Sunday, September 27, 2015

බයිලා චක්‍රවර්ති - එම් .එස්.ප්‍රනාන්දු







බයිලා චක්‍රවර්ති ලසින් විරුදාවලිය ලත්  මහගමගේ සැම්සන් ප්‍රනාන්දු  හෙවත් එම් .එස්.ප්‍රනාන්දු නම් වූ ආදරණීය කලාකරුවනන් වෙනුවෙන් කරනු ලබන උපහාරයක් ලෙසින් මෙම ලිපිය ලියා තබමි.ලංකාවට බයිලා කලාව හදුන්වාදෙනු ලැබුවේ වොලී බැස්ටියන් වුවද එය ලාංකීය රසිකයා අතර ප්‍රනප්‍රිය කරලීමේ පුරෝගාමී මෙහෙවර ඉටු කරන ලද්දේ ඔහු විසින් යැයි කීම වඩාත් උචිත යැයි හැඟේ.ඔහු විසින් ගායනා කර ඇති බොහෝ ගීතයන් සඳහා තනු නිර්මාණය මෙන්ම පද රචනාවද ඹහුගේය.එවැනි ප්‍රතිභාවක් කලාකරුවකුට හිමිවන්නේ නම් ඉතා කලාතුරකිනි.සිංහල ගීත කලාව දෙස බැලුවහොත් පෙනීයන්නේ තමන් විසින්ම පද රචනා කොට තනු නිර්මාණය කරන ලද්දාවූ එවැනි ගායකයින් සිටින්නේ නම් සීමිත පිරිසක් බවයි.



ඔහු තමාටම ආවේණික නර්තනයක් වේදිකාව තුළ ඉදිරිපත් කරමින් රසිකයාගේ සිත් තමන් වෙතට ඇඳබැඳ ගන්නට හේ සමත් විය.රන් වත බළෛන්නේ,ඹබ දකික දකින දිනක,කැකිරි පැලෙන ටිකිරි හිනාවයි,පෙම් ලොව නින්දෙදි ,සමරු පොතේ පිටු ගැලවී,මේ ඉරිදා ගිය ඉරිදා වාගේ,කොඩිගහයට මම,ඔබට තියෙන ආදරේ,මැණිකෙ මම,හහා හැඩයි රූපේ,යනාදී වශයෙන් දැක්විය හැකි ගීත බොහොමයක් රසික සිත් සතන්හි නොමැකෙන සටහන් තබා හමාරය.පසුබිම් ගායකයෙකු ලෙසින් සිනමා නිර්මාණයන් සඳහා ගීත ගයා ඇත්තේ සිංහල සිනමාටට නව ජීවයක් සපයමිනි.
තම ගීතයන් සමඟින් විදේශ රටවල් ගණනාවකම සංචාරය කරමින් තම බයිලා රස විදෙස් රසිකයන්ටද මුසුකළේ ලාංකීය නාමයද සනිටුවහන් කරලිනි.එසේම ඔහුට භාෂා 05 කින් ගීත ගැයීමේ සුවිශේෂී හැකියාවක් ද වීය.


ඔහුගේ ගීත සඳහා එදා මෙන්ම අදද රසික ප්‍රතිචාරයන් නොඅඩුවම ලැබෙන්නේ ඔහු ගේ හඬෙහි අමරණීයත්වය නිසා නොවන්නෙහිද?වත්මනයේ  නවකයින් ඔහුගේ ගීතයන් ගැයීමට ප්‍රිය කරනුයේද එහෙයිනි.නමුත් කණගාටුවට කරුණනම් වත්මනයේ ඇතමුන් අදාළ ගීත එම්.එස්.ගේ ගීතයන් බව නොදැන සිටීමයි.ඇතමුන් සිතා සිටින්නේ එම ගීතයන් රියලිටි වැඩසටහනකින් ආ නවකයෙකුගේ බවයි.එය කණගාටුවට සේම  හාස්‍යයට ද කරණකි.එලෙසින් සිතීමට  හේතුව වන්නේ ඔහු අදාළ තරඟාවලිය තුළ  වැඩිවශයෙන් එම්.එස් ගේ ගීතයන් ගායනා කිරීමයි.එපමණක් නොව ඔහුට හිමිව තිබෙන්නා වූ චක්‍රවර්ති යන්න දඅදාළ ගායකයාට ඇතමුන් අවිචාරයෙන් යුතුව යෙදීමට පටන් ගෙන ඇති බැව් පෙනේ.බයිලා චක්‍රවර්තින් සිටිනු හැක්කේ එක් අයකුය.ඒ එම්.එස් පමණකි.
ඔහු කළ සේවය ඇගයුමට ලක් කරමින් ඔහුට 1973 වර්ශයේ රන් නෙළුම සම්මානය ද හිමි වේ.ඒ ජනාධිපති විලියම් ගොපල්ලව අතිනි.මෙම විශිෂට ගායකයාණන් 1994 වර්ෂයේ රසිකයාගෙන් වෙන්ව ගියද ඔහුගේ සුමිහිරි ගීතයන් රසකයින් තුළ තවත් බොහෝ කාලයක් පුරවට රැදෙනු නියතය.


No comments:

Post a Comment