Saturday, September 19, 2015

සිහිනය මිය යා යුතුය මේ ලෙසින්





සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

අප පතන්නා වූ ප්‍රේමය අපට සැමවිටම ලැබෙන්නේ නැත.එලෙසින් අපටලබාදීමට තරම් සමාජය කාරුණික ද නැත.ඇතැම් පෙම්වතුන්ට නන්නාදුන අය ලෙසින් දෙපසට වී සිටින්නටය.ඇතැමුන්ට ආදරවන්තයින් ලෙස කල්ගෙවන්නට භාග්‍යය නොලැබුනද මිතුරන් ලෙසින් කල්ගෙවන්නට හැකිවේ. මිතුරන් ලෙසින් කල්ගෙවන ඇතමුන් එය ප්‍රේම සබඳතාවයකට පෙරලන්නට වෙර දැරුවද එය සැමටිම සාක්ෂාත් නොවේ.මෙ කිනම් අයුරකින් පෙම අසාර්ථක වුවද හටගන්නේ දුකකි.මෙම ගීතය තුළින්ද වහනුයේ වන්නේ එක්වීමට නොහැකි වූ තරුණයකුගේ හා තරුණියකගේ දුක්මුසු හැගුම් සමුදායයි.
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//
තරුණියය ගීතය ආරම්භයේදීම තරුණයාට කියනුයේ,මිතුරුදමක් මිස ප්‍රේමනීය හැඟුම් ඔහුගෙන් බලාපොරොත්තු නොවන බවයි.සැබවින්ම ඇය තුළ ප්‍රේමණීය හගුම් නොමැති නිසා ඇය ඔහුගේ ප්‍රෙමය ප්‍රතික්ෂේප කරනවා විය නොහැකිය.ඇය රසේ කීරීමට බලකරන බාහිර බලපෑම් ඇතුවා විය හැකිය.තෙසේ නමුත් ඇය පෙමින් බැඳෙන්නට අකමැති වුවද ඇය ඔහුට මිත්‍රත්වයේදෑත දිගු කරලීමට එකසිතින්ම සැරසී සිටී. ඔහු ඈත සමුදුරේ යාත්‍රා කරනු ලබන නෞකාවක් නම් ඇය පහන් කණුවක් වී ඔහුට මඟ පෙන්වන්නට සැදී පැහැදී සිටී.නමුත් පහන් ටැඹට ආලෝකය සැපයිය ැකි වුවද පහන් ටැඹ පාමුල අඳුරුය.ඇයට ඔහුගේ දිවියට ආලෝකයක් සැපයිය හැකි වුවද ඇයට ඇගේ දිවියට ආලෝකයක් සපයා ගත හැකිද?ඇගේ දිවියද පවතන්නේ එකී අඳුර තුළයි.එකී අඳුර වනාහී ඇ පවතින්නා වූ ශෝකය හැර න් කුමක්ද?.
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//
යන පාද දෙකෙහි තවත් අර්ථයක් ඇතැයි මට හැඟේ.එනම් ඔහු ඈත සමුදුරේ නෞකාවකටත් පහන් ඇය ටැඔටත්
තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
ඇගන් ඔහු මිතුදට එහාගිය පෙම් බැඳුමක් අපේෂිතය.එකී සහිනය ඉටු නොවූ තැන ඔහුට ඇගේ මිතු දමින් ලක් තුවා විය හැකිය.ඔහු පෑරුණු සිතද දැඩි කොටගෙන තරු එළියේම තම ජීවන ගමන
ඔවුන් දෙදෙනා යළි කසිදිනක මුණ නොගැසෙන බව ඔහු හොඳින්ම දනී.දෙදෙනා එක්වීමේ සිහිනයද යථාර්ථයක් කරගැනීමට අසීරු බැව් ඔහු තම බුද්ධයෙන් වටහා ගැනීමට සමත වී ඇත.එහෙයින් ඔහු එම සිහිනයට උපතේදීම මිය යන්නට හරනුයේ.එකී වේදනාව ඔහු උපේක්ෂාවෙන් යුතුව දරාගනී.ඔහ තුළ ඇය කරේ ද්වේෂයක් නැත.මෙය වූ කළී පෙම්වතකුගෙන් බරාපෙරෛා්ත්තු වීමට අසීරු එනමුත් තිබිය යුතු ගුණාංගයකි.නූතන පෙම්වතුන්තුළ නැත්තෙද මෙයමය.
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
හිරැ ගීලී යන මොහොතක එනම්සැන්දෑ කලක හුදෙකලා වී,පාළුවෙන් වියුරු වී ඉකිබිඳමින් හඬන්නට ඇගේ නෙතද,සිතද දැනටමත් සූදානම්ය.මෙයින් ඈ තුළ ඔහු කෙරෙහි පැවතියා වූ ප්‍රේමය මෙන්ම ඈ හඳ තුළ පිරී පවතින්නා වූ ශෝකයද ධ්වනිත වේ.ඔහුගේ රුව ඇයට ප්‍රිය දසුනකි.නෙතු නිරන්තරයෙන් සොයන්නට වෙහෙසනයේ ඔහුගේ රුවයි.නමුත් ඇයට දකින්නට පතන්නේ දුරින් මිස සමීපයෙන් නම් නොව..මන්ද ඔහුට ඔහුට ලංවීමට ඇයට අවැසි වුවත් තමාට ඊට ඉඩක් නෙලැබෙන බැව් ඇය හොඳින්ම හෙයිනි.
මෙම ගීතය ගනු ලබන්නේ ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර යන දෙපළයි.ඔවුන් දෙදෙන ඉතා රමණීය අන්දමින් මෙය ගායනා කරනු බයි.මෙම ගීතයේ ස්වර රචනාව රෝහණ වීරසිංහයන්ගෙනි.ගේය පද රචනාව කපිල කුමාර කාලිංගගෙනි.



No comments:

Post a Comment