දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//
අත්වැල් බැඳගෙන මං
මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය
මතකද...//
පුංචි ළදැරියක් වගේ
සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය
මතකද...
දුරස් වන්නට මේ
ලෙසින්...
අනාගතේ ගැන අහස්
මාළිඟා
අප දෙන්නා මැවූ කාලය
මතකද...//
ඔබේ පෙම්වතා ලෙසින්
එදා මා
ඔබේ ලඟින් උන් කාලය
මතකද...
ආචාර්ය දයාරත්න
රණතුංගයන් විසින් සංගීතවත් කොට ගායනා කරන මෙම ගීතය ප්‍රේමය විරහ වේදනාව
තේමාකරගත්තකි.මෙම ගීතයේ ගේය පද රචනාව ආචාර්ය අංන්තා රණසිංහයන්ගෙනි.මෙහි කථක
පෙව්වතා ප්‍රේමයේ සොඳුරු බව මෙන්ම රුදුරු බවද අත්විඳ ඇති බැව් පෙනේ.
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//
ස්ත්‍රී පුරුෂයෝ ප්‍රේමයෙන්
බැඳෙති.එනමුදු විවාහයෙන් අවසන් වන්නේ නම් ඒ කිහිපයකි.බොහෝ දෙනෙකුට සිදුවන්නේ ප්‍රේමයේ
දුක්බර මතකයන් පමණක් හදවතට තුරුළු කොටගෙන ජීවත් වීමටයි.මෙම කථකයාටද සිදුව ඇත්තේද
එයමය.ප්‍රේමය බිදුණු කල කුමකට ප්‍රේමයෙන් බැඳුනාඳ එසේ ප්‍රේමයෙන් නොබැඳී සිටියා
නම් මෙවැනි වේදනායක් හඳට නොදැනේවි යැයි ඇතැම්විට සිතයි.මෙහිදී මතක් වන ගී කොටසක් ඇත.එය
මෙසේ සටහන් කරමි.
අතීතය සිහිනයක් පමනයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන්
නොබැඳුනානම් මෙදා වියොවක් නෑ
සැබවින්ම එදා ප්‍රේමයෙන්
නොබැඳනි නම් මෙදා වියෝවක් ඇත්තේද නැත.එලෙසින්ම කථකයාද සිතයි.වෙන්වන්නට අප දෙදෙනාට
සිදුවූයේ නම් ඇයිද අප හමුවුනේ?අප එකිනෙකා වේදනාවට පත් කරලන්නට පමණක්ද?කතකයාගේ හද
විරහවේදනාව විසින් ගිලන් කොට ඇ.ඇය නොලැබෙන්නේ නම් ඇයිද ඔහු උපත ලැබුවේ යැයි ඔහු
තමාගෙන්ම ප්‍රශ්න කරයි.විවධ බාධක හේතුවෙන් බිඳී ගිය ප්‍රේමවන්තයින්ගේ සැබෑ
මනෝභාවයන් මීට වෙනස් විය හැකිද?
අත්වැල් බැඳගෙන මං
මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය
මතකද...//
පුංචි ළදැරියක් වගේ
සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය
මතකද...
කථකයාගේ සිත පීරී
පවතින්නේ ඇය ලිඵිබඳ මතකයන් වලිනි.නමුත් ඇයට ඔහු සමඟ ගෙවූ අතීතය මතකදැයි ද ඔහුට සැක
සහිතය.ඔහු ඈ හා අත්වැල් බැඳගෙන මං මාවත් දිගේ ඇවිඳ ගිය සැටි මතකදැයි ඇගෙන් විමසයි.
ඔවුන් දෙදෙනා වැස්සට එකම කුඩය යටින් යන්නට
ඇත.ඇය හුරතටලන් ඔහු හා සිනාසෙන කල ඔහුට ඇය කුඩා දැරියක් යැයි සතිණි.එනමුදු ඇයට ඒවා
මතකදැයි ඔහු ඇගෙන් ප්‍රශ්න කරයි.ඔහුගෙන් නෙවී ගියද ඈට හම මතකයන් නම අමතකවීමට ඉඩක්
නැත.
අනාගතේ ගැන අහස්
මාළිඟා
අප දෙන්නා මැවූ කාලය
මතකද...//
ඔබේ පෙම්වතා ලෙසින්
එදා මා
ඔබේ ලඟින් උන් කාලය
මතකද...
පෙම්වතුන්ව සිටියදී
ඔවුන් අහස් මාළිඟා තැනීමට දක්ෂයෝය.එනමුදු ප්‍රෙමය බිඳීගිය කල එම අහස් මාළිඟා බිදී
යන්නේ විදුලි වේගයෙනි.මොහුටද එවැනි කාලායක් තිබුණි.එනමුදු පෙම්වතියට එය මතක නැතුවා
වත්ද ඔහු ඇගෙන් විමසයි.ඒ කිසිවක් නොව අඩුම තරමේ ඇයට ඔහු කලක් ඇගේ පෙම්වතා ලෙසින්
සිටි බව වත් මතකදැයි විමසයි.ඇතැම් විට ඈ ඒ සියල්ල අමතක කොට දමා ඔහුගෙන් වෙන්වී
යන්නට ඇත.කෙසේ් වුවත් ඒ සියල්ල ඔහුගේ හදවත වේදනාවට පත් කරයි.
ප්‍රේමයේ විරහ වේදනාව
අපූරුවට හද තුළ සිත්තම් කරලන ගීතයක් ලෙසින් උක්ත ගීතය හඳන්වා දිය හැකිය.ප්‍රේමයේ
වෙදනාවෙන් පෙළෙන්නකුගේ මනොභාවන් අපූරුවට වචනවලට හරවාලීමට අජන්තා රණසිංහයන් දක්වා
ඇති ප්‍රතිභාව අගය කළ යුතුය.එසේම දවාරත්න රණතුංගයන්ගේ ගායනය මෙන්ම සංගීතයද අගය
කළයුතුය.ඔහු විසින් නිර්මාණය කරන ලද්දා වූ සංගීතය මඟින් කථකයාගේ හදවතෙහි පැවතියා
යූ ශෝකී රිද්මය වඩ වඩාත් තීව්‍රකරවයි.එය මෙම ගීතයේ සාර්ථකත්වය මනා පිටුවහලක් වී
ඇත.
No comments:
Post a Comment