Monday, July 20, 2015

ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ


සුනිල් එදිරිසිංහයන්ගේ මධුර මනෝහර හඬින්ද,බන්දුල නානායක්කාරවසම්ගේ විශිෂ්ට ගේය පද රචනායෙන්ද,රෝහණ වීරසිංහයන්ගේ අග්‍රගණ්‍ය ස්වර රචනයෙන්ද අලංකෘත වූ ගීතයකි මෙය.ඇගලුම කමහල්හි සේවයේ නියතු අවිහිංසක තරුණියන්ගේ සෝචනීය දිවියෙන් බිඳක් මෙම නිර්මාණය තුළින් රෑපණය වේ.
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට
විවෘත අර්ථික ප්‍රතිපත්ති ලංකාවට හඳුන්වාදීමත් සමඟ ලාංකීය සමාජය උඩියටිකුරු විය.මුදලට සමාජයේ ඉහළ තැනකි හිමිවූයේ.එකී ආර්ථික ක්‍රමය තුළ බල්ලො මරා හෝ මුදල් සෙවීම බොහෝ දෙනාගේ එකම අභිප්‍රාය වීය.එකී අභිප්‍රාය සිතෙහි දැඩි කරගත්තෝ ඇගළුම් කම්හල් ඉදිකලේය.ඔවුන්ගේ අභිලාශය වූයේ උපරිම ලාභ ඉපැයීමයි.ඒ සඳහා සොඳම මාර්ගය ගෙස ඔවුන් දුටුවේ ශ්‍රමය සූරාකෑමයි.එකී ධනපති පංතියට ගොදුරු වූයේ ඇගළුම් කම්හල්හි සේවයෙහි නියතු වන්නා වූ සේවක සේනිකාවන්ය.ඔවුහු මුළු රෑ පුරාම කම්හලට කඹුරා උදෑසන නැවත පැමිණෙන්නේ පරවී ගිය කුසුමක් ලෙසිනි. ඔවුන්ගේ දිවියට ආලෝකයක් උදානොවනුයේ ධනෙවතුයන් ඔවුන්ගේ ආත්මයම සූරා කා ඇති නිසා නොවේද?රාත්‍රිය පුරා නිදිවරමින් කම්හල තුළ ඔවුන් ගෙවන ජීවිකය පිළිබඳ අප සිතෙහි සංවේගයක් ඇති නොවන්නෙහිද?පරවුණු කුසුම අපූරු කාව්‍යෝක්තියකි.ඒ තුළින් ඒ තුළින් සේවිකාවන් ගෙවන්නා වූ අතිශය වෙහෙසකර මෙන්ම දුක්ඛිත ජීවිතය සංතේතවත් කරයි.අනෙක් අතට ඔවුක්ගේ අපේක්ෂාභංගත්වයද සූචනය කරයි.
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දිය කර හරින්නේ
මැසිම ද හිත ද මහ හයියෙන් හඬන්නේ
කමහල් භූමියේ සිටින තාක් ඔවුන්ගේ ඇගීළි වලට නිදහසක් නම් ඇත්තේම නැත. දෑඟිලි නිදි වරයි යන්න අපූර්ව යෙදුමකි.මෙම තරුණියන්ගේ ජීවිතයේ සොදූරුතම අවදිය නොවේද මෙම කම්හල් තුළ දියකර හරිනුයේ?කවියාට ගැටළුයක් ඇත.ඒ මහ හඩින් හඩනුයේ මැසිමද?එසේත් නැතිනම් ඔවුනගේ සිතද? යන්නයි.මේ තුළින් ශ්‍රමිකයන්ගේ සිතේ ඇතිව තිබෙන්නා දුක්ඛ දෝමනස්සයන් ඉඟි කරයි.එසේම මෙහි යොදාගෙන ඇති සංගීතය තළින් රසිකයාගේ අධ්‍යාත්මය කම්පනය කරලීමට සමත්වේ.
.
නුඹෙ කඳුළැලි ද සයුරේ රළ නගන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ
ඹවුනගේ දෙනෙතින් කඩා හැලෙන කදුළු බිඳු සයුරේ රළ ලෙසින් නැ‍ඟෙයි.ඹවුන් හෙලනා සුසුමන් සුළඟක් වී හමයි.මෙ තුළින් ඔවුන්ගේ සෝචනීය ඉරණමෙහි ප්‍රබලත්වය ගම්‍යමාන නොවන්නෙහිද?ඇයිද ඔවුන්ගේ දිවියට මෙතරම්ම කඳුළැලි උරුම වනුයේ?ඔවුන්ට කොතරම් වෙහෙස මහන්සි වී වැඩ කරද අවසානයේ අසන්නට සිදුවන්නේ කුණු බැණුම් නෙිවේද?එසේම ඇතැම් කරුණියන් චාටු බස් දොඩමින් එන සල්ලාලයන්ට ගොදුරු වී ජීවිතයම විනාශ කරගනී.අනෙක් අතට ඇගළුම් කම්හල්හි සේවයෙහි නිරතවන්නන් පසුකාලීනව විවිධ රෝගාබාධ වලට ලක්වීමේ අවධානමක් ඇත.ඔවුන්ට කොතරම් බාධක කම්කොටළු පැමිණියද ඒ සියල්ලම ඔවුන්ට තනිවම විඳ දරාගැනීමට සිදුව ඇත.ඹවුකන් සමාජයේ හුදකලා වීඇත.ඒ බැව් තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ යන්නෙන් ගම්‍යාර්ථ නොවන්නෙහිද?අවසානයේ කවියා තවත් වැදගත් ප්‍රශ්නයක් අසයි.ඒ ඇය සැබවින්ම මසන්නේ ඇඳුමඳ ?නැතිනම් ජීවිතයදැයි?කියා.සැබවින්ම ඇය එහි පැමිණියේ තම ජීවිතය සරිකර ගැනීමට නොවේද?
ඉතාමත් මිහිරි එමෙන්ම හැඟීම්බර හඩකින් සුනිල් එදිරිසිංහයන් මෙය ගායනා කරයි.එයට කදිම සංගීතයක් රෝහණ වීරසිංහයක් සපයයි.බන්ධුල නානායක්කාරවසම්ගේ කවීත්වය නම් අපූරුවමැයි.ගීතයේ වස්තු විෂය හුදෙක් ප්‍රේමයට පමණක් සීමා නොවී මෙවැනි ශ්‍රමිකයන්ගේ ජීවිකයෙන් බිඳක් ගෙන ඒම අගයකොට සැලකිය යුතුමය.එසේම හංසමාලා රිටිගහපොල ඇඳුරුතුමිය ගීත රසවින්දනය සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් ද බෙහෙවින් උපකාරී වූ බැව් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නෙමි.


No comments:

Post a Comment