද රුව් පිළිරැව් දෙයි.මධු මල ගීත රචකයින් අතර ජනප්‍රිය පුෂ්පයකි.මෙහි මධු මල් තූළින් සංතේතවත් කරනුයේ ඔවුන් දෙදනා තුළ හටගත් සොඳුරු ප්‍රේමයයි.
තරු නැඟෙන තුරා නිදිබර අඹරේ
සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක්‌ සේ පායා
පහන් රැයක්‌ වී ආවේ...
මේ ප්‍රථම වසන්තයයි........
ප්‍රේමයේ ඔහු කරා එනුයේ එතෙක් ගන අන්ධකාරයේ පැවතුනු දිවියට ආලෝකයක් රැගෙනය.එසේ පැමිණි ප්‍රේමය කවියා සුපුන් සදකට උවම් කරයි.සුපුන් සදක් හෙවත් පිරුණු සදක් සෞම්‍යය,සිසිළසය,දීප්තිමත්ය.අඩුවක් නොමැතිව ආලෝකය සපයයි.ප්‍රේමය හැර අන් කවරකටද එලෙසින් ජීවිතයට ආලෝකයක් විය හැක්කේ?එකී ප්‍රේමය ඔහුගේ එතෙක් අන්ධකාරයේ පැවති අර්ථශූන්‍ය,නිදිබර දිවිය නිමාකරමින් දිවිය අර්ථපූර්ණ කරයි.පුථම ප්‍රේමය කෙනෙකුගේ දිවියට සපයන පිටුබලය කොතරම්ද?
සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදී කතරේ
ඔබ සිහිල් දොළ
ප්‍රේමයෙන් තොර වූ ඔහුගේ පූර්ව ජීවිතය කාන්තාරයක් බදූ විය.ඔහු එම කතරේ තනිකමෙන් පීඩාවින්දේය.එකී කතර තුල පීඩිතව සිටි ඔහුට සිසිල් දිය දෝතක් රැගෙන එන්නේ ප්‍රේමයයි.එකී ප්‍රේමයම ඔහු මෙතෙක් වෙහෙසට පත්කෙරූ මිරිඟුව පළවා හරියි.
මහාචාර්ය සනත් නන්දසිරිගේ සුමධුර හඩින් ගැයෙන මෙම භාවපූර්ණ ගීතයට මියුරු නාදරටා එක්කරනුයේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ය.මෙහි පද මාලාව කුලරත්න ආරියවංශයන්ගෙනි. .ඒමෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේ ගීතය ගැන මට පෙන්වා දී රසවිඳින්න මඟපෙන්වුයෙ කථිකාචාර්ය බිහේෂ් සම්පත්(බිහේෂ් සර්)ඒ වගේම මෙම ගීත විචාරයන් කියවා අදහස් දක්වමින් මා දිරිමත් තරන සියළුම දෙනාටත් හදවතින්ම ස්තූතිවන්ත වෙමි.

No comments:

Post a Comment