මෙම ගීතය සමනල සංධ්වනිය චිත්‍රපටය තුළින් රසිතයාගේ හද ස්පර්ශ කරන්නට සමත්
වුවද මෙම ගීතය චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදනය වූවක් නම් නොවේ.මෙම ගීතය දැක
එය මෙම චිත්‍රපටයේ තේමාව සමඟ ඉතා හොඳින් බද්ධ වන බැවින් එය ජයන්ත
චන්ද්‍රසිරි මහතා විසින් මෙහි තේමා ගීතය ලෙසින් යොදාගෙන ඇත.එහෙයින් මෙම
ගීතය චිත්‍රපටයෙන් පිටතට ගෙන වුවද රසවින්දනයට බාධාවක් නැත.
ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයයි
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයයි
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ප්‍රේමය ඒ ආකාරයෙන් දකිද්දි, මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රේමය දුටුවේ මෙලෙසිනි.
නැත ලොවේ අන් රසඳුනා.. ආදරේ සේ සුවදෙනා...
ප්‍රේමය මෙන් සංවේදී ,ආදරණීය දෙයක් තවත් නොමැති තරම්ය.එලෙසින් සඳහන් කරනු
ලැබූ ප්‍රේමය අයෙක් සනහද්දි තවත් කෙනෙක් දුකට පත් කරලන්නත් ප්‍රේමයට
හැකිය.එලෙසින් ප්‍රේමයෙන් පැරදී, ශෝකයට පත් දුක්බර පෙම්වතකුගේ ළයෙහි හටගක්
වේදනාව මැනවින් රූපණය කරන්කි මෙම ගීතය.
ඉකි ගසා හඩන අතීතයක
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
කථක පෙම්වතාට ඔහුගේ නොවන ඔහුගේම ආදරයක් තිබුණි.එනමුදු එය කදුළු පිරි අතීතයට
හිමිකම් කියන්නකි.එකී ප්‍රෙමය සිහි ගන්වන මොහොතක් පසා ඔහුගේ දෙනත කදුළෙන්ද
හදවත ශෝකයෙන්ද පිරී ඉතිරී යයි.ප්‍රේමය ඔහුට අද ඉතිරි කොට ඇත්තේ ශෝකය හා
වේදනාව පමණකි.අද ඔහුගේ අහිමි වී ගිය ප්‍රේමය සමඟ ගනුදෙනු කළ හැත්කේ කඳුළු
වලින්ම පමණකි.එදා ඔහු සැනහූ නැළවූ ප්‍රේමයම අද ඔහුට ඉතිරි කොට ඇත්තේ දුක්බර
මතක සටහන් පමණකි. කෙසේ නමුදු ඔහු තවමත් එකී අතීත සැමරුම් වලින් පිරී
තිබෙන්නා වූ ප්‍රේමයට තවමත් පෙම් බඳියි.
හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
ඔහුට නින්දට ගියවිට සිහිනෙන් පවා සිහි වනුයේ තම අහිමි ප්‍රේමයමය.සැබෑවටම
ප්‍රේමය හිමිකර ගත නොහැකී වූ ඔහු සිහිනෙන් හෝ එකී ප්‍රේමය ලබාගැනීමට උත්සාහ
දරයි.ඔහු සිහිනෙන් ඇය දකියි.ඇය ඔහු හා සිනහ වෙයි.ඔහු සිහිනෙන් ඇය හා
ප්‍රේම කරයි.අවදි වන විගස ඔහු සොයන්නේ එකී ප්‍රේමයයි.නමුත් තමා සිතින්
ස්පර්ශ කොට ඇත්තේ සිහිනයක්ම පමණක් බැව් ස්වල්ප මොහොතකින් ඔහුටම වැටහේ.ඔහු
කලුවරේම ඉකි බිඳමින් හඬයි. සැබෑවට තමාට ලබාගත නොහැකි දේ ඔහු සිහිනෙන් හෝ
ලබාගැනීමට වෙර දරයි.එය ඔනෑම පෙම්වතකුට,පෙම්වතියකට පොදු වූවකි.
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා..
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා..
විරහ වේදනායෙන් තැළී පෙළී වේදනාවට ලක්ව සිටින ඔහු කිසිදා සුවයක්
නොලබයි.මන්ද අතීත ප්‍රේමයේ මතක සැමරුම් හදවත පුරා හොල්මන් කරමින් හද පාරන
හෙයිනි.ප්‍රේමය තවමත් එහුගේ සිත පිරිමදියි.නමුත් එය සුසුමින් පමණකි.ප්‍රේමය
සිහි ගන්වන සෑම මොහොතක් මොහොතක් පසා ඔහු සුසමන් හෙළයි.සුසුමන් හෙළා සිත
සනහා ගත නොහැකි වූ තැන ඔහු කදුළු වගුරවයි.උනු කදුළු ඔහුගේ ශෝකයේ ප්‍රභලත්වය
සංකේතවත් කරයි.ඔහු ඇයට තම මුළු හදින්ම පෙම් කළ පුද්ගලයෙකි.එහෙයිනි ඔහුගේ
හදවත මෙතරම්ම ශෝකයෙන් පෙළෙනුයේ.
මෙම ගීතයේ ගේය පද රචකයා වන්නේ අමිල තේනුවරය.ඔහුට මෙම ගීතය පාදක නොටගෙන
ඇත්තේ තම පෞද්ගලික අත්දැකීමකි.සංගීතය දර්ශන රුවන් දිසානායකගෙනි.මෙය ගායනා
කරනු ලබන්නේ අමරසිරි පීරිස් විසිනි.එහු විසින් වෙනදා ගායනා කරනු ලබන ගැඹුරු
හඬට තරමක් වෙනස් වූ හඬකින් ගායනා කරතැයි සිතේ.එසේම මෙහි සංගීතය ඉතා
විශිෂ්ට අන්දමින් යොදාගෙන තිබේ.එය ගීතයෙන් ප්‍රකාශිත අත්දැකීම රසිකයාගේ
හදවතට වඩාත් සමීප කරලීමට හේතු වී ඇත.විශේෂයෙන් වයලීනය යොදාගනිමින් නිකුත්
කරන හඬ ගීතයෙන් ප්‍රකාශිත ශෝකී රිද්මය තීව්‍ර කරයි.ඒ අනුව ගායනය,වාදනය,පද
රචනය යන ත්‍රිලක්ෂණයෙන්ම පරිපූර්ණ වූ ගීතයක් ලෙසින් ද කලකට පසු සිංහල ගීත
සාහිත්‍යයට එක්වූ අගනා ගී මිණක් ලෙසින්ද මෙම හැඳින්විය හැකිය.
ප්‍රේමයෙන් තැවුලට පක්වී සිටින්නන්ට එකී ශෝකය තුනී වන්නට මෙම ගීතය අත්වැලක් නොවන්නෙහිද?
ගීතය මෙතනිනි අහන්න
No comments:
Post a Comment