Saturday, September 19, 2015

හන්තානේ කඳු මුදුන සිසාරා




හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //

තුන්මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැඟුනු සතුටු රළ
මිරිඟු සයුර විනි අතීතයේ //

පාළු නිසංසල කඳුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳුනු ඇසේ

පේරාදෙණි සරසවිය ස්භාව සෞන්දරත්වයෙන් අගතැන්පත් සරසවියකි.හන්තාන කඳුවැටිය,මහවැලි ගඟ තුරු ලතා,මහල් මේ සියල්ලම එහි සුන්දරත්වය අද්දීපනය කරයි.එකී සුන්දර්්වය,රමණීය බව ආදරවන්තයින්ට කදිම තෝතැන්නක් සපයයි.එකී පරිසරය  තරුණ තරුණියන්ට  ප්‍රේමනීය හැඟුම් දනවයි.එකී පරසරය සොඳුරු පෙම් බැඳුමකට අත වනයි.කෙසේ නමුත් සරසවිය පෙම්වතුන් එක්කිරීමට පමණක් නොව පෙම්වතුන් වෙන් කරලීමට හැකි බැව් නොරහසකි.මෙම ගීතයට විෂය වනුයේද සරසවිය තුළ අහිමි වී ගිය පෙම පිළිබඳ ශෝකයෙන් පසුවන පෙම්වතුගේ විරහ වේදනාවයි.

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //

මේ වන විටත් ඇය ඔහුගෙන් වෙන්ව ගොස් හමාරය.නමුත් තවමත් ඇගේ සුගන්ධය සරසවිය තුළඇත.එහෙයිනි ඔහු හන්තාන කඳවැටිය සිසාර හමන පහන් රොදක් වී එන්නට සිතනුයේ.එවිට වත් ඇගේ සිනිඳු පහස ,ඇගේ සුගන්ධය විඳගන්නට හැකි වෙතැයි ඔහු සිතයි.ඇය නවැතැන් ගෙන සිි නේවාසකාගාරය තුළ,ඇය නවාතැන් ගෙන සිටි කාමරය තුළ ඇගේ සුවඳ තවමත් ඇති බැව් ඔහු විශ්වාස කරයි.එහෙයිනි ඒ අසලම කුසුමක් වී ඉන්නට ිතනුයේ,නමුත් සැබෑ ලොව තුළ මේ කිසිවක් කළ හැකිද?නැත.එසේනම් ඔහුට ඇයව නැවත ලබාගත හැකිවේද?

තුන්මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැඟුනු සතුටු රළ
මිරිඟු සයුර විනි අතීතයේ //

තුන්මහලින් සැදුනා වූ  සරසවි පායත්,මල් කැටයම් සෙවණත් ඔුන්ගේ ප්‍රේමය සදා අනුස්මරණීය ස්ථානයන්වී හමාරය.සිරිපොද වස්සේ තෙමෙමින් මල් කැටයම් සෙණේ සිි ඔවුන් තුළ ඇති වූයේ සතුටු රළකි.රළ මනහා වෙරළේ ැපී බිඳ යන්නකි.ඔවනුගේ විවාහයට දසිදුවූයේ සයුරක රළ මෙන් බිදී යන්නට නොවේද?කෙසේ නමුදු එකී සතුටු රළ අතීතයට එක්වූ මිරිඟු සයුරක් විය.මිරිඟුව වනාහි මයාවක් මිස සැබෑවක් නොවන්නෙහි.දැන් නම් ඔහුට එම ප්‍රේමයද ඔහුඟේ සිත රැවටූ මායාවකි.එකී මායාවට ඔහු රිදවීමට හැකිවූවා නොවේද?


පාළු නිසංසල කඳුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳුනු ඇසේ
අද කඳුවැටි පාළුව රජයයි.මන්ද අද ඔහුට එහි යන්නට ඈ නැත.ඈ නැති තැන ඔහු ගොස් කුමක් කරන්නද?එදා ඔහුන් කල් ගෙවූ මහවැලි ගං ඉවුරේද තත්වය එසේමය.අද ඔවුන් දෙදෙනාම එහි නැත.කි ඉකි බිඳමින් හඩුයේ ඔවුන් පැතූ පැතුම්ය.ඉකි බිඳනුයේ අත්තටු සිඳගත් විහඟයන් විලාසයෙනි.අත්තටු සිඳුණු කල විහඟයන්ට පියාඹා යා නොහැක.හැක්කේ ඉකි බිඳමින් හඬන්නට පමණකි.ඔවුන්ගේ ප්‍රේමයේ කල දසාවද එයම නොවන්නෙහිද?
ආචාර්යඅජන්තා රණසිංහයන්ගේ පන්හිඳෙන්ද,ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ස්වර රචනවෙන්ද පණ්ඩිත්අඑරදේවයන්ගේ අති මනෝහර හඬින්ද නිර්මිත උක්ත ගී කාව්‍යය විප්‍රලම්භ ශෟංගාරයෙන් පෝෂිතය.


No comments:

Post a Comment