Saturday, September 19, 2015

ශිල්ප සොඳින්...






ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ... //

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ

ශිල්ප සොඳින්...

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බමරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

ශිල්ප සොඳින්...//


තම පෙම්වතියගෙන් තාවකාලිකව හෝ වෙන්ව,එසේත් නැතිනම් ඈත්ව සිටීමට සිදු වූ කළ පෙම්වතකුතුළ කොතරම් වියෝ දුකක් හටගනීද?එකී අත්දැකීමට මුහුණ පෑ අවිහිංසක පෙම්වතකුගේ සිතට නැඟුණා වූ ශෝචනීය මනෝභාවයන් සමූහයක් මෙම ගීතය තුළින් ප්‍රකාශිතය.
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ... //

ඈ ඔහුගෙන් ටික කලකට සමුගෙන කොළඹට පිටත් වූයේ වැඩිදුර අධ්‍යාපන  උදෙසාය.ඔහු ද දුකින් හෝ ඊට මනාපය පළ කළේ ඇගේම අනාගත සුබසිද්ධිය උදෙසාය.ඇතැම්විට ඇය සරසවි අධ්‍යාපනය ලබාගැනීම උදෙසා විය හැකිය.ඇයට තමා ගමෙහි තනිකර දමා කොළඹ ඒමට ඉඩ දුන්නද ඔහු ඒ පිළිබඳ යටිහිතින් දුක්විඳී.එසේම ඈ පිළිබඳ ඔහු සිටිනුයේ බියෙනි.ඇය සුවෙන් පසුවනවාදැයි දැනගත නොහැකික ඔහු සිටිනුයේ ශෝකයෙනි.එදා ඈ සමඟින් කල්ගෙවූ ග්‍රාමය අද ඔහුට ශේෂ කොට ඇත්තේ,හුදෙකලාව පමණකි.එකී හුදකලාව විසින් ඔහුගේ සිත කුරිරු ලෙසින් තලා පෙලා දමයි!ඇය නොමැති නිසා ඔහුගේ සිත කොතරම් තැලී ඇද්දැයි යන්න ඔහුට ජීවත්වීමේ ආසාව පවා නොමැති බැව් කීමෙන් පෙනේ!. ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට යන්න ගැමි වහරින් උකහාගත්භාව පූර්ණ යෙදුමකි.ඒ තුළින්ඹහු  ග්‍රාමීය පෙම්වතකු බැව් ධ්වනිත වේ.එසේම ඔහු සතු ශෝකය කොතරම් දැයි හැඟීයයි.

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ
ගමේ මෙන් නොව කොළොම්පුරේ පෙම්වතුන් එළිමහනේ,නිදහසේ කල්ගෙවයි.ඒ සඳහා පෙම්වතුන්ට ඕනෑ තරම් ස්ථාන ද ඇත.ඈ සැන්දෑ කළ සැරසරන විට තරණු පෙම්වතුන් එකිනෙකාට තුරුළු වී ,පෙම්බස් දොඬමින් සිටිනු දකිනු ඇතැයි ඔහු බිය වෙයි.සේ සිටින්නටඇටත් සිතිනහොත්?කොළඹ වැනි නගරයන්හි විවිධාකාරයේ පුද්ගලයින් සටී.ඇතැම් තරණයින් රැවටීමට උපන් හපන්නුය.එසේ තරුණියන් ප්‍රේමයේ නාමයෙන් රවටා සිනමාහල් වලට,ලැඟුම්හල්වලට ගෙනගොස් ඔවුන් තරමං කොටදමා පැනයන්නටද ශූරයෝය.අවංක පුද්ගලයින් නොමැති බවක් මෙයින් අදහස් නොකරයි?නගරවල ඇතැම් ධනවතුන්ගේ සෙල්ලක්කාර පුත්‍රයින්ට ගම්වලින් පැමිණෙන අහිංසක යුවතයන් වනාහි කෙළිබඩුය.ගමේ හැඳී වැඩී ලෝකය පිළිබඳ කිසිවක් නොදන්නා ඔවුන් නගරවලට පැමිණි සැනින් එකී භක්ශකයින්ගේ  අමු ගොදුරු ලෙසින් දඬයම් වන්නේ ඉතා පහසුවෙනි.කොළඹට හා හා පුරා කියා පැමිණ සිටින ඇයටත් මේ ඉරණම අත්වුවහොත්?තමා කෙසේ නම් එය එක සිතින් විඳ දරා ගන්නද?එහෙයිනි ඈට තනියම නොයන ලෙසින් අවවාද දෙනුයේ!පැඟිරි වයසේ සිටිනා ඇය ඔහුගේ අවවාදයන් පිළිගනීවිද?කිරිකෝඩු යන්න ඈට කොළොම්තොට නුහුරු තැනක් බැව් කියන්නට යෙදුණු අපූරු යෙදුමකි.

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බමරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

ඇය නාමල් වියේ පසුවන්නයනි.එහෙයින් ඈ තුළ නාමල් සුවඳ නොහමයිද?එදා ඈ ගැවසුනු ඈ හමුවුණු  ඇළ ඉස්මත්තේ ද නාමල් සූවඳ වහනය වූවාය.එම සුවඳට වශී වී සිටි ඔහු, පෙර පුරුද්දට මෙන් ඇළ ඉස්මත්‍තේ සැරිසරනා ඔහුට පෙරදා දැනුනු නාමල් සුවඳ දැන් නොදැනෙයි.ඒ එහි දැන් ඈ නැති හෙයින් නොවන්නෙහිද?දැන් එම නාමල් සුවඳ දැන් එන්නේ කොළඹ දෙසිනි.ඇය යනෙනා වාරේ ඇඟන් එම සුවඳ හටගනු ඇත.එකී සුවඳට වශීවී ඇඟේ පහස විඳගන්නට බමරු ඇදේදෝයි ඔහු තුළ බිය හටගනී.ඇය සල්ලාල බමරකුට හසුවුවහොත් මහු කමුක් කරන්නද?මෙතුවක් කල් පණ මෙන් රැකගෙන ආපෙම නෙත් අයකු නිසා බිඳ ලන්නද?ඔහු තුළ හටගන්නා වූ බිය අසාධාරණ එකක් නෙිවන්නේ එහෙයිනි.

වසන්ත කුමාර කොඹවකයන්ගේ පද රචනාවෙන් ද විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ ගායන විලාසයන්ද,සුනිල් එදිරිසිංහයන්ගේ හා රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනාවෙන්ද නිර්මිත මෙම ගීතය සිංහල ගීතාවලිය පෝෂිත කරන්නක් ලෙසින් හැඳින්විය හැකිය.



No comments:

Post a Comment