Saturday, September 19, 2015

කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී







කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී


පෙම්වතුන් යුවලක් ප්රේමයෙන්බැඳුණු පමණින් ඔවුන්ට එක්වීමට ඉඩදීමට තරම් සාජය කාරුනික නැතුව සේම ඊට සූදානම්ද නැත.සමාජය විසින් ඔවුන් එකිනෙකා නොයෙකුත් තහංචි හා බාධකයන් පමුනුවති.කුල මල ආගසම්ජාති භේදය ,කන්යාභාවය,ධකය යනාදිය එයින් සමහරකි.මෙකී තහංචි  බිඳගෙන ගොසික් සාර්ථකත්වය ලබකුවේ සවිමත් ප්රේම බන්ධනයන් කිහිපයක් පමණි.මෙම ගීතය තුළින් නිනරනය වනුයේ එකී සමාජ බන්ධනයන් හ්තුවෙන් එක් වීමට නොහැකිව ලතවෙන ප්රේමයක දුක්මුසු හැගුම් සමුදායයි.


කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
රසවින්දනය කිරීමේ පහසුව සඳහා මෙම ගීතයේ කථකයා පෙම්වතුකු සෙින්ගෙක රසවින්දනය කරමි. කඩ මණ්ඩියේ දොළ අයින ැනි හැම තැනකදීම ඔහුගේ නෙතු ගැටෙන්නේ ඇඟේ රුව වෙතටයි.නමුත් රුව සිතු සේ දැකගන්නට ඔහුට හැකියාවක් නැත.එයට බෝහෝ බාධකයන් ඔවුනට හරස් වේ. නැවතී බලනවා මොහොතක් කොහොම හරී යන්නෙන් සිත බැඳි තරුණියගේ රුව දැකගැනීමට තිබෙන්නා වූ අසීරුතාවය කොතරම් දැයි සිතාගත නොහැකිද?පෙව්වතුන්ට කතාබස් කිරීමට දහසක් දේ ඇත.මොවුන්ටද එසේමය.නමුත් ඔවුන් එයට ඔවුන් ජීවත් වනසමාජයෙන් ඉඩක් නැත.එහෙයින් හඳ තුළ තෙරපෛන හැඟුම් සමුදාය කියාගත නොහැකිව ඔවුන් ලතැවේ.


ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
 ඔවුනට කිසිදා එක්වීමට නොදෙන සමාජ බලවේගයන් කොතෙකුත් ඇත.ඔවුන් දෙදෙනා දෙස දහසක් දෙදෙනා බලා සිටින හෙයින් ඔවුන්ට නිදහසේ වචනයක් දෙකක් වත් කතාකිරීමට සුළු හෝ අවසරයක් ඇත.ගහ කොළට ඇස් දහසක් ,සුළඟට කන් දහසක් දඇත යන්නේ ඔවුන් වට කොතරම් බාධකයන් ඇත්ධ?කොතරම් දෙනා ඔවුන් දෙස උකුසු ඇස හෙළමින් සිටින්නේද යන්න ගම්යමාන නොවන්නෙහිද?අවට ඇත්තේ දඉතා සියුම් කන් හෙයින් රහසින් වත් කතාබස් කරන්නට ඔවුනට ඉඩක් නැත.මේ බාධකයන් මැද්දේ ඔහුට ඇය කිසි දිනක නොලැබෙන බැව් ඔහු හොඳින්ම දනී.එහෙයින් දෙදෙනා කතාබස් කිරීමෙන් සිදුවන්නේ දුක් වැඩිවීම පමණක්මැයිධ,එයට වඩා කිසිත් නොදොඩා සිටීම යෙහෙකැයි ඔහුට සිතේ.


සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී

තම අදහස ප්රකිශ කිරීමට ජනකවියකු මෙන් විවිධ උපහඅරණ ගෙන දක්වයි.කොතරම් විශාල සයුරක් තිබුනද පලක් නැත.පිපායස සංසිඳුවාගැනීමට දිය දොතක් බොන්නට නොහැකි නම්.කොතරම් ළඳුන් සිටියද පලක් නනොමැත තමන් ආලය බැඳි ලඳ ලබාගත නොහැකිනම් යන්න එමගින්  ව්යංග්යාර්ථවත් වේ.ඔරුවක් තිබුනද එය පැද යන්නට නොහැකි නම් ඉන් පලක් ඇද්දැයි ඔහු විමසයි.එයින් ඔහු ඉඟ කරනුයේ ලබාගත නොහැකි කායික ඇසුර නොවේද?දෑසක් තිබුන දතමන් දැකුමට ප්රිය ලද සිතුසේ  දැකගත නොහකි නම් ඉන් ඵලක් ඇත්දැයි ඔහු විමසයි.කුසුමක් පිපී සුවඳ හැමුවට පලක් නොමැත.ඉන් රොන් ගත නොහැකිනම්මොහු ඉන් ඉඟි කරනුයේද ලිංගික ඇසර නොවේද?කෙසේ නමුත් මෙම පෙම්වතාගේ ආලය රාගයෙන් විනිර්මුක්ත නොවූවක් බවනම් පෙනේ.තමාට ලබාගත නොහැකි සම්භෝග සුවය පිළබඳ ඔහු දුක්වන බැව් පෙනේ.

මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ අති විශිෂ්ට ගේය පද රචනාවෙන්ද ,විශාරද නන්දා මාලිනියගේ භාවපූර්ණ හඬින්ද ගැයෙනාමෙම ගීතය සංගීතවත් කරන ලද්දේ සංගීතවේදී එච්.එම්.ජයවර්ධනයන් විසිනි.ඔහු සිතාරය උයෝගී කරගනිමින් මවන නාද රටා තුළින් මෙම ගීතයෙන් ප්රකාශිත ශෝකී රසය තීව් කරලයි.න්නා මාලිනියගේ හඬද මෙම ගීතයෙන් ප්රකාශිත ශෝකය මුසු හැඟුම් දනවන්නට මැනවින් ගැළපේ.




2 comments: