Monday, July 20, 2015

පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ


















දරිද්‍රතාවය හේතුවෙන් ලෝකයේ බොහොමයක් පීඩා විඳී.ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල මේ තත්වය ඉහළය.ලංකාවේ බොහෝ සමාජ කොටස් දරිද්‍රතාවය හේතුවෙන් පත්වී සිටී.ලාංකීය නිර්මාණකරුවන්ද ද මෙම තත්වය තම නිර්මාණ සඳහා වස්තු විෂය කරගනු දැකගත හැකිය.ලූෂන් බුලත්සිංහලයන්ද තම නිර්මාණ සඳහා මෙවැනි තේමාවන් යොදා ගැනීමේදී ප්‍රචාරකත්වයෙන් මිදුණු කලාත්මක බවක් දක්වයි.මාලනී බුලත්සිංහල මහත්මිය ගායනු ලබන පහත ගීතය තුළින්ද ඔහු සතු ප්‍රතිභාව මැනවින් ඉස්මතු වේ.

රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලේ
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී මා
හඬවාපන් මේ රෑ යාමේ”

මා විසින් රසවින්දනය කිරීමට තෝරාගනු ලැබූ "පිපුනු මලේ රුව" නමැති ගීතය සඳහා ද වස්තු විෂය වන්නේ එවැනි තේමාවකි.දරිද්‍රතාවය හේතුවෙන් තම දියණියට අවැසි සැප සම්පත් ලබාදීමට නොහැකිව ලතැවුලට පත්ව සිටින මවතගේ සිතුවිලි සමාදායක් මෙම ගීතයට වස්තු විෂය වී ඇත.මොවුන් දරිදුතාවයේ අන්තයටම ගිළා බැස ඇත.ඉතා රමණීය අන්දමින් මෙම අත්දැකීම රසිකයාට සමීප කරලීමට මෙහි නිර්මාණකරුවන් සමත්වී ඇත.

පිපුණු මලේ රුව එ මල දනී දෝ
මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා

මලක් කොතරම් සොඳුරු වුවද එම සුන්දරත්වය මලට දැකගත නොහැකිය.එහි සුන්දරත්වය විඳිනුයේ අවට සිවින අය වේ.මෙහි කථක මවද තම දියණියට කියනුයේ ද ඇය මලක් වන බවයි.එහෙයින් ඇගේ හැඩ රුව නොබලන මෙන් ඇය දියණියගෙන් ඉල්ලා සිටී.මන්ද ඇය තමාදෙස බලමින් දුක්වනු මවක් වන ඇයට කිසිසේත්ම බලා සිටිය නොහැකිය.යෞවනයේ පසුවණ වෙනත් තරුණියන් වටිනා සළු පිළ හා අබරණ ඇඳ පැළඳ යනවිට දියණියට තම ගැන දුකක් ඇතිවීම ස්භාවිකය.

කටු මැටි බිත්තිය හැඩකර අඳිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

කැඩපතට එබී බලමින් තම රූ සිරි බලනා කල ඇයගේ කණකර පාළුව බව හැඟී යයි.එවිට තම දියණිය පිළිබඳ සංවේගයක් ඇතිවන්නේ.එහෙයිනි ඇය කැඩපත බිඳ දමනුයේ.තම දියණිය දුක්වනු මවකට කෙසේනම් ඉවසා සිටි හැකිද?කුප්පි ලාම්පුවේ සෙවණැල්ලෙනි ඈ හස පීරණුයේ.කටු මැටි බිත්තියත්,පාළු කණත් යන්නෙන් ඔවුන්ගේ දර්ද්‍රතාවය සංකේතවත් වන්නේය.දියණියට තම දෙකණේ පාළුව නැතිකරලන්නට කරාබු යුවලක් වත් ලබාදෙන්නට මවට වත් කමක් නැත?සත් මහළින් තැනූ මන්දිර තුළ වටිනා රන් රිදී සළු වල උණුසුම විඳින සිටු කුමරියන් නොයෙක් සුවඳ විලවුන් වල පහස විඳ ගනිද්දී මේ දිළිඳු මව හා දියණිය කොතරම් අසරණද?එකම අහසක් යට උපන් මැය කෙසේ නම් අනෙක් අයගෙන් වෙනස් වේද?එක් කොටසක් රාජ බොජුන් වළදද්දී තවත් අයට හරිහැටි කුසට අහරක් නොමැතිව දුක්විඳී?අප ජීවත් වන සමජය කොතරම් කුරිරුද?

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

මැය තරුණ දියණියකි.කොතරම් අඟ හිඟ කම් තිබුනද, අනෙක් කරුණියන් මෙන් තමාගේ රූ සිරි නරඹා එයින් සතුටු වන්නට ඈ කැමතිය.එහෙයිනි උදෑසනින ළිඳට එබී තම රුව දැකගෙන සිනාසෙනයේ.නමුත් තම දියණිය ඇගේ හැඩරුව බලනවාට මව කැමති නැත.ඒ ඇය එසේ රූ සිරි නරඹන විට පාළු කර දුටුවහොත් ඈ දක්වෙතියි යන බිය මව තුළ ඇති හෙයිනි.තම දියණිය දුක්වීම මවක වන ඈ කෙසේ නම් ඉවසා දරා ගන්නටද?එහෙයිනි දියණියට ආයාචනා කරනුයේ තම හිත තැවුලට පත් නොකරණ ලෙසින්.දිළිඳු මවක් වන ඇය කෙසෙනම් තම දියණියට රන් රිදී අබරණ රැගෙන දෙන්නද?

මෙම අපූර්ව ගීතය ප්‍රතිභාපූර්ණ ගීත රචක ලූෂන් බුලත්සංහලයන්ගෙනි.ඔහු ඉතා රමණීය ලෙස මෙම ගීතය රචනා නොට ඇත.එසේම මෙම ගීතයේ මවගේ දෘෂ්ටිකොණයෙන් ඉදිරිපත් කිරීම රචකයාගේ ප්‍රතිභාව ඉස්මතු කරයි.ඒ හේතුවෙන් අත් දැකීම රසිකයාට වඩ වඩාත් සමීප වේ.සංගීතය සංගීතවේදී ඩන්සටන් සිල්වාගෙනි.ඔහු මවගේ ශෝකය ඉස්මතු වන පරිද්සෙන් භාවාත්මක ලෙස සංගීතය යොදාගෙන ඇත.ගායනය විශාරද නන්දා මාලනියගේය.ඇය ඉතාමත් ලයාන්විත හඬකින් යුතුව මෙම ගීතය ගායනා කරයි.ප්‍රවීණ ගේය පද රචක ධම්මික බණ්ඩාරයන් පවසන පරිදිම ගායිකාවක සතු සිංහල ලකුණ ඇ සතුය.
මෙම ගීතය රසාස්වාදය කරනු ලබන කළ ජනකවියක්ද සිහි වන්නේ නිතැතිනි.එයද පහත සටහන් කරන්නෙමි.

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී”



No comments:

Post a Comment