Saturday, January 2, 2016

අවසානයට පෙර ඈ ගියා...





ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...//

දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා...//
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈගියා...

ඇරඹුමම කදුලක් වෙලා...//

ශෝකාන්තය එන තුරා
එහි ‍රැදෙන්නට සිත් ඇති නියා...//
අනන්තය ලඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...

ඇරඹුමම කදුලක් වෙලා...//


ප්‍රේමය තරමටම සිතට තැවුල් ගෙන එන තවත් දෙයක් නොමැති ඉතරම්ය.ඒ නිසාම දෝ ප්‍රේමය විරහ වේදනාව ගැන ලියවුණු ගී කාව්‍යයන් සමූහයක් අප ගීත සාහිත්‍යය පුරාවටම දැකගත හැකිය.එසේ තම පෙම්වතිය අහිමි වී යාමෙන් විරහ වේදනාවට පත් පෙම්වතකුගේ මනාභාවයන් නිරූපිත මෙම ගීතය අප එකී වේදනාබර අත්දැකීම කරාගෙන යනවා පමණක් නොව අප හද තුළද ‍ශෝකයක් ඇති කරයි.

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී දිහා
දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ගියා...//
ඇතැම් ප්‍රේමයන් නිමාවන්න් කඳුළකනි.මෙම ප්‍රේමයටද උදාවී ඇතතේ එකී කල දසාවමය.මෙතෙක් ඔහු හා ප්‍රේමයෙන් බැඳී සිටි ඔහුගේ පෙම්බරිය ඔහු හැර දමා ගොසිනි.ඔවුන්ගේ ප්‍රේමණීය දිවියේ ආරම්බය කඳුළක් වන්නේ එහෙයිනි. කඳුලක් වෙලා යන්නෙන් ඔවුන්ගේ ප්‍රේමයට ලක්වූ දුක්ඛිත ඉරණම සේම කථකයා තැවුලෙන් පසුවන බවද ධ්වනිත වේ.බොහෝ ප්‍රේම කතාවන් විවාහයෙන් කෙළවර නොවේ.ලංකාව වැනි ආසියාතික රටවල්හි නම් ඊට එරෙිව සිටින්නා වූ සතුරන් නම් බොහෝමය.සාමාජීය ,ආර්ථික ,දේශපාලනික මූල හේතූන් නිසාම ප්‍රේම සම්බන්ධතා විවාහයට පෙර ගැලවී යයි.ගලවා දමන්නට සිදු වනවා යැයි නීම වඩාත් නිරවද්‍ය සේ හැඟේ.කෙසේ හෝ මේ ප්‍රේම කතාවේද අවසානය දකින්නටත් කලියෙන්ම ඔවුන් දෙදෙනා ඔක්ව ගොඩනැගූ ල්‍රෙමයේ ගොඩනැගිල්ල ඉිමට සමතලා වී ගොසිනි.පොහෝ පෙම්වතුන්ගේ ඉරණම මෙය නොවන්නේද?

දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා...//
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈගියා...

ඇය ඔහුට ශේෂ කොට තබා ගියේ මෙම ගීතය මෙන් දුක්බර වූ කවකි.එක එක් අතකින් තවත් දුක්බර මතකයන් විය හැකිය.ඇය ඔහුට මෙම කවවිය දී ගියේ නිකම්ම නොව එහි අරුත නිරවුල් කරන මෙන් කියාය.නමුත් එය නිරවුල් කිරීමට දුෂ්කර වන තරමටම අවුල් වියවුල් සගගතය.මන්ද ඇය ලියූ කවියෙහි පද පෙළක් හිඟ බැවිනි.එසේ කර ගියේද ඇයමය.මොහුට තම දිවිය පුරාමයම එකී කවියේ  අරුත පැහැදිලි කර ගත හැනිවෙයිද?මේම දුක්බර කව කුමක් විය හැකිද?ඒ වුන්ගේ ප්‍රේමයේ සෝචනීය ඉරණණමද?
ශෝකාන්තය එන තුරා
එහිරැදෙන්නට සිත් නැති නියා...//
අනන්තය ලඟ මා දමා
අවසානයට පෙර ගියා...
මොවුන්ගේ ප්‍රේමය මෙසේ දිගින් දිගටම ගලා ගියද එය කෙළවර වන්නේ දුකකින් බැව් ඈ හොඳින්ම දැන සිටියාය.එසේ තව දුරටත් මොහු හා ප්‍රේමයෙන් බැඳී සිටිමින් දුන්වන්නට තරම් ඇය සතුව දැඩි සිතක් නොමැත.එහෙයනි ඇය හොහු සමඟින්ම පැමිණි අනන්තය අසලින් මෙහු හැර දමා ඇය යයි.මොහුගේ දිවිය සෝ ගීතයක් වන්නේ ද මේ හේතුව නිසාය.මොවුන්ගේ ප්‍රේමය හෝකාන්තයකින් කෙළවර වන බැව් ඇය දැන සිටියා නම් එසේ වීමට හේතුව තුමකදැයි? ද ඇය හොඳින්ම දැනසිටින්නට ඇත.මෙම ගීතයෙන් ප්‍රකාශිත නොවුවද මෙම ප්‍රේමයයටද ප්‍රේමයේ පොදු සුරන් වන ධනය කුලය,වැනි හේතුවක් මූලික වන්නටද ඇත.වර්තමානයේ සුලභ  ලෙසිව් දැකගත හැකි ප්‍රේමයේ ඉරණම මෙසේ අපූරුවට ගීතයටකට ගොනු කරලීමට මෙහි නිර්මාණකරුවන් සමත් වී ඇත.
අර්ථ රසායන් සේම කාව්‍යමය රසයෙන්ද රසාලිප්ත වන ලෙසින් මෙ ගීතයේ ගේය පද රචනාව රචනා කිරීමට කරුණා අබේසේකරයන්ගේ පුත් දිලීප අබේසේකරයන් සමත් වී ඇති බැව් පෙනේ.ඔහු වැනි වූ නවක ගීත රචකයින්  ලාංකීය සුභාවික ගීතයට ආශිර්වාදයකි.මෙම ගීයේ වචන වලට කිව හැකි සේ සේම කිව නොහැකි හැඟීම් ද තම භාවාත්මක සංගීතයෙන් උද්දීපනය කරලීමට නාලක අංජන කුමාර සංගීතවේදියා සමත් වී ඇති බැන් කිව යුතුමය.කසුන් කල්හාරයන්ගේ ගායනය සම්බන්ධයෙන් නම් අමුතුවෙන් යමක් කීම අවශ්‍ය නොවන්නේය.ඔහුගේ ගායනය තුළ මෙම ගීතයේ ප්‍රාකාශිත ශෝකී ස්වරය මනාව ගැබ්ව තිබූ බව පමණක් මෙහිදී සිහිපත් කරමි.






3 comments:

  1. හොඳ වැඩක් මල්ලි ..දිගටම කරගෙන යන්න .නිතරම ආවත් කොමෙන්ට් කරන්නේ අදද මන්දා ...පොස්ට් හොරා කනවා කියලා අවුල් වෙන්න එපා ..වටිනා දේවල් නොවැ හොරකන් කරන්නේ ..ජයවේවා !!!

    ReplyDelete