Sunday, September 27, 2015

බොරදිය පොකුණට එබී බැලුවෙමි.



     



බොරදිය පොකුණ පිළිබඳ සමාජයේ විවිධ කතාබහ ඇති වී ඇත.එනමුත් ඒ කතාබහ තුළ ඇත්තේ ඇතැම් මනස්ගාතයන් බැව් බොරදිය පොකුණ නැරෂීමෙන් පසු මා හට සිතුණි.මා සමඟින් එය නැරඹු විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනා තුළ ද හ් පිළිබඳ නැරඹීමට පෙර තිබුනේ එකතරම් සුභවාදී ආකල්පයක් නොව.නමුත් එය නැරඹීමෙන් පසු ඔවුන්ද එම මතය වෙනස් කළේ මෙම සිනමා කෘතිය මඟින් ජීවිතයට ගත යුතු දෑ බොහොමයක් තිබේය යන අවසාව නිගමනයට එළඹෙමිනි.මා විසින් මෙම විචාරය මඟින් බලාපොරොත්තු වනුයේ මෙම දිනමා කෘතියේ එන ලිංගික ජීවිතය පිළිබඳ කරුණු වලින් තරමක් මෑත් වී මෙම කෘතිය මඟින් නිරූපිත ජීවිතය පිළිබඳ කතිකාව සැබෑ ජීවිතයට අදාළ කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ සලකා බැලීම හා මෙහි තිබෙන්නා වූ සිනමාත්මක වටිනාකම විමසා බැලීමයි.

මෙම සිනමා කෘතිය නිශ්පාදනය වූයේ 2002 වසරේ පමණ විය යුතුය.මා නිවැරැදි නම්//.එම වකවානුව වනාහි ඇගළුම් කම්කල්හි සේවයේ නියතු සේවිකාවන්ට සුබ කාලයක් නම් නොවූ බැව් කිවයුතුමය.ඔවුන්ට ඇලවී තිබුනේම පහත් ලේබලයන්ය.වාසානාවකට මෙන් දැන් තත්වය එසේ නොවේ.මෙම සිනමා කතියේ තුළ නිරන්තරයෙන් ඝට්ටනයට ලක්වන චරිත දෙකම බියලම වෙළඳ කලාපයෛ් ඇගළුම්කම්හලක සේවයේ නියතු තරුණියන්ය.අපගේ වඩාත් අවධානයට ලක්වන චරිතය වන ගෝතමී ලෙසින් කෞෂල්‍යා ප්‍රනාන්දු රංගනයේ යෙදේ.එසේම මෙහි අනෙක් අන්තය නිරූපණය කරන්නා වූ මංගලාගේ චරිතය නිරූපණය කරනුයේ ඩිලානි අබේවර්ධනයි.මංගලාගේ පෙම්වතා ලෙසින් රංගනයේ යෙදෙන විපුල සදහා රංගන දායකත්වය සපයනුයේ දුමින්ද ද සිල්වා විසිනි.
ගෝතමී තමන් බලාපොරොත්තුව සිටින ආලය නොළැඹීමෙන් මානසික තැවුලට පත්වී සිටින තැනැත්තියක් බැව්පෙනේතමංගලිකාට පාරේ යන තරුණයන් උච්චම් කරද්දී ඊට සිනහ මුසු මුහුණෙන් මංගලා පිළිතුරු දුන්නද ගෝතමී ඔවුන් හා කලහ කරන්නට යනුයේ ඈ තුළ මංගලිකා කෙරෙහි පැවති ඊර්ෂියාව හේතුවෙනි.එසේම ඈ මංගලිකා ගේ පෙම්වතා වූ විපුලට පෙම් බඳියි.ඒ නිසාම ගෝතමී මංගලිකා සතුව තිබූ විපුලගේ ඡයාරූපයක් සොරකම් කරනුයේ.එහිඳී බැළලිය සංකේතය ලෙසින් යොදගන්නේ ගෝතමී කළ සොරකම සංකේතවත් කිරීම සඳහාය.
මංගලිකාගේ සිත දිනාගැනීමට තරුණයකු උත්සාහ කරයි.ඔහු ඒ සඳහාද උදවු පතන්නේ ගෝතමීගෙනි.ඈ ඒවගක් මංගලිකාට දැනෙන්ට වත් ඉඩ නොහැරීමට වග බලාගනී.විනොද චාරිකාවක් ගිය අතරවාරයේ මංගලිකා සමඟින් විපුල වනයේ හුදකලා වූ මොහොතේ ඔවුන් පසුපසින් සොරා රහසේම යන ගෝතමී ඔවුන් සිප වැළඳගන්නා අයුරු දැක තැවුලට පත්වේ.වනයට යන අතරවාරයේ ඇග් පාදයේ ඇනුනු කටුව මඟින් ඇග් සිතේ හටගන්නා වූ වේදනාව කොතරම්දැයි ධ්වනිත වේ.තමාට අවශ්‍ය කරන ලිංගික ඇසුර මංගලිකාගෙන් ලබාගත නොහැකි වූ තැන විපුල ඈ සිටින තැන ස්වයං වින්දනයේ යෙදේ.එලෙසින් ස්වයං වින්දනයේ යෙදෙන්නේ විපුල පමණක් නොව ලිංගික ඇසුරක් නොලද ගෝතමීද අසල ගසකට මුවා වී ස්වයං වින්දනයේ යෙදේ.මේ අවස්ථව වනාහි විපුල සේම ගෝතමී ද සමාන වන ස්ථානයකි.නමුත් ගෝතමීට වඩාත් අවශ්‍යවී තිබුවේ විපුලගෙන් ලිංගික ඇසුරට වඩා ඔහුගේ ප්‍රේමය දිනා ගැනීමයි.ඇය මංගලිකාකාගෙන් විපුල පාවිච්චි කළ ලේන්සුව ඉල්ලාලන්නේද එහෙයිනි.ගොතමී ප්‍රේමය හමුවේ ආත්මාර්තකාමී වනු දැකගත හැකියතවිපුල මංගලිකා හමුවීමට හවස් වරුවේ එනවැ යැයි කී පණිවිඩය නොකියා ඈට උදේ සිටින්න යැයි කියා මංගලිකා හා විපුල හමුවීම වැළැක්වීම ඇගේ ආත්මාර්ථකාමීත්වය හෙළි කරයි.ඈ ඊට පෙරද එලෙසින් මංගලිකා විපුල හමවීම වළක්වා තිබුනි.මේ කිසිවක් නොදන්නා මංගලිකා විපුල සමඟිවන් කෝප වී කලහ ඇති කරගනී.
මත්පැන් බී අසනීපව සිටින විපුල බැලීමට යන ගෝතමී ඔහු තමා සමඟ ලිංගික සංසර්ගයේ යෙදීමට පොළඹවා ගනී.මංගලිකා පිළිබඳ එක සිතින් සිතා සිටින  විපුල තුළ ගෝතමී සමඟින් සංසර්ගයේ යෙදීමට කිසිදු උවමනිවක් නොවීය.නමුත් ගෝතමී කෙයේ හෝ විපුල  ඒ සඳහා පොළඹවා ගනී.එය තමා ජීවිතයේ කරගන්නා ලද විශාල වරදක් බැව් දෙදෙනාටම නොසිතුණේ යැයි සිතමි.ගොතමීට අල්ලා ගැනීමට නොහැකිව බිමට වැටෙන අරලියා මල මඟින් සංකේතවත් කරනුයේ විපුලයි.ඇයට විපුල තමා සතු කරගන්නට අවැසි වුවද එය කළ නොහැක්ක් වන බැව් එමඟින් සංකේතවත් වේ.බළලා කන බත් පිඟානට ඇදෙන සුනඛයා තුළින්ද සංකේකවත් කරනුයේ මංගලිකාගේ පෙම්වතා ඩැහැගැනීමට මාන බලන ගෝතමී යැයි සිතේ.එසේම එම සුනඛයා පලාවා හරින තරුණිය මඟින් විපුල  ගැබ්ගත් ගෝතමී පන්නා දැමීමට යොදාගන්නා ලද තරුණයන් සංක්තවත් වේ.එසේ සුනභයා පලවා හැරීමෙන් පසු නැවත ළලා පැමිණ බත් පිඟාන කන්නට ගනී.ඒ කලක් විපුල අතහැර තමා සිට නැවත පැමිණි මංගලිකා සංකේතවත් කරන්නකි.
 විපුල හමුවීමට යන ඈ කෙසේ හෝ විපුල නැවත්ත ඇය හා සංසර්ගයේ යෙදීමට පොළඹවාගැනීමට සමත්වේ.මෙවරද මුලදී විපුල එයට කිසිසේත් එකඟ නොවේතඒ මංගකිකා කෙරෙහි ඇති ප්‍රේමය හේතුවෙන් එලෙසින් කිරීමට ඔහුට හිත් නොදෙනවා විය යකුයතනමුත් ඇගේ පෙරැත්ත මත ඔහු නැවත්ත ඇය සදඟින් සංසර්ගයේ යෙදේ.ඉන් පසුව ද විපුලව මුහුණ ගැසීමට ගියද ඔහු ඈව මඟහරී.දිනක් රාත්‍රියක ස්වයංවින්දනයේ යෙදෙන  ඈට ඇසෙන බළලුන්ගේ පොරය මඟින් ඈ තුළ පොර බඳින ලිංගික හැඟීම් සංකේතවත් කරයි.දිනක් දුරකථනයෙන් විපුලට අමතන ගෝතමීට විපුල බැණවදින්නේ ඇය මහත් හිසරදයක් වී තිබුණු හෙයිනි.

දිනක් එදිසියේ මංගලා නැවතත් බෝඩිමට පැමිණි සිටින බැව් දකින ගෝතමී තම සිතෙහි ඇති වුනාවූ නෙසතුට ව්‍යාජ සිනහවකින් සඟවාගනී.මංගලා බැලීමට නැවතත් පැමිණෙන විපුල දකින ගෝතමී තුළ වේදනාවක් හටගනී.ඇය ඇස් රතුකරගනිමින් රෙදි වේගයෙන් ගලේ ගසන අයුරින් ඇය සතු වේදනාව මෙන්ම කෝපය ධ්වනිත වේ.ගොතමීගේ කරදරයෙන් බේරීමට ගේට්ටුව අසලට පැමිණෙන එම නිවසේම නවාතැන් ගෙන සිටින තරුණයා විපුලට දෙන අවවාදයද මෙහිදී විමසා බැලිය යුතුය.
අයියෙ බයිසිකලේ එළියෙ තියන්න එපා.පාරෙ යන මිනිස්සු කෑලි ගලවන්යයි.
.ඔහු වක්‍රෝක්තියෙන් විපුලට හැඟවූයේ  තම පෙම්වතිය ප්‍රෙව්ශම් කරගන්නා ලෙස බැව් මෙම තරුණයා ප්‍රකාශ කළ දෙයින් මට හැඟෙන්නේ.කෙසේ නමුත් විපුලගේහා ගෝතමීගේ ලිංගික එක්වීමේ ප්‍රතිළුලයක් ලෙසින් ගෝතමී ගැබ්ගනී.නමුත් ගෝතමී බාර ගැනීමට  විපුල ඉදිරිපත් නොවේ.ඔහු මැරයින් යොදා ගෝතමී පැහැර ගනී.එසේ පැහර ගෙන ගොස් ඈට මුදල් දී ගබ්සා කරන ලෙසින් ඈට බලකරයි.නමුත් ඈ කෙසෙ හෝ දරුවා බිහි කරයි.ඒ මාතෘ සෙනෙහස නිසාම පමණක් නොව ඈ දරුවා තුළින් විපුල දැකීමට සිතූ නිසා විය හැකිය.කෙසේ නමුත් පියෙකු නොමැති දරුවකු හදාවඩා ගැනීමට ඈ තුළ සිතක් නොවූ නිසා දෝ ඈ බිලිඳා දුම්රිය පොලේ දමා එයි.නමුත් මාතෘ ප්‍රේමය ඉස්මතු කරමින් දරුවා කෙරෙහි ස්නේහේ ඇතිවූ ඇය නැවතත් දිව යන්නේ කිරි කැටියා තම දෑතට ගැනීමටය.නමුත් ඒ මොහොත වනක විට ප්‍රමාද වී හමාරය.
ඈ ඉන්පසු විදෙස් ගත වන අතර ඇය නැවත එන්නේ අවරුදු කිහිපයකට පසුවය.ඒ ජීවන සහකරුවකුද එකතු කරගෙනය.බිත්තියේ මැදින් තීන්ත ආලේපනය කිරීම තුළින් ජීවිතයේ මැද භාගයේදී නැවත්ත විවාහ ජීවිතයට ඇතුළත් වූ ගෝතමී ගේ ස්වාමියා සංකේතවත් කරයි.ඔවුන්ගේ නිවසේ දර මැස්සට රිංගාගනු ලබන සරපයා තුළින් ඔවුන්ගේ විවාහ ජීවිතයට ඇතුල් වන ගෝතමීගේ ස්වාමියාගේ පළමු බිරිඳගේ සම්ප්‍රාපතිය මෙන්ම ගෝතමී මුහුණ දුන් ශෝකජනක සිදුවීම ද සංකේතවත් කරයි.එනම් නැවතත් ගැබ්ගෙන සිටි ඈ ඇඳ  වැටීමෙන් ගබ්සා වීමයි.ඇයට මෙවරත් දරු සෙනෙහස බැලීමේ භාග්‍යයය අහිමි වී යයි.මීටත් වඩා ශෝකජනක සිදුවීමකට කාන්තාවකට මුහුණ දීමට තිබේද?කෙසේ නම් ඇය මෙම විපත දරා ගන්නද?ඇය නැවතත් තම පළමු දරුවා සොයා ගියද  ඇගේ එම අහිංසක ප්‍රයන්ථය සාර්ථක නොවේ.
දිනක් හදිසියේ මෙන් ගෝතමීට මංගලා මුණගැසෙන තර ඒ වන විට මංගලාද විපල සමඟින් විවාහ වී සිටියේය.මේ අතර විපුල තුළ හටගත්තා වූ පිය සෙනෙහස නිසාම තම දරුවා බැලීමට ගෝතමී සොයා යයි.දරුවා ගැන විමසන ඔහුට ඈ පවසන්නේ දරුවා නැති ඛලා යන්නයි.එය ඇසූ ඔහු තවත් වේදනාවට පත්වේ.ඔහු හුදකලා වී වැළපෙයි.ඔහුතුළ මුතුවී ඇති පිය සෙනෙහස එමඟින් ධ්වනිත වේ.
මංගලිකාගේ දරුවා සුරතල් කරමින් සිටින කළ ගෝතමීට තම ජීවිතයේ සැඟවුණු රහස් එකිනෙක හෙළි කළාය.ඇය විපුල ඇසුරු කරන කාලයේම බෝඩිමේ සිටි තරුණයා සමඟින් පෙම්කෙළ ඇතඑය හොර රහසේම ගෙන ගිය එකකි.එය ඇගේ සැබෑ නිරුවත හෙළි කරන්නකි.එකී හොර හමුවේ ප්‍රතිළුලයක් ලෙසින් ඈ ඔහු නිසාම ගැබ්ගනී.ඈ දෙවරක්ම නොසිතා ගබ්සා කිරීමට පෙළඹෙයි.ඒ එම තරුණයාගේ පෙළඹවීමක් ද නොමැතිවය.එම පවේ වන්දිය ලෙසින් ඈ නැවත කිසි දිනක දරුවන් වැදිය නොහැකි ගැහැනියක් බවට පත්වේ.එමඟින් ඇගේ චපලත්වය පමනක් නොව කෘරත්වය ඉස්මතු වේ.ඊට සාපේක්ෂව බැලූ කළ ගෝතමී මංගලාට ඉදිරියෙන් සිටියාය.ඈ විපුලට හැර අන් කිසිවකුට එකල පෙම් නොබැන්දාය.නෙඩ කිසිවෙකුට තමන්ගේ අතින්වත් ඇල්ලීමට ඇඟෙන් ඉඩක් ලැබුනේද නැත.එසේම ඇයට ගබ්සා කරන ලෙසන් ජීවිත තර්ජන පැමිණියද ඈ එසේ නොකළාය.එසේම පසු කලෙක ඈ විපුලට වෛර නොකළාය.ඈ ඔහුට වදයක් වූයේ ඔහු කෙරෙහි ඈ තුළ තිබුනා වූ අසීමිත ආශාව නිසාය.මංගලිකා තරුණයා සමඟින් සම්භෝගයේ යෙදුනේ ඔහු හා විවාහ වීමට නොව,හදු වින්දනය සඳහාය.අනෙක් අතට ඇයට කරගැසීමට විපුල සිටිනා බැව් ඈ දන්නා හෙයින් ඈ හොඳහැටි සෙල්ලක්කාඑකම් කිරීමට ගොස් වරද්දගත්තාය.නමුත් ගොතමී වපුලව ලිංගික ඇසුරට පොළඹවා ගත්තේ විපුල තම දැලට පටලවා ගැකීමටය.කෙසේ වුනත් ඇයටද වැඑදුනේ එතනය.එතෙක් සුපිරිසිඳු සළු පිළිවලට මුවා වී සිටි මංගලාගේ චරිතයේ සැබෑ නිරුයත හෙළිවන්නේ මෙම සිනමා කෘතියේ අවසාන භාගයේදීය.

මෙම සිනමා කෘතිය මඟින් සමාජයට ගතහැකි  දෑද බොහහෝය.එක් අතකින් විවාහ නොවී ඇති කරගන්නා ලිංගික ඇසුර වල ප්‍රතිපල මෙම කෘතිය මඟන්හෙළි නොවන්නේද?විපුලගේ පමණක් නොව ,ගෝතමීගේ හා මංගලිකාගේ ද ජීවිත වලට වැරදුනේ එතනය. තුරුණු වියේ හටගන්නා හැඟීම් මැඬගත නොහැකිව ජීවිතේ විනාශ කරගන්නා විපුලලා ,ගෝතමීලා,මංගලිකාලා ඖනෑ තරම් අප සමාජයේ ඇත්තේය.ඔවුන්ට මෙය මහඟු ආදර්ශයකි.එසේම ගබ්සා කිරීමට යාම මඟින් බිඏඳාගේ පමණක් නොව තමාගේද ජීවිතයට හානි පමුණවගන්නා තරුණියන්ද ඕනෑ තරම් සිටී.ඔවුන් මෙවවැනි සිනමා කෘතියක් වින්දනය කිරීම අවශ්‍යම දෙයකි.එය ඔවුන්ගේ ජීවිතාබෝධය පුළුල් කරන්නකි.එසේම මෙහි එන ප්‍රධාන චරිතයන් කිහිපදෙනාම තමන් සතු වන උතුම්ම වස්තුව දරුවන් වන බැව් වටහා ගැනීමට ප්‍රමාද වූවා වැඩිය.

ගෝතමීගේ චරිතය මෙම සිනමා කෘතිය මඟින් මඟන් විවරණය කරනුයේ මනෝ චිකිත්සකයකු ඇගේ මනස අභ්‍යන්තරය හෙළිකරන්නාක් මෙනි.එසේම ඇගේචරිතයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට කෞශල්‍යා ප්‍රනාන්දු සමත් වී ඇත.ඈ පමණක් නොව සෙසු නළු නිළියන් සියළුදෙනාම පාහේ තම වගකීම නිසි පරිදි ඉටුකර ඇති බැව්පෙනේ.එහිඳී සස්‍යජිත් මාපිටිගමගේ නම් තරුණ සිනාමා අධ්‍යක්ෂකවරයා දැක්වූ ප්‍රතිභාව වෙසෙසින් අගය කළ යුතුය.මා දන්නා පරිදි මෙය  ඔහුගේ කුළුදුල් සිනමා ආගමනයයි.එය අගනා සිනමා කෘතියක් රැගෙන සම්ප්‍රාප්ත වූවකි.එසේම මෙය දුමින්ද දසිල්වාගේ ප්‍රථම සිනා රංගනයයි.නමුත් ඔහු තුළිකන් සිකමා කැමරාවට ආධුනික බවක් දිස් නොවේ.එසේම මෙම සිනමා කෘතිය තුළ උපරිම අයුරින් සංකේත භාවිතා කර ඇත.එනයින් බැලූකල මෙය සාහිත්‍ය කෘතියක් බඳුය.
සේ නමුත් මෙහි ඇතුළත්  ලිංගික දර්ශන පිළිබඳව නම් මාගේ එතරම් පැහැදීමක් නොමැතිබැව් කිව යුතුය.මෙහි එන ලිංගික දර්ශන කිසිවක් බලෙන් එබ්බවූ ඒවා නොවන බව නම් සැබෑය.එසෙම මෙය පහත් කාම රැල්ලේ සිනමා කෘතියක් ද නොවේ.මෙය අගනාසිනමා කෘතියකි.එහි කිසිදු විවාදයක් නැත.නමුත්එකී ලිංගික දර්ශන නිසා මෙම සිනමා කෘතිය නැරඹීමට හැකි පිරිස සීමා කරලයි.අනෙක් අතට එය ලාංකීය සංස්කෘතිය හා ගළපාලීම අසීරුය.මෙම සිනමාකෘතියේ බොහෝ තැන්හි ඉතා විශිෂ්ට ලෙසින් සංකේත භාවිතා කර ඇත්තේ සේ එකී ලිංගික දර්ශන ඇතුළත් කොකොට එය සංකේත මඟින් පමණක් ප්‍රේක්ෂකයාට හැඟවූයේ නම් වඩා උචිත යැයි මට හැඟේ.එසේම මෙහි එන පරුෂ වචන පිළිබඳවද  කිව යුතුව ඇත්තේ එවැන්නකි.මෙහි එන චරිත මුවින් ගිලිහෙන එම වදන් එම අවස්ථාවේ කී චරිත මඟින් ගිළිහිය හැකියි සිතිය හැකි ඒවා බැව් සැබෑවකි.එනමුත් සැබෑ ජීවිතයේ සිදුවන සිදුවීම් හා සංවාදයන් එලෙසින්ම යෙදුවහොත් අදාළ නිර්මාණය රසවිඳිය හැකි පිරිස තා සීමිත වනු ඇත.විශේෂයෙන් මෙවැනි සනමා කෘතියක් බොහා් දෙනා නැරඹිය යුතු එකකි.නමුත් මෙහි ඇතුළත් ඇතැම් දර්ශන හා දෙබස් හේතුවෙන්  එම අවස්ථාව ප්‍රේක්ශකයින්ගෙන් ගිලහී ගොස් නොමැතිද?

අවසාන වශයෙන් ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවට මහඟු සිනමා කෘතියක් එක් කිරීමට දායක වූ සත්‍යජිත් මාපිටිගේට අපි සුභ පතන්නෙමු.එසේම ඉදිරි කාලයේදී ඔහුට තව තවත් උසස් සිනමා කෘතීන් ප්‍රේක්ෂක හමුවට ගෙන එන්නට ලැබේවායි !අපි පතන්නෙමු!

No comments:

Post a Comment