Thursday, July 30, 2015

රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..







පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට..

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගැමියෙකු තම බිරිඳ නිවසෙහි තනිකර දමා යෑම හේතුවෙන් තනිවී සිටින බිරිඳ තමන්ට නැගෙන සිතුවිලි දාමය මෙම ගීතයට විෂය වී ඇති බැව් පෙනේ.ස්වාමිපුරුෂයා හේනේ සිටිනුයේ තනිවමය.ඔහුගේ තනි නොතනියට පැමිණෙන්නේ පුන් සඳයි.රන්වන් ඉරිඟු සිඹිනවද යනු ශෘංගාරවත් යෙදුමකි.ඇය තම ස්වාමුපුරුෂයාට ආමන්ත්‍රණය කරනුයේ රන්කද ලෙසිනි.සැබවින්ම බිරිඳකට තම ස්වාමියා රත්තරන් නොවන්නෙහිද?ඒ තුළින් ඇය තම ස්වාමියාට දක්වන අසීමිත වූ සෙනෙහසයි.
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
ඇය නිවසට වී මුළු රඅය පුරාම සිහින දකී.නමුත් එසේ සිහිනයන් දැකීමෙන් පලක් ඇද්දැයි ඈටම සිතේ.මේ තුළින් ඇය තුළ ඇති පාළුව,තනිකම හාපශ්චාත්තාපය මැනවින් නිරූපණය නොවන්නෙහිද?

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට..
නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..යන්න අතිශයින්ම අලංකාරවත්වූද,කාව්‍යාත්මක වූද යෙදුමකි.චිත්ත රූප දනවන්නකි.නිල් පැහැයෙන් දිදුලන තාරාකා අහසේ දිදුළන අයුරු අප මනසෙහි මැවී නොපෙනෙන්නේද?පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට යන්නෙන් ඇය සම්භෝග සුවය විදීමට ඇය තුළ ඇති කැමැත්ත සංකේතවත් වේ.ඇය තරුණියකි.ඇතැම් විට ඔවුන් අලුත විවාහපත් වූ ජෝඩුවක් විය හැකිය.ඇය තුළ දඅනෙකුත් කාන්තාවන්ට තිබෙන්නා වූ ආශාවන් ඇ තුළ ද නොමැතිද?කෙසේ වුවත් ඒ භාග්‍යය ඇයට නැත.ඇගේ ස්වාමිපුරුෂයාය ඇයට තනි රැකීමට නොව හේනට තනි රැකීමට යාමට සිදුව ඇත.ඊට හේතුව ඔවුන්ට මුහුණ පෑමට ඇති ආර්ථික පීඩාවන් නිසා නොවන්නෙහිද?කෙසේ නමුත් එය ඔවුන් අකර පවතිනා වූ ප්‍රේමයට නම් බාධාවක් වී නැති බැව් පෙනේ. මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට..යන්න ව්‍යංග්‍යාර්ථවත් යෙදුමකි.එයින් කවියා සංකේතවත් කරනුයේ විවාහ සිටියද ඔවුන්ට තවමත් දරුභල නොමැති බවයි.සැබවින්ම ඇයගේ සිතෙහි ඇති වික්ශෝපයට පධාන හේතුවක් වන්නේද එයයි.මන්ද ස්වාමියා හේනට ගියපසු ඇයට තනිකමින් පීඩාවිඳිමට සිදුවන බැවිනි.එසේම තරුණ බිරිඳක් තනියම සිටිනා කල ඇය තලාලෙීමට විෂ බඹරුන් නෑවිත් සිටීද?


රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...

තමනුත් තම ස්වාමියාත් කිරි කැටියාත් සමඟන් එකට යහනේ නිදන්න කවදා නම් වරම් ලැබේවිද?කවදානම් ඒ සුබ සිහිනය දකින්නට දැයි සිතමින් ඇය සෝසුසුම් හෙළයි.ඇතු යන්නෙන් ඇය ආමන්තුණය කරනුයේ තම පුතුටය. රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...යන්නෙන් ඇය සංකේතවත් කරනුයේ ද තවමත් ඇයට දරු සුරතල් බැලීමට වරම් නොලැබී ඇතිබවයි.
නිරෝෂනා විරාජිනිගේ ලයාන්විත එඬ මෙම ගීතය සඳහා අතිශයින් උචිතය.විශේෂයෙන් මෙම ගීතය පුරාවටම දක්නට ලැබෙන ශෘංගාරය ධ්වනිත කිරීම සඳහා ඇගේ එඬ ප්‍රභල ලෙසින් දායක වී ඇත.එසේම මෙම ගීතය සඳහා මනරම් සංගීයක් නිර්මාණය කිරීමට ඔස්ටින් මුණසිංහ සංගීතවේදියා සමත් වී ඇති බැව් පෙනේ.එසේම මෙම ගීතය සඳහා ඔහු ජන සංගීතයෙද ආභාසය ලබා ඇතිබැව් පෙනේ.මෙම අගනා ලීතයේ ගේය පද රචකයා වනුයේ රත්න ශ්‍රී විජේසිංහයන්ය.එහු සතු ප්‍රතිභාය මැනවින් මෙම ගීතය තුළින් විශද වේ.මෙම ගීතය රචනා කිරීමේදී ජන ගී වල ඇභාසය ලබා ඇත.මෙම ගීතය නිාරා්ෂා විරාජිනිගේ සංගීත දිවියේ නොමැකෙන සටහන් තැබූවකි.



මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද...........








වැහිදිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද
රැ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රැ විතරද
විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද...........

රෝස පතක කවී ලිව්වේ
සුවඳ දිදි තියාගන්න
මේ විදියට ගී ගැයුවේ
ඉන්න තැනකදී ඇහෙන්න........
මේ විදියට ගී ගැයුවේ....
ඉන්න තැනකදී ඇහෙන්න..........

රැ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රැ විතරද
මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නෙ මං විතරද..........

උස අත්තක මලක් උනේ
ගවු ගනනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න..........
අවසානේ උරුම වුනේ......
මල් පොකුරක එකක් වෙන්න............
ප්‍රේමය මගින් ඇතිකරනු ලබන්නේ සොම්නස පමණක් නොව,දොමනසද ඇති කරලයි.එය වූ කලී ප්‍රේමයේ ස්භාවයයි.ප්‍රේමය නිසාම දොම්නසට පත්වූ තරුණියකගේ මනොභාවයන් මෙම ගීතය තුළින් විවරණය වේ.මෙම ගීතය ගායනා කරනු ලබන්නේ විශාරද දීපිකා පියදර්ශනී පීරිස් මහත්මය විසිනි.සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙනි.පද රචනාව නුවන් ලියනගේ ගෙනි.
       
වැහිදිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද
රැ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රැ විතරද

විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද...........
තමාගේ දුක කියාපෑමට ඇය ස්භාවදහමේ සිද්ධාන්තයන්ද උපයෝගී කරගනී.වැහිදිය මහපොළව තෙමුවද මහපොළව තෙමන්නේ වැහිදිය පමණක්ද?ඇයි කදුළු  වලට පොළොව තෙමිය නොහැකිද?ඇගෙන් වැටෙනා කඳුලු බිංදු වලින් ද ධරණී තලය නැහැවෙයි.රෑ අහසේ තරු තිබුනද තරු තිබෙනුයේ රාත්‍රියට පමණක්මද?ඇගේ ඇසෙන් ගලනා කඳුළු කැට ද කරුමෙන් දිලිසෙයි.එයයි මෙමගින් ව්‍යංග්‍යාර්තවත් කරලයි.විහඟුන් පෙම් ගී කියන බැව් සැබෑය.එහෙත් පෙම්ගීත ගයනුයේ විහඟුන් පමණක්මද?මැයද ගයන්නේ පෙම් ගීතයක් නොවන්නෙහිද?අවසාන පාදයෙනි මෙම ගීතයේ ප්‍රධානාර්ථය හෙළිවන්නේ.එනම් ඇයට සිටින්නේ ඔහු පමණක් වුවද,ඔහුට සිටින්නේ ඇය පමණක්ද?නැත.ඔහුට තවත් පෙම්වතියන් සිවී.මැයගේ දුකට හේතුවද එයමය.කෙසේ වුවත් මැය එය දරාගෙන සිටින බැව්පෙනේ.ඒ ප්‍රේමයේ නාමයෙනි.

රෝස පතක කවී ලිව්වේ
සුවඳ දිදි තියාගන්න
මේ විදියට ගී ගැයුවේ
ඉන්න තැනකදී ඇහෙන්න.......


උස අත්තක මලක් උනේ
ගවු ගනනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න..........


රෝස පතක ඇය කවි ලීවේ ප්රේමයේ සුගන්ධය නිරතුරුවම ඇය තුළ රදවා ගැනීමටය.රෝස පාරිශුද්ධ ප්රේමයේ සංකේතයක් බඳුය.ඇය මෙලෙසින් ගී ගැයීමට හේතුව කුමක්ද?ඒ ඔහුට තම දුක ඇසෙන්නටය.අඩුම තරමේ එවිටවත් ඔහු තමාගේ දුක තේරුම්  ගනීවි යැයි ඇය සිතයි.ඇය ඔහුට පෙම් කරමින් සිතන්නට ඇත්තේ ඔහුගේ ප්රේමය උපරිමෙන්ම භුක්ති විදීමටය.ප්රේමයෙන් ඉහළින්ම වැජඹෙන්නටය.එසේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම අරමුණ වන්නට ඇත.නමුත් අවසානයේ ඇයට සිදුවූයේ ඔහුගේ පෙම්වතියන් රෑනෙන් කෙනෙකු වීමටය.තමන්ට දහසක් දේ බලාපොරොත්තු විය හැක.එහි වරදක් නැත.නමුත් එපමණින් බලාපොරොත්තු වූ සියල්ල අනිවාර්යයෙන්ම සිදුවෙතැයි අපට සිතීමට අයිතියක් ඇද්ද? මැය තම පෙම්වතාගේ ප්රේමය අංශු මාත්රයක හෝ වෙනකකුට නොයා යුතුය යන තිර අදිටනින් සිටි කරුණියකි.නමුත් ඇයට එම වාසනාව නම් උදා වී නැත  

එසේම මෙම ගීතයේ පද රචනාව,සංගීතය හා ගායනය යන ත්රිලක්ෂණයම මැනවින් ඒකාබද්ධ වී ඇතඑය මෙම ගීතයේ සාර්ථකත්වයට හේතුභූත වී ඇත.විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක්ද ඇත.මෙහි වැසි ජලය වැටෙන රිද්මය පවා සංගීතය තුළින් නිර්මාණය කොට ඇත.