Monday, July 20, 2015

අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ


ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයයි
මෙම ගීතයෙන් ප්‍රකාශ වන පරිදිම ප්‍රේමය රාගයෙන් තොර විය යුතුය.එය පාරිශුද්ධ සංකල්පයකි.එනමුත් එය තේරුම් ගන්නා අය නම් සිටින්නේ කීයෙන් කී දෙනෙකුන්ටද?.මෙහි කථකයාද එය වටහා ගත නොහැකිව නන්නත්තාර ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි.අභිසාරිකාවන්ගේ උමතු දෑසට රැවටී ඔවුන් පසුපස ගොස් මුළා වූවෙකි.එහෙයිත් ඔහුගේ ජීවිතයම ඉබාගාතේ ගිය එකකි.බුදු දහමට අනුව පුද්ලයකු පරිහානිය කරා යන ඒක් මාර්ගයකි ස්ත්‍රීලෝලීත්වය.මෙම පුද්ගලයාද ඒවැන්නෙකි.මොහුගේ ඒම පව්කාර ජීවිතයට තිත තබන්නට ඔහුට පිහිට වන්නේ ඇගේ ප්‍රේමයයි.රාගය යනු ගිනි ජාලාවකි.එකී ගිනි ජාලාවට හසවී පීඩාවට පත්ව සිටි කථකයාට සිහිල් පවන් රැගෙන හනුයේ ඇයගේ විකසිත ප්‍රේමයයි.ඇයගේ ලැබුණු නැවුම් ප්‍රේමය රාගයෙන් ගිනියම්ව තිබූ ඔහුගේ සිරුර සිසිළ් කරන්නට විය.එය ඔහුට කදිම සුවයක් නොවන්නෙහිද?
අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
ආයරය යන වදන කොතෙකුත් අසා තිබුනහද එහි නියම සුවය හා අර්ථය වටහා ගැනීමට නම් තෙනෙකුට ආදරයක් ලැබිය යුතුමය.මොහුද එහි නියම සුවය විඳිනුයේ ඇයගෙන් ලද ප්‍රේමයත් සමඟිනි.එපමනක් නොව මනුෂ්‍ය ජීවිතයෙහි වටිනාකම,ජීවක්වීමේ සැබෑ අර්ථය වටහා ගනුයේ ඇයගෙනි. තමාගේ අයාලේ ගිය ජීවිතයේ නියම ළුල ගැනුනේ ඇයගෙන් බව ඔහු පුන පුනාම කියයි.එඓයින් ඔහුගේ ජීවිතයේ අයිතිය ඇත්තේ ඇයට නොවේද?ප්‍රේමය නිසා අයාලේ ගිය ජීවිත ගත කරන අයද අප අතර නැතුවා නොවේ.එසේ බැලූ කළ මෙම ගීතයෙන් ප්‍රකිශිත ප්‍රේමය කොතරම් අර්ථ සම්පන්නද?ප්‍රේමයට පුද්ගලයකුගේ දිවියට මෙතරම් පරිවර්තනයක් ලබා දිය හැකිනම් කොතරම් අගනේද?
ආදරය යන වදනේ
මනු‍ලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි හැඟුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
විශාරද ගුණදාස කපුගේ විසින් ගායනා කරනු ලබන මෙම ගීතය රාගය හා ප්‍රේමය අතර අැති වෙනස අවබෝධ කරන්නකි.ඒනම් රාගයට හැක්කේ පුද්ගලයකු විනාශ කිරීමට මිස පුද්ගලයකු සතුටු කිරීමට නොව.නමුත් ප්‍රේමයට පුද්ගලයකුට යා යා යතු නිවැරැදි මාවත පෙන්වා දිය හැකිය .කෙසේ නමුදු මා විසින් විග්‍රහ කරන ලද්දේ මෙම ගීතය සම්බන්ධයෙන් මට දැනුනු හැඟීමයි.අැතැම් විට එය තවත් අයකුට වෙනත් අයුරකින් වුවද දැනීමට හැකිය.සැබවින්ම ගීතයක සැබෑ ස්භාවය වනුයේද එයම නොවන්නෙහිද?

No comments:

Post a Comment