Wednesday, October 28, 2015

බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ





බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට
රගමඩල මැත
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
 හන්තාන අරණේ



මා විසින්  රසවින්දනය කිරීම සඳහා තෝරාගනු ලැබූ මෙම ගීතය මෑත කාලයේදී අසන්නට ලැබුනු සොඳුරු ගීතයකි..මේ ගීතය හා බැඳුණු සුවිශේෂී බවක් ඇත. ඒ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ නවක පරපුරේ ගායිකාවක වන උමාරියා සමඟින් මහා ගායක පණ්ඩිත් අමරදේව මහතා වීමයි.
හන්තාන යනු ප්‍රේමයට පාරදීසයක් බඳු ස්ථානයකි.එහි ඇති ලතා මඩුලු ප්‍රේමයට අත වනයි.සරසවිය පුරා හමන්නා වූ පුෂ්පයන්ගේ සුගන්ධය ප්‍රේමනීය හැඟුම් අවදි කරවයි.එසේම හන්තාන ගීත රචකයන්ට තම නිර්මාණ උදෙසා වස්තු බීජ සපයන කදිම ස්ථානයකි.මෙම ගීතය අපූර්ව ගුරු සිසු පෙමක් ගැන කියන්නකි..මෙය තරුණ පෙම්වතිය හා වැඩිහිටි පෙම්වතා අතර සිදුවන ප්‍රේමනීයක තාබහක් මෙන් දිග හැරේ‍

බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ
ඇයට නෙලාගත නොහැකි එන්තාන සිහිනයක් ඇත.ඒ මෙම සරසවි ඇඳුරුතුමන්ගේ ප්‍රේමයයි.එය නෙලාගත නොහැකිව ඈ වැළපෙන බව කියයි.හඳ රැඳි සිහිනයන් නෙළාගත නොහැකි වූ කළ වැළපෙනු විනා අන් කුමක් කරන්නද?එම සිහිනය ගොතා දෙන ලෙසින් ඔහු ඇගෙන් අයැද සිටියි.එම නෙත් අග දරා සිටින එය සංසාර සිහිනයකි.සරසවිය පා නඟන සිසු සිසුවියන් සිත්හි තොතරම් නම් හන්තාන සිහිනයක් ඇත්ද?ඒ සිහිනයන් කොතරම් දුරට සැබෑ වනු ඇත්?ඇතැම් සිහිනයන් සහිනයන් ලෙසින්ම මියැදෙයි.මෙම සිහිනයට ද එය ඉරණමද?

වැහි පබළු යට
රගමඩල මැත
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ

 යනුවෙන් ඔහු ඇයට ආයාචනා කරයි.එළමහන් රඟමඩල මැද ඔහුගේ දෑතෙහි තුරුළු වී ඉන්නට ඈ පතයි.තමාගේ හදවත ශෝකයෙන් පවතින බව ඔහු කියයි.ඒ තම බිරිඳගේ වියෝව හේතුවෙනි.අමාවක අඳුර ඔහු තුළ හටගෙන ඇති ශෝකයේ පුභලත්වය සංකේතවත් කරයි.එහෙයින් තම හතවතට නොඑව ලෙස ඔහු ඇයට කියයි.කෙසේ වෙතත් මෙම ප්‍රේම සංවාදය අවසානයේ හන්තාව අරණේ සිටින්නට යැයි පෙම්වතා පෙම්වතියගෙන් ඉල්ලා සිටී.

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

ඔහුගෙන් ප්‍රේමය පතා සිටියද ඇය උගත්තම ගුළින් ශික්ෂාවක් ලැබූ තැනැත්තියකි.තමාගේ ප්‍රේම ආරාධනාව පිළිගෙන ඔහු එන තුරු දුරින් සිටිනවායැයි ඇය ඔහුට කියයි.වඩින තුරු යන්නෙන් ඈ තුළ ඔහු කෙරෙහි පැවතියා වූ ගෞරවය ගම්‍ය වේ.අවසානයේ ඇගේ ප්‍රේම ආයාචනය ඔහු පිළිගනී.ඔහු තමා එන තුරු ඈට හන්තාන අරණට වී සිටින්නයැයි ඇයට කියයි.හන්තාන ඔවුනගේ ලියලා වැඩෙන ප්‍රේමය සංකේතවත් නොකරන්නේද?කෙසේ නමුත් ඇගේ හන්තාන සිහිනය නෙලාගන්නට සමත් වූවක් බැව් පෙනේ.

මෙම ගීතය රචනා කොට ඇත්තේ නව පරපුරේ ගීත රචකයකු වන ජානක සිරිවර්ධනයන්ය.නාද රටා අරුණ ගුණවර්ධනයන්ගෙන්ය.කලකට පසුව සිංහල ගීත සාහිත්‍යයට සාහිත්‍යයට එක් වූ අපූර්වතම ගීතයක් ලෙසින් පෙන්වා දිය හැකිය.

ගීතයට පහතින් සවන්දෙන්න.
 





12 comments:

  1. නියම වැඩක්, ඉදිරියටම කරගෙන යන්න ඔබට ජය...

    ReplyDelete
  2. ස්තූතියි සහෝ!

    ReplyDelete
  3. මෑත කාලයෙ අහපු ඉතාම අපූරු ගීතයක්..ස්තූතියි රංග...:)

    ReplyDelete
  4. මං මෙච්චර කල් මේක තේරුම් අරන් හිටියෙ වැරදියට..thanks

    ReplyDelete
  5. සරසව් යන සිහිනය දැකපු දවසේ සිට රස විදි ගීයක්. යෑමට නොහැකි උවත් තාමත් දිනපතා රස විඳිමි. තේරැම් කලාට ස්තුතියි.

    ReplyDelete
  6. සරසව් යන සිහිනය දැකපු දවසේ සිට රස විදි ගීයක්. යෑමට නොහැකි උවත් තාමත් දිනපතා රස විඳිමි. තේරැම් කලාට ස්තුතියි.

    ReplyDelete
  7. නියමයි.දිගටම ලියන්න.තේරුම් කරලා දුන්නට ගොඩක් ස්තූතියි.මෑත කාලයේ බිහිවෙච්ච අර්ථවත් ගීතයක්..

    ReplyDelete
  8. අමරදේවගෙ අවසාන සින්දුව උනාට ඔයාගෙ අවසාන සින්දුවත් නෙවේ දිගටම කරෙගෙන යන්න😇

    ReplyDelete