Sunday, September 27, 2015

සුදු නෙළුම කෝ





         
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා


සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා




පොහෝ දින මල් විකුණමින් ජීවිකාව ගෙන ගිය පාසල් දැරියක් දියේ ගිලී මරණයට පත්වීම මෙම සඳහා රත්ක ශ්‍රී වස්තු විෂය කොටගෙන ඇත.මෙය ඔහු ලද සැබෑ අත්දැකීමකි.ඔහු පාසල් ගුරුවරයකු ලෙසින් සේවය කරන කළ එම පාසලේ සිටි දැරියකට සිදුවූ ඛේදනීය සිදුවීමක් මේ සඳහා ඔහුට පාදක වී ඇත.



සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ
.වැවට ගොස් මල් නෙළා විකුණූ ඇය අද නැත.එයින් සංවේගයට පත් කථකයා යනුවෙන් විමසනුයේ ඇය කොහිද යන්නයි.සුදු නෙළුම යන්නෙන් සංකේකවත් කරනුයේ සුදු ඇදුම වෙනදා පාසැල් පැමිණි දැරියයි.එසේම සුදු පැහැයෙන් කථකයා හදතුල පැන නැඟි ශෝකය ද නිරූපිතය.ඇය මල් නෙ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා
මෙම කොටසින් ඇයට සිදූවූ ඛේදවාචකය ස්භාධහමද ඇසුරු කොටගෙන ශෝතී රසයක් ජනිත වෙන අයුරින් නිරූපණය කිරීමට රත්න ශ්‍රී කවියා සමත් වී ඇත.වැටට කලුවර යා වුනා යන්නෙන් ඇයට මුහුණ දීමට දීමට සිදුවූ ඛේදවාචකය සංකේතවත් කරයි.ඇයගේ වියෝ දුක සංසාරය පුරාවටම එඳ තුළ පවතිවී යැයි කථකයා විශ්වාස කරයි.ඇය නෙළා අතේ ගුලිකරගෙන තිබූ නෙළුම් මල් මිට ඇගේ සුරතින් ගිලිහිය.එම මල් මිට පමණක් එහා ඉවුරට පාවිය.මෙම සිදුවීම සහෘදයාගේ හද තුළ හඳකම්පා කරලන අයුරින් ඉදිරිපත් කරලීමට රත්න ශ්‍රී සමත් වනවා පමණක් එම සිදුවීම සහෘදයාගේ සිතෙහි ඇදෙන ලෙසින්ද ඉදිරිලත් කරලීමට සමත් වී ඇත.ඒ සඳහා ස්භාවදහමද රත්න ශ්‍රී උපයුත්ත කොටගෙන ඇත.


සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා
සිහින් සිරිපොද වැටේ. ඉවුර නමැති දෙකොපුල සේදී යයි.වැවේ මල් නෙළීමට ගිය සුදු නෙළුමට සිදුවී ඇත්තේ කුමක්ද?සුදු නෙළුම දියේ ගිලී දෑස් පියවී නිසලව මෙහා ඉවුරට පාවී ඇත.සුදු නෙළුම ජීවිතය හැරදා ගොස් ඇත.ජීවිතය ජීවත් කරලීමට ඇයට උපකාරීකළ ඒ වැවම අද ඇගේ ජීවිතය ගෙන ඇත.මෙම සිදුවීම එවකට කරුණයකු වූ රත්න ශ්‍රී කවියාගේ හද තදින් කම්පාකළ සිදුවීමක් විය.එම සිදුවීම නිසා එටගත් ශෝකයෙන් නිර්මාණ ආවේශය ලද ඔහු මෙම පාසැල් දැරියට සිදුවූ දුක්ඛිත ව්‍යසනය තම පන් හිඳෙන් කවියට නඟයි.කොතරම් සංවේදී වස්තු විෂයක් ලදද නවියා සතුව ප්‍රතිභාවක් නොමැතිනම් එය නිර්මාණයක් ඉවට පත්කළ නොහැත.එනයින් බලන කළ රත්න ශ්‍රී නවියාට එම වාසනා ගුණය ඉහළින්ම ඇතැයි කීම අතිශෝක්තියක් නොවන්නේය.

මෙම ගීතයේ ගේය පද රචනය රත්න ශ්‍රී විජේසිංහ කවියා අතින් ලියැවෙද්දී  ඊට සංගීතය ආචාරය රෝහණ වීරසිංහයන්ගෙනි.ඔහුගේ සංගීතය මෙහි තේමාව හා මැනවින් බද්ධ වී ඇත.එය මෙම ගීතයේ සාර්ථකත්වයට මනා පිටුබලයක් සපයයි.මෙම ගීතය ඉතා මනෝරම්‍ය හඬකින් ගායනා කරනු ලබන්න් පණ්ඩිත් අමරදේවයන් විසිනි.සංගීතය,ගායනය හා පද රචනය යන අංත ත්‍රිත්වයෙන්ම මනා සේ සාර්ථක වූ නිර්මාණයක් ලෙසින් මෙම ගීතය හැඳින්වි හැකිය.














No comments:

Post a Comment