Monday, July 20, 2015

හන්තානෙට පායන හඳ ලස්සනයි ද?

හන්තාන අඩවියෙහි පිහිටි පේරාදෙණිය සරසවිය තරම් සිංහල ගීතයන්ට පසුබිම් වූ වෙනත් සරසවියක් ඇද්දැයි සැක සහිතය.ඊට හේතුව වන්නට ඇත්තේ එය අතිශය රමණීය වූ පරිසරයක පිහිටා තිබීමත් එය නිර්මාණකරුවන්ට නිතැතින්ම වස්තු බීජය සපයා දීමත් විය හැකිය.
ප්‍රේමය පිළිබද වෙනස් ආකාරයට කතාකරන ගීතයකි "හන්තානෙට පායන සද" නම් ගීතය.මෙහි පෙම්වතිය සරසවි ශිෂ්‍යයාවක් වුවද,ඇයගේ පෙම්වතා එසේ නොවන්නේය .සරසවියට ඇතුළුත්වීමට සුදුසුකම් ලැබූ පෙම්වතියක් සිටින පෙම්වතෙකුට දැනෙන හැගීමම ඔහුටද එලෙසින්ම දැනේ.එනම් ඔහුව අමතක කර දමා ඇය සරසවියේදී වෙනත් අයකු සමග ප්‍රේමයෙන් බැදේවිය යන්නය.නමුත් මෙම කථකයා ඔවුන්ගෙන් වෙනස් වන්නේ ඔහු කරන ප්‍රාර්ථනයන් හේතුවෙනි.ඔහු ඇයගෙන් ඉල්ලා සිටින්නේ තමා අමතක නොකරන ලෙස නොව,තමාව අමතක කරන ලෙසය.එසේ ඉල්ලා සිටීමට ඔහුව පොළඹවන්නේ ඔහු තුළ ඇය පිළිබඳව පවතින්නා වූ උත්තරීතර ප්‍රේමයයි.තම පෙම්වතියව ඝාතනය කරන සමාජයක මෙවැනි පෙම්වතුකුගේ ප්‍රාර්ථනය උතුම් නොවන්නේද?වෙනත් පෙම්වතුන් යුවළවන් සේම මොවුන්ද හීන දකී.නමුත් ඒ හීනය ඔහුගෙන් ඈත් වුවද ඇයට එම හීනය දකින්න හැකි බවට ‍ඔහු විශ්වාස කරයි.එයයි ඔහු "මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න" යන්නෙන් අර්ථවත් කරනුයේ.සරසවිය යනු ප්‍රේමයට කදිම තෝතැන්නකි.විශේෂයෙන් හන්තාන භූමිය එයට කදිම පරිසරයක් සපයයිව.එම පරිසරය ඇයටටත් ආරාධනා කළහොත් එය පිළිගන්නා ලෙස ඇයගෙන් ඉල්ලා සිටින ඔහු අවසාන වශයෙන් තමාගැන ඇය සතුව පවතින්නා වූ සියළු මතකයන් ද මහවැලියට ගුලි දමන ලෙස ඇයට කියයි.එ් ඔහු ඇයගෙන් කරන අවසාන ඉල්ලීමයි. ඔහු සැබවින්ම උත්තරීතර පෙම්වතෙක් නොවන්නෙහිද?ඇත්තටම ඔවුන් වෙන් කිරීමට හේතු වූ කරුණ කුමක් විය හැකිද?එය ඔවුන් දෙදෙනා අතර ඇතිවූවා යැයි සිතන අසමානතාවය නොවන්නේද?සැබවින්ම ප්‍රේමයට අධ්‍යපන සුදුසුකමු අවශයද?දෙදෙනාටම සමාන අධ්‍යපනයක් තිබිය යුතුද?
මෙම සොඳුරු ගීතයේ ගේය පද රචනයා වනුයේ ධම්මික බණ්ඩාරයන්ය.මෙම ගීතයට සොඳුරු නාදරටාවන් එක්කරනුයේ විශාරද ඩෙනිස්ටර් පෙරේරා නම් සංගීතඥයා විසිනි.මෙහි ගායකයා වනුයේ ඔබ අප කවුරුත් ප්‍ර්‍රිය කරන විශාරද අමරසිරි පීරිස් මහතා විසිනි.එමෙන්ම නිරන්තරයෙන්ම අදහස් දක්වමින් දිරිමත් කරන හිතවතුන් සියළු දෙනා ටම බොහොමත් ස්තූතියි

No comments:

Post a Comment