Monday, July 20, 2015

ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ - රන් කෙන්දන් බැඳ අතැඟිලි එක්කළ ........

ප්‍රේමය අවිවාහක ස්තීන් අතර මෙන්ම විවාහක ස්ත්‍රීන් අතර ද හටගනී.විවාහක බන්ධනයට හසුවූ ස්ත්‍රියක් තුළ හටගත්තා වූ ප්‍රේමයක් ගැන කියවෙන සුන්දර ගීතයකි 'රන් කෙන්දන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි' නම් වූ ගීතය.ඇයගේ එක් කෙළවරක තිබෙනුයේ චාරිතු මගින් එක් කරනු ලැබූ තම ස්වාමිපුරුෂයාගේ ප්‍රේමයයි.අනික් කෙළවරේ තිබෙනුයේ ප්‍රේමය නමැති වරපට මගින් බැද තැමූ තම අනියම් පෙම්වතාගේ ප්‍රේමයයි. ඇයගේ සිත එම ප්‍රේමයන් දෙකටම මැදිවී සිටියි.
රන් කෙන්දන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනෙන් බැඳ සිතුම් වසඟ කළ
ආදරයයි
කිරිල්ලියක මෙන් පියාසර කරමින් ස්වාමියාගෙන් ලැබුණු ප්‍රේමයේ තිබූ අඩුව දුර ලා ගැනීමට ගිය ඇයටද සිදුවූයේ බාහෝ විවාහක කතුන්ට උරුම වන්නා වූ වේදනාවම උරුම වීමයි.තම ප්‍රේමය ඔවුන් දෙදෙනාටම අයිති යැයි ඇය කියයි.නමුත් එක් සිතකින් දෙදනෙකුට සැබෑවටම පෙම් කළ හැකිද?
කිරිලිය සේ දුර පියාසලාලා
අත්තටු රිදුණා පමණයි
දෑල විදාහළ දෑත මගේ
නුඹටත් ඔහුටත් උරුමයි
හිරු මෙන්ම සදුද ඇයගේ ලොවට පායා විත් තිබුනද එය මුළුමනින්ම අදුරු වී ඇත.එනම් ඇයට ඔවුන් දෙදෙනාගේම ප්‍රේමය ලැබුනද ඇය සිටිනුයේ සතුටින් නොවන බවයි.කණාටු සුළගට ගසාලෙන යන දුහුළු මලක් මෙන් ඇගේ සිත ඉබාගාතේ සැරිසරයි.දුහුළු මල ඇගේ සිත සංතේතවත් කරයි.තම ස්වාපුරුෂයාගේ ප්‍රේමයද නැතිනම් තම පෙම්වතාගේ ප්‍රේමයද යන උගතෝකෝටික ප්‍රශ්නයකට ඈ මැදි වී සිටියි.ඇය කම පෙම්වතාට මෙන්ම ස්වාමි පුරුෂයාට ද එකසේ ආදරේ කළා විය යුතුය.එහෙයිනි ඇයට තීරණයක් ගැනීමට දුෂ්කර වී ඇත්තේ.එසේම එසේම ඔහු ද ඇයට පෙම් කරන්නට ඇත.එසේ නම් ඇයි ඇය අනියම් පෙමක් සොයා ගියේ?තම සුවාමි පුරුෂයාගෙන් නොලැබුනු සුවයක් ඇයට තම අනියම් පෙමෙන් ලැබුනිද?එමගින් ඈ තවත් අවුලට පත් වූවා නොව්ද?කෙසේ නමුදු ඇය හෙට දින එක් අයකුගෙන් සමුගෙන යා යුතුය!ඒ කවුරු විය යුතුද?
හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ
කණාටු සුළඟේ දුහුළු මලකි 
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ
ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ
දුහුළු මලක් චිත්‍රපටයේ එන මෙම ගීතය නාදරටා වන්ගෙන් සරසනුයේ සරත් දසනායක මහතා විසිනි.ගේය පද රචනය ආචාර්ය අජන්තා රණසිංහයන්ගෙනි.මෙම ගීතයට තද මියුරු හඩින් ජීවය දෙනුයේ විශාරද නන්දා මාලනී මහත්මියයි.



කුමාර.එන්.ඩබ්.ජේ(ලක්මාල් රංග කුමාර)

No comments:

Post a Comment