Saturday, September 19, 2015

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?






සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

සිරියහනේ...

යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින්
මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

සිරියහනේ...
මා විසින් මෙවර රසවින්දන උදෙසා තෝරාගනු ලැබුයේ තරමක් කථාබහට එසේත් නැතිනම් ආන්දෝලනයකට තුඩුදුන් ගීතයකි.මෙම ගීතය රසවින්දනය කිරීමට යාමේදී අන්දරේ විසින් කියනා ලද යැයි සැලකෙන ජක කවියක් සිහිවේ.එයද මෙහි සටහන් කරලන්නේ මෙම ගීතයෙන් ප්‍රකාශිත අත්දැකීම සමඟින් මෙම ජන කවියද බද්ධ වන බැවිනි.
පල ඇත්නම් වවූලොත් එල්ලෙති පේනූ
රුව ඇත්නම් අපටත් බස් දෙති ගෑනූ
දෑසින් එන කඳුළු පිස දමමින් මූනූ
ඉතින් මොටද මේ වයසට නැති ගෑනූ
මෙම ගීතයෙන් ප්‍රකාශ වනුයේ නිසි කල වයස එලඹියද තවමත් විවාහ ජීවිතවට ඇතුලත් වීමට වරම් නොලද තරුණයකුගේ ශෝකය මුසු මනෝභාවයන්(හැඟීම්) සමූහයකි.ළණු ඉහිරී ගොස් අබල වුණු ඇඳක ඹහු වැතිර සිටියද,ඔහුට එය සිරි යහනකි.ඒ නාහී උත්ප්‍රාසයකි.ළණු ඉහිරී ගිය ඇඳක් කෙසේ නම් සිරියහනාවක් වන්නේද? සිරියහනේ ලණු ඉහිරී යන්නෙන් ඔහුගේ දරිද්‍රතාවය හා අසරණබව සංකේතවත් නොකරන්නේද?ඔහු සුුම් හෙලමින් සිටුනුයේ තම ආර්ථික බෙලහීනතාවය හේතුවෙන් තමාට තවමත් තරුණියකගේ සුසිනිඳු පහස ලබාගත නොහැකි නිසා නොවන්නෙහිද?මකුවවන් දැල් බඳිනා ශබ්ධය පවා සිලි සිලි හඬින් ඔහුට ඇසේ එමඟින් ඔහුගේ නවසේ පැවතියා වූ පාළුව පමණක් නොව,ඔහුගේ අධ්‍යාත්මයේ රජයන තනිකම ධ්වනිත වේ.එසේම මුකුළු දැල් ඔහුගේ අවුල් වියවුල් වලින් ගහන දිවිය සංකේතයට නඟයි.ඇඳේ උඩුබැලි අතට පෙරලී මනෝ ලොවක සැරිසරන ඔහුට යටලීයෙන් යාරිලතා පූදිනු පෙනේ.නාරිලතා යනු හිමාලය වනයේ පමණක් හටගන්නවා යැයි සැලකෙන ස්ත්‍රී හැඩයට සමාන පුෂ්පයකි.එය තවුසන්ගේ දැහැන පවා බිඳහෙලීමට පවා සමත් වන පුෂ්පයක් ලෙසින් සැලකේ.පන්සිය පනස් ජාතක පොතේ එන ජාතක කතාවකද නාරිලතා පුෂ්පය පිළිබඳ සඳහන්වේ.මොහු යටලීයෙන් නාරිලතා පූදිනවා දකිනවා යන්නෙන් මෙහි ධවනිත වන්නේ අන් කවරක් වත් නොව මොහුඟේ සිතේ මැවී පෙනෙන්නා වූ සොඳුරු ස්ත්‍රී න්ගේ රුවයි.ඇතැම්විට මොහිට එදිනෙදා දිවියේදී හමුවූ ස්ත්‍රීන්ගේ රුව ඒ අතර විය හැකියි.ඇතමුන් මෙම ගීතවට විකෘති අර්ථයන් දෙමින් මෙහි සැබෑ අරුත විකෘති කරමින් අමු කුණුහරුප ඇඳ බානු මා අසා දැක ඇත.ඇතමුන් මෙම ගීතයේ ඉහත කොටසට අරුත් සපයනුයේ අදාළ පුද්ගලයා ස්ත්‍රී රුව සිහිකරමින් ස්වයං වින්දනයේ යෙදෙන බවක් කියමිනි.එය හිස් ප්‍රලාපයක් බැව් මෙහි සඳහන් කරනු වටී.



සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
මොහුටද නොදැනීම කාලය ගතවී ඇත.නමුත් තවමත් මොහු තනිකඩයෙකි. ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින් යන්නෙන් ඔහුට නොදැනීම කාලය කොතරම් ගෙවීගොස් ඇත්දැයි ධ්වනිත වේ.ඔහුගේ දෙනතින් කඩා හැළුණු කඳළු බිංදු ඔහු පැදුරට ම මුසවී ගොසිනි.ඒයා ඔහුගේම දෙනෙතට නුහුරු හෙනි දෙනේතේම රැඳී නොසිට කඩා කැළෙනුයේ.නෙතට නුහුරු යන්න අපූර්ව යෙදුමකි.ඔහු සුසුම් ළෙමින් හඩා වැළපෙනුයේ මක් නිසාද ?මුහුණ දීගත නොහැකි ආර්ථික ,සමාජ ගැටළු හඑුවේ යුගදිවියට පිවිසීම සිහිනයක් වූ කළ සුසුම් හෙළමින් හඬනවා විනා අන් කුමක් කරන්නටද?
ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
තම බිරිඳ සමඟින් එකම යහනකට වී නිදන්නට,ඔහුට පෙර පින් නැතුවා යැයි සිතමින් ඔහු හෝ තම සිත සනසා ගන්නට ඔහු සිතයි.යහන තලා සැපවිඳගැනුමට ඔහුට අනුව පෙර පින් තිබිය යතුය?ඔහුට ඒ පින නැතුවා වත්ද?තමාට නිසි වයස ලබා ඇති නමුත්,තවමත් විවාහ දිවියට ඇතුල් වීමට තමා තවමත් නොහැකි වී ඇත්තේ මාල වළලු නොතින් අයට ඔහු අමතක වී ගොසින් සිටින හෙයින් යැයි ඔහු සිතයි.මෙහි මාල වළළු නොතිත් අයට යන්න සිරි රහල් හිමියන්ගේ කාව්‍යෙශ්කරයේ පහත එන කවියෙන් ආභාසය ලැබුවා විය හැක.
රතිකෙළි යෙදීමෙන්
අබරණ ලා සැදීමෙන්
දරුවන් වැදීමෙන්
වෙසෙති අඟනෝ නොතිත් වීමෙන්
මෙහි කාන්තාවන් ආභරණවලට දක්වන දැඩි තෘෂ්ණාව කියැවෙයි.එලෙසින් මාල වළළු පළිදින්නනට අතෘප්කර ආසාවෙන් පසුවන ලියන්ට මෙවැනි දරිද්‍රතාවයෙන් බැටකන තරුණයකු අමතක වීම පුදුමයට කරුණක්ද?
මෙලෙසින් ඔහු ස්වයං තර්කයන් ගොඩනඟමින් උත්සාහ දරන්නේ තම සිතේ රජයන දොම්නස සනහා ලීමට නොවේද?
යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින්
මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ගායන විලාසයෙන්ද ,එච්.එම්.ජයවර්ධනයන්ගේ සමිහිරි නාද රටාවන්ගෙන්ද හැඩවුණු මෙම ගීතයේ ගේය පද රචකයා වනුයේ නූතන ගීතයේ රූප රචකයාණන් ලෙසින් විරුදාවලිය ලත් ලූෂන් බුලත්සිංහලයන්ය.සිංගල ගීතාවලිය අමරණීය කරලන්නට එතීවූ තවත් සුමිහිරි ගී මිණක් ලෙසින් මෙම ගීතය සැලකීමට ඔබ සැම එකඟ වනවා නිසැකය.


මෙම ගීතයට පහතින් සවන්දෙන්න.




9 comments:

  1. මෙම ලිපිය සම්බන්ධයෙන් ඔබගේ අදහස් පශළින් සඳහන් කරන්නේ නම් ඉතා අගනේය

    ReplyDelete
  2. ඔතන ගැටලුවක් වෙන්නෙ නෑ 'නෙතට නුහුරු කඳුළු බිංදු සරමට මුහු වෙලා ගිහිං' කිව්ව නම්. හෙහ් හෙහ්....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මට මේකට ලයික් 100 ක් විතර දා ගන්න තිබ්බ නම්....

      Delete
  3. අනබිබවනීය යි

    ReplyDelete