Saturday, September 19, 2015

සොදුරිය මට‍ නොකියාම ගියා...






පෙම්වතුන් දෙදෙනකුට වෙන් වන්නට සිදු වුවත්,ඔවුන්ට සිත සිත සනසගන්න අවස්ථාවක් තිබෙනුයේ, ඔවුන් දෙදෙනා කොතැනක හෝ හොඳින් සිටීවි යන බලාපොරොත්තුව දෙදෙනාම තුළ තිබෙන හෙයිනි.නමුත් තමන් පෙම්කල යුවතිය මියගියහොත් පෙම්වතකු කෙසේ නම් දරාගන්නද?නමුත් ජීවතය යනු මේ අස්ථිර ලොවේ තවත් ස්ථිර නොවන දෙයක් පමණි.සියල්ලෝම තාවකාලික ලැගුම් කරුවන් පමණකි.සැමටම කෙදිනක හෝ මෙම තවාතැන්පොළ අතහැර දමා යෑමට සිදුවේ.එසේ  යන්නට සිදුවන්නේ මෙතෙක් තමන් ආදරය කළ සියල්ලම අතහැර දමාය.මෙම ගීතයේ කථක පෙම්වතාගේ පෙව්වතිය ද ඔහු හැර දමා ගොස් ඇත.ඒ හේතුවෙන් දුකට පත් පෙම්වතාගේ ශෝකී මනෝභාවයන් මෙම ගීතයෙන් නිරූපිතය.

එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමනක
සොදුරිය මට‍ නොකියාම ගියා...

එදා සිට අද තෙක්ම එනම් ඇයට තමා ජීවත්ව සිටින තුරාවටම කදුළු හෙලන්නට තිබූ දෑස අද වැසීගොසිනි.ඇය දෑස් පියා අවසන් ගමන් යන්නේ ඔහුගේ දෑසට කඳුලට විවර කර දෙමිනි.ඇය සිනහවුණු රත් දෙතොල වැසී ගොසිනි.රෝස පැහැති වූ දෙකොපුල් සුදුමැලි වී ගොසිනි.සොදුරිය මට‍ නොකියාම ගියා යන්නෙන් එය ඔහු කිසිසේත්ම අපේක්ෂා නොකළ එකක් බැව් පෙනේ.

දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් සිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කදුලක්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවදින්...

ඇග් වියෝව ඔහුට කිසිලෙසකින් වත් වාවා ගත නොහැකිය.ළයේ තෙරපෙන ශෝකය කඳුළු කැට  ලෙසින් ඔහුගේ සෑස් අගින් ගලායයි.ඇගේ නිසල දේහය වටා කවුරු නම් සිටියාට ඔහුට කම් නැත.ඇගේ මුවට උඩින් පහත්වෙන්නට ඔහුට සිත් දෙයි.ඈ මෙලසින් ඔහුගෙන් ශාරීරිනව වෙන්ව ගියද මනසින් සැමදා සිටිනු ඇත.ඇගේ මතකයන් ඔහු අසලින් නිරන්තරයෙන් සිටිනු ඇත. ඈත් නොවේමයි ඒ සුවදින්...යන්නෙන් ඔහු කිසිදා ඈ පිළඉඳ මතකයෙන් ඈත් නෙවන බැව් ගම්‍ය වේ.

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් ඒ සොදුරියෙ ඔබ නැත
ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...


. ඊයේ ඉපදී අද මිය යන්නට යන්නේ ඇය ගත කළා වූ කෙටි දිවිය සේම ඔහුට ඇගේ වියෝව අදහාගත නොහැක්කක් බැව් ගම්‍යමාන නොවන්නෙහිද?ඈ සමඟින් යළි ඉපදෙන්නට ඔහු පතයි.ඒ හැර ඔහු අන් කුමක් කරන්නද?
මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ ගායන විලාසයෙන්ද විමල් ජයශාන්තයනගේ





No comments:

Post a Comment