Friday, October 2, 2015

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ








"මුතුකුඩ ඉහළන මල් වරුසාවේ

උඩ ඉගිළෙන විට වැහිලේනී

එබී බලා රිය කවුළු දොරින්

යට ගිය දවසේ

දෑස ගියා ඉගිළී



අඳුරු ලලා...

සෙංකඩගල වැස්සේ

දිය දහරා...

පාටයි දේදුන්නේ

තෙමි තෙමී ආදර මධු වැස්සේ

ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ



රිය ඇතුළේ...

උණුසුම ඔබට දිදී

නහවයි මා

රියසක මඩ වතුරේ

නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී

අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ"



ප්‍රේමයේ විරහව වේදනාව හදවතෙහි සිතුවම් කළ අපූර්වතම ගී සිත්තමකි මුතුකුඩ ඉහළන මල් වරුසාවේ නම් ගීතය.ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද රචනයෙන්ද, රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනයෙන් මෙන්ම ගායනයෙන් ද අලංකෘත වූ මෙම ගීතය ප්‍රේමයේ විරහ වේදනාව විඳි නොවිඳි සැම බෙහෙවින් ඇළුම් කරන්නකි.
ප්‍රේමය නැමැති රැහැනින් බැඳෙන්නන් සැමදෙනාගේම ප්‍රේමය විවාහයෙන්ම කෙළවර නොවන්නේය.ඇතමුන්ට අවසානයේ හිමිවනුයේ විරහව වේදනාවයි.එසේ ප්‍රෙමයේ විරහව වේදනාවෙන් පෙ‍ලෙන පෙම්වතකුගේ ආත්ම කථනයකි මෙම ගීතය.ගීතය විටෙක වර්තමානය සමඟින්ද තවත් විටෙක අතීතාවර්ජනයක් ලෙසින්ද දිග හැරේ.
මුතුකුඩ ඉහළන මල් වරුසාවේ

උඩ ඉගිළෙන විට වැහිලේනී

එබී බලා රිය කවුළු දොරින්

යට ගිය දවසේ

දෑස ගියා ඉගිළී
සෙංකඩගල සිසාරා මල් වර්ෂාවක් ඇද හැලෙන මොහොතක කථකයා පාරේ  ගමන් කරයි.හොඳින් හුරු පරුදු දෑසක් ඔහුගේ දෙනතට හසුවේ.හ් ඔහුගේ බැරණි පෙම්වතියයි.ඇය රිය කවුළුවෙන් ඔහුදෙස බලා නැවත තම නෙත් රිය තුළටම ගත්තාය.මෙය මුතුකුඩ ඉහළන වරුසාවක් වුවද කථකයාට නම් එය කදුළු කැට විසුරු වන වර්ෂාවක්මැයි.වැහිළිහිණියන් වර්ෂාව පමණක් නොව ඔහුගේ ශෝකයෙන් අඳුරු වී ගිය මනස ද සංකේතවත් කරයි.
අඳුරු ලලා...

සෙංකඩගල වැස්සේ

දිය දහරා...

පාටයි දේදුන්නේ

තෙමි තෙමී ආදර මධු වැස්සේ

ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ
එදා සෙංකඩගල සිසාරා ඇදහැළුණු වර්ෂාවේ ඔවුන් දෙදෙනා එක මඟක එකට ගිය සැටි ඔහුට සිහිපත්වේ.දෙදෙනාම එකම කුඩය යටින් තුරුළු වී යන්නට ඇත.එහෙත් දෛවයේ සරදම නිසාදෝ අද දෙදෙනා ගමන් කරනුයේ දෙමංසලකය.රිය පදවා ගෙන යනු ඇත්තේ ඇතැම්විට සැමියා විය හැකිය.ඇගේ දැෑසේ හිමිකාරිත්වය දැන් ඔහු සතුය.අදුරු ලලා යන යෙදුම මඟින් ඔහුගේ ශෝකී මනෝභාවයන් සංකේතවත් කරයි.දිය දහරා දේදුන්නේ පැහැය යයි කීම ද අපූර්ව කවි සිතුවිල්ලකි. එදා ඔවුන්ට ඇදහැළුණු ආදර මධු වැස්සයෙන් කථකාගේ සිත ප්‍රීතියෙන් පිරී පැවති අයරු එමඟින් ධ්වනිත වේ..
රිය ඇතුසළේ...

උණුසුම ඔබෙ දිදී

නහවයි මා

රියසක මඩ වතුසර්

නෑ හිත රිදුසේ අදත් එදා සිහිවී

අසේ සබඳ කම් නෑ රිය සක දන්සන්
එදා ඇයගේ ප්‍රේමය ඔහුට කුරිරු වූවා සේම අද ඇයගේ රියද ඔහුටම සැහැසිකම් කරයි.මන්ද ඇයට උණුසුම සලසන රිය ඔහු පසුකර යන්නේ මඩවතුරෙන්ද සංග්‍රහකරමිනි.නමුත් ඒ පිළිබඳව ඔහුගේ සිතෙහි ද්වේශයක් නම් ඇති නොවන්නේය.ඔහු හා ඇය තුළ තිබුනා වූ ප්‍රේමය රිය සක නොහඳුනනා බැවිනි.දෙකී සිද්ධි දාමයන් සියල්ල චිත්ත රූප ජනනය වන ලෙසින් ඉදිරිලත් කිරීමට රචකයා දැක්වූ ප්‍රතිභාව අගය කළ යුතුමය.
ප්‍රේමය් ශෝකී රිද්මය අපූර්ව කාව්‍යමය සිතුවිල්ලකට හරවා රසිකයාගේ භාවයන් ප්‍රකම්පනය වන අයුරින් නිර්මාණය කරන ලද්දා වූ අප්‍රර්වත්ම ගී සිතුවක් ලෙසින් මෙය අවිවාදයෙන් එැඳින්විය හැක.එසේම තමා ප්‍රතිභාපූර්ණ සංගීතඥයකු පමණක් නොව ප්‍රතිභාපූර්ණ ගායකුද වන බැව් රෝහණ වීරසිංහයන් මෙම ගීතයෙන් මැනවින් සනාථ කරන්නකි මෙම ගීතය.එසේම මෙම ගීතය ලූෂන් බුලත්සිංහලයන්ලේ ගී මුතු වැලෙහි අගනා මුතුවක් ලෙසින් හඳුන්වා සිය හැකිය.


ගීතය පහතින් රසවිඳින්න.



No comments:

Post a Comment