දවසක් පැල
නැති හේනේ
අකාල මහ වැහි
වැස්‌සා
තුරුලේ
හංගාගෙන මා
ඔබ තෙමුනා
අම්මේ
පායන තුරු
හිටි පියවර
හිටියා ඔබ
අම්මේ
නුවර වීදි යට
කරගෙන
නින්දා වැහි
වැගිරුණදා
බිරිඳකගේ
සෙනෙහේ ගියා
යෝද ඇළේ
නැම්මේ
නුඹ සෙනෙහස
සුවඳ දිදී
දැනුනා මට
අම්මේ
කොළඹ අහස
කලුකරගෙන
මුහුදු හුළඟ
අඩලනකොට
ඔටුන්න බිමදා
දුවගෙන
එන්නද එක
පිම්මේ
මං එනතුරු
ඉඳිකඩ ලඟ
ඉන්නවාද
අම්මේ.......
සිංහල ගීත
සාහිත්‍යෙය් එතෙක් මෙතෙක් බිහිවූ මව්
ගීතයන් අතුරින් ඉතා විශිෂ්ට මවුගුණ ගීයක් ලෙසින් මෙම ගීතය හඳුන්වාදිය හැකිය.මව
වෙනුවෙන් කළ හැකි උපරිම උපහාරය මෙම ගීතය මඟින් පුද කර ඇත.
දවසක් පැල
නැති හේනේ
අකාල මහ වැහි
වැස්‌සා
තුරුලේ
හංගාගෙන මා
ඔබ තෙමුනා
අම්මේ
මෙම ගීතය අපට
බෞද්ධ සාහිත්‍යයයේ එන පටචාරව සිහි කරයි.දිනක් තම මාපියන් බැලීමට ගිය ඈද මහ
වරුසාවකට හසුවිය.ඈ තම දරුවන් වැස්සට නෙිතෙමෙන පරිදි රක්ෂා කළේ ඈ මහ වරුසාවට
තෙමෙමිනි.මෙම ගීතයේ එන කථකයාගේ මවද එවැනි උත්තරීතර මාතාවකි.පැල නැති හේන යනු
සංකේතයකි.එය පියා නැති ඔවුන්ගේ අනාරක්ෂිත ජීවිතය සංකේතවත් කරන්නකි. පටාචාරව මෙන්ම මෙම කථකයාගේ මවටද මුහුණ
දුන්නේ අකාල මහ වරුසාවකි.එය ආර්ථික දුෂ්කරතා,නින්දා,අපවාද වැනි නොයෙකුත්දේ ඔවුන්
වෙතට රැගෙන ආවකි.පියෙකු නැති නිවසට එල්ල වන කරදර හිරිහැර මෙතෙකැයි කියා කිව
හැකිද?නමුත් ඈ ද අතීතයේ පටාචාරාව තම තුරුලේ දරුවන් සඟවාගෙන ඔවුන් රක්ෂා කළා සේම මෑ
ද එකී අඟහි ඟකම් නමැති වැස්සෙහි තෙමෙමින්,ඪට හොඳහැටි හෙම්බත් වෙමින්,කථකයා එකී
කම්කොටළු වලින් සඟවාගෙන ඔහු රක්ෂා කළේය.
පායන තුරු
හිටි පියවර
හිටියා ඔබ
අම්මේ
නුවර වීදි යට
කරගෙන
නින්දා වැහි
වැගිරුණදා
බිරිඳකගේ
සෙනෙහේ ගියා
යෝද ඇළේ
නැම්මේ
නුඹ සෙනෙහස
සුවඳ දිදී
දැනුනා මට
අම්මේ
ඈ එසේ කළා
පමණක් නොව,එකී අකල් මහ වරුසාව පායන තෙක්ම ඔහුගේ ළඟින්ම නොසෙල්වී සිටියාය.ඔහු
ජීවිතයේ හිණිපෙත්තටම නැඟිනා තුරුම ඔහු පසුපසින් හෙවණැළ්ලක් සේ ඈ සිටියාය.ඔහුගේ
ජීවිතයට නැවතත් අකල් වරුසාවක් ඇඳ හැලේ ඒ වනාහි නින්දා වරුසාවකි.සුකේදී මෙන්ම
සැපේදී මව ඔහු අසළින්ම සිටියාය.මවගේ උත්තරීරත්වය කවියා අපූරුවට උද්දීපනය කර
ඇද්ද?එදා මෙන් ඔහු එකී වැස්සෙන් සඟවාගෙන රක්ෂා කරන්නට මව නැත.ඔහු ළඟ මෙදා සිටිනුයේ
බිරිඳයි.නමුත් ඔහු සමඟින් එකී නින්දා අපවාදයන්ට මුහුණ දීමට ඈට සවියක් නොවීය.
කථකයාඟේ දිවියට ඇඳ වැටුණු නින්දා මහ වැස්සේ ඇගේ සෙනෙහස ද ගසාගෙන ගියේ කථයාද අසරණ
කරමිනි. බිරිඳකගේ
සෙනෙහේ ගියා යෝද ඇළේ නැම්මේ අපූර්ව කාව්‍යෝක්තියකි.ක්‍රමයෙන් කථකයාට අහිමි වී ගිය
තම බිරිඳගේ සෙනෛහස එමඟින් ධ්වනිත වේ. බොහෝවිට යම්කිසි දෙයක අගය වඩාත් හොඳින් අපට
දැනෙනුයේ එය අපට අහිමි වී ගිය කල්හිය..කථකයාට තම මවගෙන් ලද සෙනෙහසෙහි අගය එදාටත්
වඩා හොඳින් මෙදා දැනේ.එහෙත් ඔහුගේ හිස අතගාමින් ඔහු සනහාලන්නට මව ඔහු ළඟ නැත.
කොළඹ අහස
කලුකරගෙන
මුහුදු හුළඟ
අඩලනකොට
ඔටුන්න බිමදා
දුවගෙන
එන්නද එක
පිම්මේ
මං එනතුරු
ඉඳිකඩ ලඟ
ඉන්නවාද
අම්මේ.......
අනෝරා
වැස්සෙන් බැට කා හෙම්බත් වී සිටින ඔහුගේ දිවියට නැවත්ත් වැස්සක් සම්ප්‍රාප්ත වීමට
නියමිතය.කොළඹ අහස කලුකරගෙන,මුහුදු හුළඟ අඬලන කල ඔහුට ඇදහැලෙන්නට යන වැස්ස
දැනේ.එනමුත් ඔහු රැකලන්නට ඔහු අසල කිසිවෙකු නැත.එහෙයිනි මවගේ සෙසෙහසේ සුවඳ සිහිවී
එක පිම්මේ මව තුරුලට දුව යන්නට සැරසෙන්නේ.ඔහු මව් සෙනෙහස නැවත විඳගන්නට යන්නේතමා මෙතෙක් අත්පත්කරගෙන
තිබෙන්නා වූ ධනයථබලය,කීර්තිය යන මේ සියල්ලම අතහැර දමායතඒ කිසිවකින් ඔහුට ඵලක්
නැත.ඒ කිසිවකට මව මෙන් ඔහු රැකගන්නට නොහැනි විය.මේ වනාහි අප මුහුණ දී තිබෙන
ජීවිතයේ කටුක යථාර්ථය නොවන්නේද?කවියා එකී දාර්ශනික චින්තාව අපට හෙළිකරණුයේ
මුණිවරයකු මෙනි.මෙහි කථකයා පිළිබඳ විමසන කල්හි අපට මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ නම්
පද්‍යයේ එන ප්‍රබුද්ධ සිහිවේතඔහු ධනය ,කීර්තිය තමා අත්පත් කරගෙන සිටි හරසුන් දේ
අතහැර තමා මවගේ සෙසේහසේ සුවය විඳගන්නට එන්නේ මෙහිකථකයා මෙනි.නමුත් ප්‍රබුද්ධ එන කල
ඔහු පෙර මෙන් තුරුළට ගෙන සනසන්නට ඔහුගේ මව ජීවතුන් අතර සිටියේ නැත.කෙසේ නමුත් මෙහි
කථකයා තම මවගෙන් විමසා සිටිනුයේ පෙර මෙන් තමා එනතුරු ඉඳකඩ ළඟ ඉන්නවාද?
කියායි.ඉඳිකඩ ඔහු අතීතයේ ජීවත් වූ සොඳුරු ග්‍රාමය සිහි කරයි.
රණ්බණ්ඩා
සෙනෙවිරත්න කවියා අතින් ලියැවුණු මෙම ගීතය සංගීතවත් කරමින් ගායනා කරනුයේ සිංහල
ගීතයේ නොමැකෙන සටහනක් තැබූ විශාරද ගුණදාස කපුගේ සූරින් විසිනි.මෙකී මණරම් ගී කාව්‍යය
අරධයා අප හද කම්පා නොකරයිද?
No comments:
Post a Comment