Monday, July 20, 2015

පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ...





 












රුක් අත්තන මල මුදුනේ
ඹමරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...

මුතු පිණි දැල් සැලෙන ඔබේ
උදා දිමුතු හිරු එලියේ..
පුතුසවනට රහස් කියා - පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ

පතොක් වැටිය උඩින් වැදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ..
පුතුනි බලන් යොමා නුවන් කවුරුද ‍එන්නේ..



මෙම ගීතය තුළින් මහින්ද අල්ගමයන් සමඟින් නනදා මාලිනිය අප සුන්දර වූ ග්‍රාමයකට රැගෙන යයි.එය සොඳුරුතම වූ අත්දැකීමකි.පියකු,මවක හා පුතකු අතර බැඳි අධ්‍යාත්මීය ප්‍රේමයේ සුගන්ධය මෙම ගීතය තුළින් වහනය වන්නේයැයි කීම යුක්ති යුක්තය.මෙම ගීතය මගින් ඔවුන් අතර බැඳි සොඳුරු සෙනෙහස රසික හඳ තුළ සිතුවම් කරලයි.උදෑසනින්ම රැකියාව කරා ගිය තම ස්වාමියා එන තුරු ඔහුගේ බිරිඳ පුතු සමඟින් බලා සිටී.ඔහු එනතුරු පුතු මෙන්ම ඇයද නොඉවසිල්ලෙනි සිටින්නේ.මෙම ගීතයෙන් කියැවෙන අත්දැකීම මීට දශක් කිහිපයකට පෙරාතුව තත්වයයි.අද ඇතැම්විට පුතු සමඟ මඟබලා සිටින්නේ බිරිඳ නොව ස්වාමියාය.මන්ද නූතන ජීවන අරගලයට මුහුණ දීගත නොහැකිව අද බොහොමයක් බිරින්දෑවරන්ද රැකියාවල නිරත වන හෙයිනි.


රුක් අත්තන මල මුදුනේ
ඹමරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...

මෙම ගීතය මඟින් අපට චිත්‍රණය කරනුයේ සොඳුරු ග්‍රාමයකි.රුක් අක්තන මල්  මුදුනේ ඹබරැ ගී ගයති,නටති.එහෙත් පරිසරය නිස්කලංකය.මව  පුතු සමඟින්  දෙනෙත් යොමාගෙන සිටිනුයේ උදෑසනින් පිට වී ගිය තම ස්වාමිපුරුෂයා  එනතුරුය.ඔහු හනු දකිනා ඇගේ සිත ප්‍රීතියෙන් පිනායයි.ඇය පුතුට ඔහු පෙන්වා දෑස් යොමා කවුරුන්ද එන්නේ කියා බලන මෙන් කියයි.එසේම මෙම ගීතයේ රිද්මය තරමක් වේගවත් කරමින් - කවුරුද එන්නේ යන කොටස ගායනා කරයි.එමඟින් තම ස්වාමි පුරුෂයා එනු දැක බිරිඳ නොඉවසිල්ලට පක් වූ අයුරු රූපණය වේ.

මුතු පිණි දැල් සැලෙන ඔබේ
උදා දිමුතු හිරු එලියේ..
පුතුසවනට රහස් කියා - පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ

තම බිරිඳ සහ පුත්‍රයා ජීවත් කරලීම සඳහා ඔහු  උදෑසනින්ම පිටවී යයි.එම උදෑසන ද අතිශය මනරම් වූවකි.මුතු පිණි දැල් සැලෙන උදයකි.මෙමඟින් ඔවුන්ගේ කුටුම්භය තුළ ගිබෙන්නා වූ සතුට සංකේතවත් නොවන්නෙහිද?ඔහු  රැකියාවට යනුයේ තම පුත්‍රයාගේ සවනට රහස් කියමිනි.ඇතැම් විට ඒ රහස අද ඔහු වේලාසනින් නිවසට පැමිණෙනවා යන්න විය හැකිය.මෙහිදී ඇය තවත් වැදගත් කාරණයක් පුතුට සිහිගන්වයි. පුතුගේ පියා මෙතරම් වෙහෙසෙන්නේ කවුරුන් වෙනුවෙන්ද යන්නයි. තමන් දෙදෙනා වෙනුවෙන් බව ඇය පුතුට සිහිඟන්වයි.සැබවින්ම පියාගේ අගය කුඩා කල සිට තම දරුවන්ට කියා දෙන්නී මවයි.මෙම මවද එසේමැයි.

පතොක් වැටිය උඩින් වැදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ..
පුතුනි බලන් යොමා නුවන් කවුරුද ‍එන්නේ..

උදෑසනින් ඔවුන්ගෙන් වී ගිය පියා නැවක එන්නේ දිවයුරු මිය යන මොහොතේය.එනම් සැන්දෑ කාලයේය.දිවයුරු මිය යෑම යන්න අපූර්ව කාව්‍යෝක්තියකි.ඉර බැස ගියද ඔවුන්ට අඳුරක් ඇති නොවේ.මන්ද පියා පුර හඳක් මෙන් ආලෝකය රැගෙන ඔවුන් කරා එන හෙයිනි.පුර හඳ අඩුවක් නොමැතිව ආලෝකය  සපයනවා මෙන් පියාද ඔවුන්ට අවශ්‍ය ආදරය,රැකවරණය,සෙනෙහස අඩුවක් නොමැතිව ලබාදෙයි.මෙම ගීතය තුළින් කුටුම්භ ජීවිතයේ මිහිරියාව කරා අප සමීප නොකරන්නේද?මනුෂ්‍යාෙග් ජීවිතයේ ඔහු ලැබන්නා වූ වටිනාම සම්පත වන්නේ ද ඔහුගේ බිරිඳ හා දරුවන් නොවන්නෙහිද?

මෙම ගීතයේ පද රචකයා වනුයේ ප්‍රතිභාපූර්ණ ගීත රචකයකු වන මහින්ද අල්ගමයන්ය.ඔහු තම සහජ කවීත්වය උපයුක්ත කරගනිමින් අපූර්වවූද සොඳුරු වූද ගීතමය අත්දැකීමක් කරා අප ගෙන යයි.ඔහු මෙහි දෘෂ්ටිකෝණය ලෙසින් මව තෝරා ගැනීම  උචිතය. හේතුවෙන් මෙම ගීතයෙන් කියැවෙන අත්දැකීමට අපට වඩාත් සමීප කරලීමට සමත්වේ.මෙම ගීතයේ ගායනය මෙන්ම සංගීතය ද විශාරද නන්දා මාලනීගෙනි.ඇගේ ගායනය පිළිබඳව නම් අමුතුවෙන් කීමට නුවමනාය.මන්ද ඈගේ ගායන කුසලතාවය ඔබ කවුරුත් මැනවින් දන්නා හෙයිනි.එහෙයින් ඇගේ සංගීත නිර්මාණය පිළිබඳව යමක් කීම උචිත යැයි හැඟේ.මෙම ගීතයේ සංගීතය තුළ අපූරත්වයක් ඇත.ජන සංගීතය ද උපයුක්ත කරගනිමින් ඉතා ප්‍රශස්ත අන්දමින් මෙම ගීතය සඳහා සංගීතය සපයා ඇත.මෙම ගීතයේ තනුව සඳහා උකුසා වන්නමේ තානම දඇසුරු කොටගෙන ඇත.එහෙයින් මෙම ගීතය තුළින් අර්ථ රසයක් මෙන්ම අපූර්ව ශබ්ද රසයක් ඇතිවේ.සිංහල ගීත සාහිත්‍යයට එක් වූ වටිනා ගී මිණක් ලෙසින් මෙම ගීතය හැඳින්වීම යුක්ති යුක්තය.

 ගීතය පහතින් නරඹන්න.




5 comments:

  1. බොහෝම අගෙයි ඔබේ වෑයම. සුබ පැතුම්!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔබගේ ප්‍රශස්ත විචාරය මා සිත් ගත්තා. 'නමුත් රුක් අත්තන මුල බඹරු නටන ' කියන නොගැලපෙන යෙදුම රචකයා කිසියම් හේතුවක් මත වුවමනාවෙන්ම යෙදුවක් බව දැනට වසර තිස් හතලිස් ගණනකට පෙර එනම් මේ ගීතය පිට වූ මුල් අවස්තාවේදී සඳහන් වුවා මට මතකයි. නමුත් ඒ හේතුව මට දැන් අමතකය.
    රුක් ඇත්තන , අරලියා වැනි මල් වලට බඹරු එන්නේ නැත. ඒ එමල් වල මකරන්ද නොමැති නිසාය, රේණු නැති නිසාය. එසේ නම් රචකයා එසේ යෙදුවේ අයි?
    ඒ ගැන සොයා බලා අපව දැනුවත් කරන්නේ නම් මැනවි.

    ReplyDelete
  5. මම හිත්නෙ නම් සැන්දෑකාලයට හුඟක් මල් පරවෙනවා.නමුත් රුක් අත්තන මල සැන්දෑවෙත් පිපිලා තියෙනවා.ඒ නිසා වෙන්න ැති රුක් අත්තන මල කියලා යොදාගන්න ඇත්තෙ.අනික බබරු නටන කියලා ගන්න ඇත්තෙ සිතේ ඇතිවෙලා තියෙන ප්‍රීතිය හැඟවීමට විය යුතුය!

    ReplyDelete