Sunday, September 27, 2015

ජීවිතය දුටු මළගිය ඇත්තෝ




මහාචාර්ය එදිරිවීර සරචිචන්ද්‍රයන් විසින් විරචිත මළගිය ඇත්තෝ නවකතාව වූ කලී සිංහල නවකතා සාහිත්‍යය නමැති මුතුවැලෙහි අගනා මුතුවක් වැන්න.එසේම මළගිය ඇත්තෝ නවකතාව ඔහුගේ සඑජ කවීත්වයට මෙන්ම අපූර්ව පරිකල්පන හැකියාවටද කදිම නිදසුනකි.
සරච්චන්ද්‍රයන් කතාව ආරම්භයේදීම තම තාව්‍යාත්මක භාෂා ශෛලිය උපයුක්ත කොට ගනිමින් ජීවිතය පිළිබඳ දාර්ශනික චින්තාවක් ද පළ කරමින් පුවේශ වේ.
.....ජීවිතය වියා හමාර කළ නොහැකි ව,එතැනින් මෙතනින් එල්ලෙන පත් ඉරු වලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කැබැල්ලකට සමානය. සැබවින්ම ජීවිතය යනු එයම නොවන්නෙහිද?
කතාව විකාසනය වන්නේ අතීතාවර්ජනයක් ලෙසිනි.මළගිය ඇත්තෝ නවකතාව සඳහා සරද්දන්ද්‍රෙයා් වස්තු විෂය කරගනුයේ,දෙවොංදරා සං නමැති සිවුරු හළ චිතු ශිල්පියකු ලී කැටයම් කලාව උගෙනීම පිණිස ජපානයට ගිය කළ එහි විසූ නොරිකො සං නමැති තරුණය හා අතර ඇති කරගන්නා ප්‍රේම සබඳතාවත්,ඔවුන් අතර ඇති සංස්කෘතික ඝට්ටනය හෙුතුවෙන් දෙවොංදරා සං තුළ ඇති වන චෛතසික ඝට්ටනයයි.
කතාව විකාසනය වනුයේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙනි.ලී කැටයම් කැටයම් කලාව සඳහා ජපානයට යන දෙවොංදරා සං ජපානයේ සෞන්දර්යෙන් වශීකෘතවෙයි.දෙවුන්දරා සං තුළ ඇති වූ මනෝභාවයන් ඉතා රමණීයාත්මකව සේම කාව්‍යාත්මකව රූපණය කරනුයේ මෙලසිනි
යන්ත්‍රයේ උපකාරයෙන් කෙරෙන නීරස ජීවිතයට වුව ද ඔවුහු රසයක් ඇතුලත් කරති.පැහැපත් වර්ණයන් කවා වානයේ බීරැණි ගතිය පහ කර දමති.සිත් පිත් නැති යන්ත්‍රය තුළ ඔවුහු මනුෂ්‍ය  හෘදයක් තැන්පත් කරති.
...වැහි වැටීමට පෙර අහසෙහි වළාකුළු අස්සේ ඒ පැත්තෙන් මේ පැත්තට බඩ ගා දුවන විදුලි රේඛා සේ ,අහසෙහි නොයෙක් ආකාරයෙහි රූ සටහන් අඳිමින් නියොන් එළි ඔබමොබ දුවයි.
එසේ ජපානයේ ඉබාගාතයේ ඇවිදිමින් සිටින ඔහුට නොරිකො නම් ජපන්  තරුණිය මුණගැසේ.ඉන් අනතුරුව ඔහු ඇය සේවය කරන අවන්හලට බිය නඟන්නේ ඉබේටම මෙනි.ඔහු වඩ වඩාත් ඇගේ සමාගම ලැබීමට ප්‍රිය කරයි.ඔහු ඇය සමඟ කබුකි බැලීමට යයි.ජපානය පුරා ඇවිදීමට යයි.ඔවුන්ටත් නොදැනීම ඔවුන් අතර ප්‍රේමයක් ලියලයි.දෙවොංදරා සං නොරිකෝ නිවසට ඈ බැලීමට යනවා පමණක් නොව ඈය ද ඔහු සිටිනා සිවසට පැමිණ ඔහුට ආහාර පිස දෙමින් ඔහුට උදව් කළාය.නමුත් දෙවොංදරා සං ඇයගෙන් අයුතු ප්‍රෙයාජන ගැනීමට උත්සාහ නොකළේය.ඒ ඔහු සතුශික්ෂණය නොවේද?
නමුත් ඔවුන්අතර පැවති මේ සබැඳියාවට ඔවුන්ගේ සංස්කෘතිය එරෙහි වන්නට පටන් ගනී.එසේ නමුත් කවදා හෝ ඇයගෙන් ටවන්වීමට ඔහුට සිදුවන බව දෙවොංදරා සං මැනවින් තේරුම් කොටගෙන තිබුණි.ඒ බැව් ඔහු සිතනුයේ මෙලසිනි...
අප ගත කළේ සැබෑ ජීවිතයක් නොව සිහිනයකි.ඒ සිහිනයෙන් අවදි වන්නට අපට කවදා නමුත් සිදුවේ.
සැබවින්ම ජීවිතය යනු මෙයම නොවන්නෙහිද?අප දමේ දකිමින් සිටිනුයේ සිහිනයක් නොවේයැයි කාට නම් කිව හැකිද?මනුෂ්‍ය ජීවිතය අරඹයා සරච්චන්ද්‍රයන් හෙළන දෘෂ්ටිය දාර්ශනික නොයන්නෙහිද?එසේම ඔහු විසින් යොදාගන්නා ලද බස කොතරම් කාව්‍යාත්මකද?මෙම නවකතාව ගද්‍ය කාව්‍යයක් බඳුය.කාව්‍යාත්මක භාෂා ශෛලියෙන් නම් සරච්චන්ද්‍රයෝ අනෙකුත් නවකතාකරුවන් අභිබවා සිටින බැව් බොහෝ ලාංකීය විදාරකයින්ගේ මතයයි.කෙසේ නමුත් දෙවොංදරා සං යනු නිශ්චිතව තීරණයක් ගැනීමට නොහැකිව ලිය මඬුලු මෙන් ඒ මේ අතට වැන්නෙකි.එවැනි චරිතයෝ සාහිත්‍යය තුළ නිශක්‍රීය චරිත ලෙස හඳුන්වයි.නමුදු එය හතරම් උචිත නොවන්නෙහිය.මන්ද යත් නිශ්ක්‍රීය යැයි සම්මත චරිතයන්හි පවා සක්‍රීය ලත්ෂණ බිඳක් හෝ දැකගත හැකි බැවිනි.ඔහු හදිසියේ මෙන් කියෝතෝ බලා පටත් වන්නේද මේ හේතුවෙනි.



           




යනව නම් දෙවොංදරා සංගෙ සිරුරෙ සුවඳ මේ ඇඳුම් වල තියල යන්න.මෙම සංවාදය බොහෝ ගීත රචනාවන්ට අත්දැකීමක් විය.සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න,ඔබට යන්න ඕනෑ නම් ඔබ යන්න ඉතින් ,මා තින් යන්න යනවා ආදී ගීත ඊට සනිදර්ශන ලෙසින් දැක්විය හැකිය.දෙවොංදරා සංගෙ චරිතයේ ස්භාවය ද ඔහු යෑමට පෙර ඉඟි කරයි.ඔහු ඇයට ඊර්ෂ්‍යාව හා පළිගැනීම සංකේතවත් කරනු ලබන මුහුණක් ඇයට තැගි වශයෙන් ලබා දේ.ඒ තුළින් ඔහු සංකේතවත් කරනුයේ ඔහුගේ යටිසිතය.
ඔහු කලක් පැවදි වී සිටි පුද්ගලයකු වුවද රාගයෙන් තොර නොවූවකි.ඔහු රාගය රාගයේ මාර්ගයෙන්ම දුරු කරලීමට සිතූ නිසාදෝ කියෝතෝවේ සිටි ගණිකාවක්ගේ පහස ලැබීමට යයි.
මම රාගයේ මාර්ගයෙන් රාගයෙන් මිදෙන්නට මාන බැලීමි.ඔහුගේ තවත් අරමුණක් වූයේ එතෙක් සිතට වද දුන් නොරිකෝ සං පිළිබඳි මතකයන් එමගින් ගුළි කර දැමීමයි.කෙසේ වුවත් එය හුදු හිතලුවක් පමණක් බවත් ඈ ඇසුරු කිරීමෙන් තමන්ට සහනයක් නොලැබෙන බැව් දැනගත් ඔහු ඇයද මඟහැර යයි.ජීවිතයෙන් පළා යෑම ඔහුගේ චරිතයේ ස්භාවයක් යන්නේය.ඔහු නැවතත් නොරිකො ගැන සිතීමට පටන් ගනී.මෙය වූ කලී ඔහුගේ සිතෙහි ගතික ස්භාවය විවරණය කරන අවස්ථාවකි.
ඔවුන් අතර තිබූ සංස්කෘතික නොගැලපීම දෙවොංදරා මැනවින් අවබෝධ කොටගෙන තිබුණි යැයි සිතේ.
...මම පිට කෙනෙකු වෙමි.අප දෙදෙනා අතර ,සම්පූර්ණ අන්‍යෝන්‍ය අවබෝධයක් නොවී ය.මා සිතන මතන සැටි ඈට නොතේරේ.ඇගේ සිත ක්‍රියා කරන සැටි මට රහසකි.ඇගේ බස මම නොදනිමි.මා කියන දේ ඈට නොවැටහේ.
මෙයින් ඔහු ඉඟි කරනුයේ ඔවුන් අතර තිබූ නොගැලපීම නොවේද?
ඔහු නැවතත් නොරිකො සොයා පැමිණේ.ඔහු නවාතැන් ගනුයේද ඇගේ නිවසේමය.නමුත් නොරිකෝ සං පෙර මෙන් ඔහු හා සංගයමට නොආවේය.එය දෙවොංදරා සං ඉන් තැවුලට පත්විය.
මා සති දෙක තුනක් මේ ආකාරයෙන් එහි ගත කරන්නට ඇත.මට ඒ කාලය දැනුණේ අවුරුදු ගණනාවක් ලෙසිනි.මා බලාගෙන සිටියේ නොරිකෝගෙන් කිසියම් වචනයක්,කිසියම්  ඉඟියක් ලැබෙන තුරුය.
එහෙයින් ඔහු නොරිකොගේ සිත රිදවීමට ඇයට අනුම් පද කියයි.
දැන් තෝකියෝ එහෙම් පිටින්ම වෙනස් වෙලා
මෙසේ කිරීමෙන් ඔහු බලාපොත්තු වූයේ ඇයට රිදවීමයි.දෙවොංදරා සං යනු අන්‍යයන්ට රිදවා සතුටු වූවෙකි.එය මනෝවිද්‍යා ක්ෂේත්‍රෙය් හුඳුන්වනු ලබන්නේ පරපීඩකකාමුකත්වය ලෙසයි.මාර්ටින් වික්‍රමසිංහයෝද දෙවොංදරා සං හඳුන්වා දෙමින් පවසනුයේ දෙටවාංදරා සං යනු පරබීඩක කාමුකත්වයෙන් හෙවත් අන් අයට රිදවා සතුටු වූවෙක් බවයි.
ඔහු සියළු වේදනා නැතිකර ගැනීමට සිය දිවි නසාගැනීම උචිතයැයි සිතා නිදිපෙති ගිලදමයි.එය වූ කලී ඔහුගේ චරිතයේ දුරුවල පක්ෂයකි.ජිවිතයෙන් පලායෑම විනා ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන ගැටළුවලට මුහුණ දීමට ඔහුට සවියක් නොතිබුණි.නොරිකො සං ඒ අතින් ඔහුට වඩා ඩදිරියෙන් සිටියේය.
කෙසේ නමුදු දෙවොංදරා සං ලංකාවට නැවත පැමිණෙන්නේ ඇය විවාහ කරගන්නවා යන පොරොන්දුව මතය.නමුත් ඔහු ලංකාවට පැමිණ කල්පනා කරනුයේ ඇය විවාහ කරගන්නේ කෙසේද යන්න පිළිබඳ නොව ඇය හා තමා අත ඇතිවන නොගැළපීම පිළිබඳවයි.දෙවොංදරා සං යනු නිරන්තරයෙන්ම වෙනස් වන තීරණ ඇත්තෙකි.මඩේ සිටුවන ලද ඉන්නක් මෙන් ඔහු ගේ සිතද නිශ්චිත තීරණයක් ගත නොහැකිව ඒ මේ අත වැනෙයි.දෙවොංදරා සං සංකීර්ණ දරිතයන් ලෙසිනි මෙම නවකතාව තුළ විකාසනය කොට ඇත්තේ.මාරින් එල්වුඩ් නැමැති නවකතාකාරිය නවකතාවන්හි දැකිය හැකි චරිතයන් විවිධ නොටස් වලට බෙඳන ලදි.ුාර්බයේ සිට නිශ්චිතව නොසිට විවිධ  ආකාරයෙන් වෙනස් වන දරිතයන් ඈ හඳුන්වනු ලැබුවේ සංකීර්ණ චරිත ලෙසිනි.ඒ අනුව දෙවොංදරා සං යනු දසංකීර්ණ චරිතයකි.
කෙසේ නමුත් නොරිකො සං විකාසනය කොට ඇත්තේ සරල චරිතයක් ලෙසිනි.ඇය ආරම්භයේ සිටම ඒතාකාරීව විකාසනය වනු දැකගත හැකිය.එවැනි චරිත එල්වුඩ් හඳුන්වනු ලැබුවේ සරල චරිතයන් ලෙසිනි
සමස්තයක් වශයෙන් අගය කළ හැකි නවකතාවකි.කතා වින්‍යාසය විකාසනය කිරීම සඳහා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යොදාගැනීම නවකතාවෙන් කියවෙන අත්දැකීම පාඨකයාට වඩාත් සමීප වීමට හේතු වී ඇත.එසේම යොදාගත් බස්වහර අතිශයින් ප්‍රභලය,නිර්මාණශීලීය,රසවත්ය.කාව්‍යාත්මක බසක් උපයුක්ත කොටගෙන ඇත.එය නවකතාවේ සාර්තකත්වයට බෙහෙවින් උපකාරී වී ඇත.එසේම විදෙස් පසුබිමක් මත ගොඩනඟනු ලැබූ බ්‍රථම නවකතාව වන්නේද මෙයයි.එය නවකතා ක්ෂේත්‍රෙය් නැවුම් පිම්මක් පැනීමට සමත් විය.එසේම දිනපොත්,අතීතාවර්ජන වැනි උපක්‍රම දකතාව නිකාසනය කිරීම සඳහා උජයුක්ත කොට ගැනීම අගය කළ යුතුය.එසේම මෙම නකතතාව සහා රාජ්‍ය සම්මාන පවා හිමිවීමෙන් මෙම නකතාවේ විශිෂට පව පසක් නොවන්නෙහිද?කෙසේ නමුදු නවකතාව මගින් පුළුල් වින්දනයක් ලැබීමට නම් මෙහි දෙවන කොටස වන මළවුන්ගේ අවුරුදු දා නවකතාවද කීයවිය යතුය.

No comments:

Post a Comment