මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න
ප්‍රේමය නමැති ආත්මීය බැදිම කිසිදා වියපත්
නොවන්නකි.මන්ද එය සිත තුළින් උපත ලබන්නක් බැවිනි.ගත දිනෙන් දින වියපත් වුවද සිත
එලෙසින් වියපත් නොවේ.එහෙයින්ම ගතෙන් වියපත් වූ පුද්ගලයෙක් තුළ වුවද ප්‍රේමය හටගත
හැක.එසේ ගතෙන් වියපත් වූ පුද්ගලයෙක් තුළ හටගන්නා ප්‍රේමනීය හැගීමක් මෙම ගීතය
තුළින් නීරූපිතය.
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
ඔහු පෙම් බඳිනුයේ රොස මලකටය.එනම් වයසින්
නොමේරූ පාබාළ තරුණියකටය.පුංචි රෝස මල යන්නෙන් ඇයගේ ළබාළ බව මොලොක් බව,නිර්මලත්වය
සංකේතවත් වේ.නමුත් මොහු කවරෙක්ද?මොහු වියපත් බබරෙකි.ගැටළුව ඇත්තේ එතනය.ඔහු වයසින්
මේරූ අයෙකි.සැබවින්ම ගැටළුව ඇත්තේ ඔහුට නොව සමාජයටය.ඔහු වියපත් වුවද ඔහුට ඔහු
බබරෙකි.නමුත් සමාජයට අනුව වියපත් පුද්ගලයෙක් පමණි.කෙසේ නමුත් ඈ ලිඵිබඳ ඔහු තුළ ඇති
වී ඇත්තේ ප්‍රේම සිතුවිල්ලක් පමණි.ඔහුගේ සිතුවිල්ල දන්නෙද ඔහු පමණකි.මේ කිසිවක්
තරුණිය නොදනී.තමාව ඇය සිහිනෙන් වත් නොදකින බැව් ඔහු හොඳින්ම දනී.කොටින්ම කියතොත්
මේ හාන් කවිසියක්වත් ඈ නොදනී.ඇතැම් විට ඈට පෙම්වතකු සිටිනවාද විය හැකිය.
කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න
රාත්‍රිය වෙළාගන්නා ඝන කළුවර බිඳිය හැක්කේ
සඳට පමණකි.මොහුගේ දිවියද ප්‍රේමයක් නොමැතිව ඇත්තේ අඳුරෙහිය.ආලොකයක් හෝ සැනසමත් එහි
නැත.එහි ඇත්තේ හාත්පස වෙලාගත් ශෝකය පමණකි.එකී අඩුව දුරලිය හැක්කේ ඇයට
පමණකි.එහෙයිනි ඈට කරනා මේ සොඳුරු ප්‍රේම ආරාධනාව.ඇය තම සමීපයට එන්නේ නම් මෙතෙක්
නොකී කවිය ,එනම් ප්‍රකාශ නොකළ එහෙත් ඔහුගේ සිතෙහි ලියලා වැඩෙන ප්‍රේමය ඇයට කීමට
ඔහු සැදී පැහැදී සිටී.ආදරය යනු ලියා අවසන් කළ නොහැකි සොඳුරතම කවියක් නොවෙද?ඔහු තම
සිතේ ඈ පිළිබඳ එටගත්තා වූ ප්‍රේමය කියන්නට මඟබලා සිටින්නේ මහත් ආශාවෙනි.නෙසෙ නමුත්
තමන්ගේ ප්‍රේමය ඈ ප්‍රතික්ශේප කරද තමා ඇයට වෛර නෙකරන බැව් ඔහු කියන්නේ දැඩි
උපේක්ෂාසහගක සිතකිනි.ඒ වනාහි ඔහු තුළ පැවතියා වූ උත්තරීතර ප්‍රේමය නොවන්නෙහිද?
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න
.තමාගේ එහවත නමැති පුංචි නවාතැනේ ඔහු ඇයටත්
ඉඩක් වෙන්කොට ඈ එනතුරු බලා සිටියි.ඈ කොයි මොහොතක හෝ එහි ඇවිදින් සැරසරාවි යන
අපේක්ෂාවෙන් සිටින ඔහු තම හඳෙහි කවුළු පියන්පත් විවර කොටගෙන ඈ එනතුරු බලා සිටියි.ඈ
නෑවිත් සිටියද ඈ සමඟින් කිසිදා තරහ වන්නට තරම් ඔහු සතුව දැඩි සිතක් නැත.ප්‍රේමය
ඉදිරියේ ඔහුද ළමාම පුද්ගලයෙකි.ඇතැම් අයට මෙය "නාකි විසේ" යැයි සිතෙන්නට
ද පුළුවන.නමුත් මා නම් සිතන්නේ මේ ඔහුගේ අහිංසක ප්‍රේමයක් කියායි.මන්ද එවැනි
සිතුවිල්ලක් ඕනෑම අයෙකුගේ සිතේ ඇතිවිය හැක.ප්‍රශ්නයකට ඇත්තේ එය කොතරම් දුරට සමාජයට
උචිත වේද යන්නයි.
මේ ගීතයට පාදක වූවා යැයි කියන සිදුවීමක් ද
පුවත්පතක පළවී තිබුණි.ලංකාවේ සිටි සුප්‍රකට ගායකයෙක්(ඔහුද වියපත් වූ අයෙකි)තමන්ගේ
බිරිදගේ වියෝවෙන් ශෝකයෙන් සිටියේය.මේ අතරතුර ඔහුගෙන් සංගීතය ඉගෙන ගැනීමට ආ
තරුණියකට සිතින් පෙම් බැද ඇත.එම සිදුවීම මේ ගීතය රචනා කිරීමට හේතු වූ බැව්
කියවේ.එය කොතරම් දුරට සත්‍යයක්දැයි මා නොදනී
මෙම මියුරු ගීතයට තම හඩින් ජීවය දෙනු
ලබන්නේ විශාරද අමරසිරි පීරිස් මහතායි.මෙහි පදවැල් ධම්මික බණඩාරයන් ගෙනි.මෙයට
නාදරටා සපයනුයේ ඩෙනිස්ට පෙරේරා නම් සංගීතඥයා විසිනි.
No comments:
Post a Comment