අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ
දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ
රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ
ලෝක කම්කරු දිනය යෙනුවෙන් රඹුක්කන සිද්ධාර්ථ
හිමි අතින් ලියැවුණු මෙම ගීතය වැඩකරන ජනතාවගේ
වෙනුවෙන් ලියැවුනකි.යතිවරයෙකු වුවද එතුමාණෝ කම්කරුවන්ගේ අගය මැනවික්
වටහාගෙන ඇත.කම්කරු ජනතාව උදෙසා ලියැවුණු ගී පද රචනා අතලොස්ස අතර ඉහළින් තැබිය හැකි
ගීතයක් ලෙසින් මෙම ගීතය හඳුන්වා දිය හැක.ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මීට අද්විතීය
ස්වර රචනාවක් සපයමින් දායක වූ අතර වැඩකරන ජනතාව වෙනුවෙන් තම හඩ නඟන්නේ ටී.එම්
.ජයරත්නයන් විසිනි.
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ
කම්කරු ජනතාවට වැස්ස මෙන්ම අව්වද එකසේ හුරු
පුරුදුය.වැස්සට තෙමෙනා ඔවුන් අව්වට වේලෙයි.මේ දෙකෙන්ම පීඩාවිඳිනුයේ කම්කරුවන් විනා
පාලකයන් නොවේ.නමුත් එසේ බීඩාවන්නේ පාලතයින්ට නැතහොත් ධනපතියන්ට මන්දිරයන් තැනීමට
නොවන්නෙහිද?ඔවුන්ගේ
සවිමත් දෑත නොවන්නට රටක් කිසිදා ගොඩනැඟිය නොහැක.මෙය රඹුක්කන හිමි වටහා ගත්තද
රජදරුවන්ට නම් කිසිදා නොවැටහේ.මන්දිර තුළ සුඛවිදිනා ඔවුන් කෙසේ නම් කම්කරු වන්ගේ
ලේ,දහඩිය සුවඳ
හදුනාගම්ද?කමකරුවාගේ
මලගම දින කඳුළක් හෙළන්නට නොව මැදුරෙහි සුදු කොඩියක් වත් එල්ලීමට රජ දරුවන්ට
වැරදීමකින්වත් සිහි නොවේ.එය වූ කලී කම්කරුවන්ට තමා කළ සේවය වෙනුවෙන් ලැබෙනා ප්‍රතිලාභයයි.ධනපතියන්ට
ඔවුන් හුදු වහල්ලුන් විනා මනුෂ්‍යයින් නොවේ.
දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ
මහ වැව්,දාගැබ් ,මහා මාර්ග,වෙහෙර විහාර ,කලා නිකේතන
යනාදී සියල්ලම මේ ධරණී තලය මත ගොඩනැඟුනේ කම්කරුවන්ගේ විශ්මිත දෑතිනි.ඒ සෑම දෙයකම
කම්කරුවන්ගේ දහඩිය සුවඳ මෙන්ම කඳුළද සැඟවී ඇත.ඔවුන්ගේ සවිබල දෑතිනි.ශවුන්
නොසිටින්නට මේ ලෝකය මෙතරම් අපූර්ව තැනක් නොවන්නට ඉඩ තිබුනි.අප එදා සිට අද වනතුරු
එකී විශිමිත නිර්මානයන් පිළිබඳ කතාබහ කළද එය ගොඩනැඟීමට ලේ දහඩිය වැපුරූ කම්කරුවන්
එකකු ගැන හෝ කතාබහ කළෙහිද?ඔවුන්ටත්,ශනුක්ගේ දූ
දරුවන්ටත් රජ මැදුරෙහි දොරපු කිසිදා විවර වුයේ නම් නැත.අතීතයේ මෙන්ම වර්තමානයේද
තත්වය එසේමය.අනාගතයේද තත්වයේ වෙනසක් විය හැකිද?
රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ
රජ පැටවුනට රජ සැපවිඳීමට මහා මන්දිර තැනුයේ
කම්කරුවන්ය.රජ පැටවු අවුවෙන් වැස්සෙන් වන පීඩාවන්ගෙන් වළකාලීමට කම්කරුවෝ අව්වෙන්
වැස්සෙන් පීඩා විඳිමින් මාළිගා තැනූහ.රජ පැටවු ඔවුන් තැනූ මන්දිරයන්ට වී නැටුම් ගැයුම් බලමින් මධුවිත
තොලගාමින් සතුටින් සිටිද්දී කම්කරුවේ තුසට හරියම් අහරක් වත් නොමැතිව පැල්පතට වී
දුක් සුසුම් හෙළමින් සිටී.එනමුදු ඔවුන් විඳිනා දුක දැකගැනීමට රජ දරුවන් කිසිදා
පැල්පතකට වැඩියේම නැත.එය වූ කලී රජ පැටවුන්ගේ කෘතගුණ සැළකීමයි.
No comments:
Post a Comment