Sunday, October 25, 2015

අද නුඹ කොතැනද අද මා කොතැනද






මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි.ඒ දුක මැනවින් හඳුනාගත් යතිවරයාණන් කෙනෙකි ,රඹුක්කන සිද්ධාර්ථ හිමිපාණෝ.උන්වහන්සේගේ පන්හිදෙන් විරචිත අගනා ගී කාව්‍යයක් ලෙසින් මෙම ගීතය හඳුන්වාදිය හැක.මෙම ගීතය ගායනා කරනු ලබන්නේ ප්‍රවීන ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි කලාකරුවාණන් විසිනි.මීට මගීතය සපයනුයේ සංගීතවේදී එම් .ආර්.චූලසිංහයන් විසිනි.

මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී
ඉර හා සඳ පවතින තුරා මේ විශ්වයද අපද පවතිනු ඇත.එසේම ඉර හඳ යනු මෙතුවක් කල් අප කළ කී දේ  අපටත් වඩා හොඳින් දන්නා දෙදෙනෙකි.මේ ඉර හඳ යට කී දෙනෙකු හමුවෙන්නට ඇත්ද,කතාබහ කරන්නට ,සෙනෙහසින් බැදෙන්නට,ආල වඩන්නට ඇත්ද?එසේම කී දෙනෙක් නම් වෙන්ව යන්නට ඇත්ද?ඔවුන් බොහොමයක් එකිනෙකා දන්නා තැනකවත් නැත.මෙහි කථකයා ද එලෙසින්ම මේ ඉර හඳ යට තරුණියක හා පෙමින් බැඳී ඇත.අද ඈ ඔහුගෙන් වෙන්වී ගොස් ඇත.අද ඔහුට ඉතිරිව ඇත්තේ විරහ වේදනාව කැන්දන ප්‍රේමයේ මතක සටහන් පමණකි.ඔහු එම ප්‍රේමයේ අමිහිරි මතකයන් බුක්ති විඳී.

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා
අද ඇය කොහේ කොතැනක නම් සිටීද කියා නොදන්නවා පමණක් නොව අද තමා සිටින්නේ කොහිදැයි කියාවත් ඔහුට නොවැටහේ?එය මේ ඉර හඳවත් දනී නම්.ඔවුන්ගේ ප්‍රේමයට විවධ බාධක එන්නට ඇත.ඒ හේතුවෙන් ප්‍රේමය බිඳ වැටෙන්නට ඇත.අද ඇය ඔහුටත් නොකියාම ජීවන බඟ සටන් වැදීමට ගොස් ඇත.කලක් තිස්සේ ප්‍රේමයෙන් බැඳී සිටි පෙම්වතුන් යුවළකට නන්නාඳුනන පෙම්වතුන් වීමට සිදු වේ නම් කොතරම් අභාග්‍යක්ද?කොතරම් දුකක් හඳෙහි ජනිත කරවයිද?මෙම කථකයාට අද ඒ ඉරණමට මුහුණ පෑමට සිදුවී ඇත.එහෙයිනි හඳෙහි මෙතරම් වියෝ දුකක්.

දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා
මොවුන් එකිනෙකා හඳුනාගත් දා සිට දැඩිසේ ප්‍රේමයෙක් බැඳී සිටිණි.අද දිනයේ ඔවුන් එකිනෙකා වෙවී ඇත.අද ඈ එත තැනකය.මොහුද තව තැනකය.එනමුත් ප්‍රේමය එසේ අවසන් වී ගිය ද නඳුළැලි නම් එලෙසින් වියැකී යන්නේ නැත.මොවුන් වෙනුවෙන් හෙළන්නට කදුළැලි හෙට දිනයේද ඉතිරිය.මෙ තුලින් ඔහුගේ මෙන්ම ඇය තුළද තවමත් විරහ දුක පවතිව බව නොවේද ගම්‍යමාන වනුයේ.
ප්‍රේමතී ජායතී ශෝකෝ යන්න මෙම ගීතය මඟින්ද අර්ථවත් නොවන්නෙහිද?ලෝකයේ සිටිනා මිනිසුන් තුළ හටගන්නා හඑත් සේ දුකකි වියෝ දුක.එකී ප්‍රේමයේ වියෝ දුක එඳතුළ මනා සේ සනිටුවහන් කරනු ලබන මනරම් ගී කාව්‍යයක් ලෙසින් මෙම ගී.ය හඳුන්වාලීම යුකි යුක්ත යැයි සිතේ.

ගීතයට පහතින් රසවිඳින්න.


4 comments:

  1. Singing by Divulgane, not by Ed Jayakody bro...

    ReplyDelete
  2. නැ මිතුරා එය ගායනා කරන්නෙ ඔඩ්වඩ් ජයකොඩි විසිනිhttp://www.ananmanan.lk/free-sinhala-mp3/song/1754/me-ira-hada-yata-edward-jayakody-sinhala-mp3.html
    ඔබ මා හමුවුන මේ ඉරහඳ යට නම් ගීතය ගායනා කරන්නේ දිවුල්ගනේ විසිනි.ඔබට මෙම ගීත දෙක් පැටලිලා මිතාරා!ස්තූතියි ඔබට!

    ReplyDelete
    Replies
    1. දාල තියෙන වීඩියෝවේ උඩින් පෙන්නන්නේ ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට කියලා. පටලැවිල්ල ඒකයි..

      Delete
  3. itha hoda geethayak. mama ekata asai

    ReplyDelete