Monday, July 20, 2015

සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ?



සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ
මාමණ්ඩී මට ඇයි මඟ හැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇසෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නො බලයි ඉව අල්ලා
රිදී පොටක් හංගා ගෙන ආවා
හීන් නඟේ නුඹ නෑ දන්නේ
හීන් නඟේ නුඹ නෑ දන්නේ
තටු පොරවා ගෙන සැලයා කූඩු වෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පාන් පැලට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොළුවීලා
ගලේ විහාරෙත් ගොළුවීලා

ප්‍රේමයේ විරහව වෙනුවෙන් ලියවුණු ගීත බොහොමයක් ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යය තුළ දැකගත හැකිය.නමුත් කණගාටුවට කරුණ නම් එකී විරහ ගීත ගොන්න අතුරින් විශිෂ්ට යැයි කිවහැකි ගීත තිබෙනුයේ අතළොස්සකි. එබඳු අතළොස්සක් වූ ගීත අතුරින් එක් විශිෂ්ට ගීයකි "සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ" නම් ගීතය.ප්‍රේමයේ ප්‍රධාන සතුරා වන්නේ කුමක්ද?ඒ ධනයයි.එම සතුරා කථකයාගේ ප්‍රේමයට ද අකුල් හෙලා හමාරය.දුප්පත් ග්‍රාමීය පෙම්වතකුගේ අත්දැකීමක් මෙම ගීතයට වස්තු විෂය කරගෙන තිබේ.
මෙහි කථකයා සුපුරුදු පරිදි තම පෙම්වතිය බැලීමට ඇගේ නිවසට පැමිණේ.නමුත් වෙනදා මෙන් නොව මෙදින තත්වය වෙනස්ය.වෙනදා ඔහු වෙනුවෙන් ඇරුණු දොර මෙදින නෑරේ.ඔහුට කිසිත් සිතාගත නොහැකිය.එහෙයිනි ඇයිද ගේ දොර වැසුවේ? යැයි කථකයා සුදු නැන්දාගෙන් විමසනුයේ.වෙනදා ලෙන්ගතු මාමණ්ඩියද අද ඔහුව මඟහරියි.වෙනදා තමා එන විට දුවවිත් පිළිගන්නා තම පෙම්වතිය වන හීන් නඟා ද අද පෙනේනට නැත.ඇය නිවසේ මුල්ලකට වී ඉකි ගසමින් හඩයි.මෙහි පද රචකයා සියලු අවස්ථා රසිකයාගේ සිතෙහි මැවී පෙනෙන සේ රෑපණය කරයි.
සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ
මාමණ්ඩී මට ඇයි මඟ හැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇසෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
වෙනදා ඔහු වෙනුවෙන් විවෘත වූ කඩුල්ල ම අද ඔහුට හරස් වේ..ඒ කඩුල්ල අන් කවරකවත් නොව,හීන් නඟාගේ දෙමාපියන්ය.ඔවුන් මෙම කථකයාට තම දුවණිය විවාහ කර දීමට කැමැත්තෙන් සිටියා විය යුතුය.එසේම ඔවුන් අතර මීට ප්‍රථම සමීප ඇසුරක් තිබුනා විය යුතුය.සුදු නැන්දා ලෙසින් කථකයා කරන අමණ්ත්‍රණය මගින් කථකයා හා ඔවුන් අතර තිබුණා වූ සමීප සබැඳියාව හඳුනාගත හැකිය.එසේ නම් ඔවුන්ට කථකයා ප්‍රතික්ෂේප කිරීමට හේතුව කුමක්විය හැකිද?එය මිල මුදල්විය යුතුය.කථකයා හීන් නඟා බැලීමට ඒමේදී රැගෙන එනුයේ කුමක්ද? ඒ රිදීපටකි.ඒ ඔහුට රන් මිළදී ගැනීමට වත් පොහොසත්කමක් ඹහු තුළ නොමැති වූ බැවිනි.මෙයින් කථකයා දුප්පතෙකු බව ගම්‍යවේ.එය හීන් නඟා ඔහුට අහිමි වීමට බලපාන්නට ඇත. එසේම ගෙදර සිටින සුනඛයාවත් අද ඔහුව පිළිනොගනී.ඔහු අද අසරණ වී ඇත.ඔහු පිළිබදව අප තුළ සංවේගයක් හට ගන්නේ නිතැතිනි.
වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නො බලයි ඉව අල්ලා
රිදී පොටක් හංගා ගෙන ආවා
හීන් නඟේ නුඹ නෑ දන්නේ
හීන් නඟේ නුඹ නෑ දන්නේ
මෙයින් කම්පා වනුයේ කථකයා පමණක් නොව,ස්භාවධර්මයා ද කම්පාවට පත්වේ .කනපුපුවෙන් හෙප්පුව බිමට පැන ඇත.පහන් පැලට පරවීගිය මල් පැමිණ වී ඇත.කථකයාගේ ගැටළුවට පිළිතුරු දී ගත නොහැකිව අද ගලේ විහාරයද ගොළු වී ඇත.මේ තුළින් පද රචකයා සංකේතවත් කරනුයේ ක කථකයාගේ කැළඹීගිය,දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරී ඉතිරී ගියා වූ සිතයි.
තටු පොරවා ගෙන සැලයා කූඩු වෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පාන් පැලට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොළුවීලා
ගලේ විහාරෙත් ගොළුවීලා
මෙහිගේය පද රචකයා ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයකු හා නාට්‍යකරුවකු වන ලූෂන්
බුලත්සිංහල මහතාය.ඹහු ජනප්‍රිය ගීත රැසක් රචනා කරන ලද රචකයෙකි.දම්පාටින් ළා සඳ බැස යනවා,මුතු කුඩ ඉහළන මල් වරුසාවේ පිපුණු මලේ රුව එමල දනීදෝ, විදුලි මිණි පහන් දැවී වැනි ගීත රැසක් ඔහුගේ අතින් ලියැවී ඇත.මෙම ගීතය සංගීවත් කරමින් ගායනා කරනු ලබන්නේ විශාරද ගුණදාස කපුගේ මහතාය

මෙම ගීතයට පහතින්  සවන් දෙන්න.


No comments:

Post a Comment