Monday, August 3, 2015

ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ

කවුළු පියන් පත් වහන්න 
සඳළු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා 
ළවැලි තලාවේ
විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
සඳළුතලාවට පැල්පත දුරනම් බෝමැයි
කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරණ තරු කැළුම් අහසට නොම පෙනුනාවේ 
සිත ඈත අරන් යන විමනේ සඳළුතලාවේ 
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ
සැබෑ නොවූ ප්‍රෙමයන් සිතට ඇති කරලන්නේ දොම්නසකි.එය කොතරම් වේදනාත්මකදැයි එය විඳ ඇත්තෝ හොඳින්ම දනිති.එහෙයින් එය කෙබඳුදැයි හඳුන්වා දීමට අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නොවේ.ප්‍රේමයන් විවාහයෙන් ඛෙළවර නොවී කඳුලකින් හමාර වීමට හේතු කුමක් විය හැකිද?එය හුදෙක් දෛනාගේ අදහස් නොගැළපීම මත් පමණක් සිසු නොවේ.බොහෝ විට ඊට පරිබාහිර හේතු ප්‍රත්‍යයන් එයට බලපායි.ධනට ,කුලය ,ආගම වෘත්තිය,දේපල ,පරම්පරාව,අධ්‍යාපනය වැනි හේතු සාධක නිසා බෙිාහා් පෙම්වතුන්ට එක්විය නොහැකි වේ.සැබනින්ම මානව ප්‍රේමයට එවැනි බාහිර සංකල්පයන්හි ඇති අදාළත්වය කුමක් දැයි කෙනෙකුට සිතිය හැක.සැබවින්ම එහි අදාළත්වයක් නැත.කෙසේ වෙත්ත් පෙම්වතුන්ට එය අදාළ නොවුවද ඔවුන්ගේ වැඩිහිටියන්ට නම් ඒවායේ අදාළත්වය ආදරවන්තය්න් සැබවින්ම හකිනෙකාට පෙම් කරනවාද යන්නට වඩා වැදගත්ය.ඔවුන් කල්පනා කරනුයේ දෙදෙනා ආදරයෙන් සිටීද යන්න නොව තමාට සිදුවන අවනම්බුව,තමා කුලවත් පවුලකට නෑ කම් කියන අයුරු,කොටින්ම කියතොත් ඇතැම් වැඩිහිටියන්ට තම දවගේ හෝ පුතුගේ විවාහය යනු ඉහළට නැඟීමට තවත් ඉනිමඟකි.නමුත් උක්ත කාරණය සැම වැඩිහිටිනෙකුටම අදාළ යැයි මා කියන්නේ නැත සැබෑ හේතු මතම දරුවන්ගේ ජීවිතය කාලකණ්නි වනු ඇතැයි සිතා ප්‍රේමයට එදෙරිවන්නෝ කොතෙකුත් ඇත.ඔවුන් සිතනුයේ තම නම්බුව හෝ කුලය නොව තම දියණියගේ හෝ පුතුගේ ජීවිතය සතුටින් පිරී යනු දැකීමයි.මෙම වර්ග දෙකෙන් තමන් කුමන වර්ගයකට අයත් වන්නේ දැයි සිතැ ගැනීම ඔබට බාරය.
කවුළු පියන් පත් වහන්න 
සඳළු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා 
ළවැලි තලාවේ
කථක පෙම්වතාගේ හා ඔහුගේ පෙම්වතිය අතර ඇති දුරස්ථභාවය උකත් ගීත ඛණ්ඩයෙන් නිරූපිතය.ඇය සිටිනුයේ දහා මන්දිරයකය.මන්දරයේ ඇය සිටිනුයේද සඳළු තලයේය.එහෛයින් ඉන් පහලට බැසීම ඇයට අපහසුය.ඇයට බැසීමට අවැසි වුවත් ඇගේ මා පියන්ගෙන් ඊට කිසිදු ඉඩක් නොලැබෙනු ඇත.පෙමවතා සටිනුයේ ළ වැලි තලාවකය.මෙයින් ඔවුන් අතර පවතිනා වූ දුරස්ථභාවය හා නොගැළපීම ධ්වනිත වේ.ඇය ධනවත් ,වංශවත් පවුලක දියණියක් විය යුතුය.මොහු දුප්පත් පවුලක ආර්ථික දුෂකරතා හෙතුවෙන් පීඩිත අයෙකු විය යුතුය.තම ප්‍රේමය කිසිදා විවාහයකින් කෙළව‍ර වන එකක් නැතැයි කියා ඔහුට සිතේ .හහෙයිනි ඔහු ඇයට නවුළු පියන් පත් වහන ලෙසින් ආයාචනා කරනුයේ.එයින් ධ්වනිත වනුයේ තමා අමතක කර දමන ලෙසින් අයැද සිටීමයි.
විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
සඳළුතලාවට පැල්පත දුරනම් බෝමැයි
උක්ත ගීත ඛණ්ඩයේ නිරූපණය වනුයේ කථකයාට තම ෙපම්වතියට ලං වීමට අැති දුෂ්කරතාවයයි.විලක කොතරම් සොඳුරු,රුවැති මල් හට ගත්තද එය නෙලා ගැනීම පහසු නැතඔරු පාරුවලින් පැමිණියද විල ගැඹුරු යැයි කියා නැවත හැරී යාමට සිදුවේ.කවියා මෙමගින් ධ්වනිත කරනුයේ ඔවුනොවුන් එක් වීමට ඇති දුෂ්කරතාවයයි.මොහුටද ඇගේ ප්‍රේමය දිනාගත නොහැකිව ආපසු හැරී යාමට සිදු වී ඇත.ඔහු සිටිනා පැල්පත ඈ සිටිනා සඳළුතලයට දුර බොහෝය.එම පල්පතටත් ඈ සිටිනා සඳුළුතලයටත් බාධක බොහෝය පංති භේදය ඉන් එකකි.
කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරණ තරු කැළුම් අහසට නොම පෙනුනාවේ 
සිත ඈත අරන් යන විමනේ සඳළුතලාවේ 
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ
ඔවුනොවුන් අතර පැවතියා වූ පංති භේදය හමුවේ ඔවුන් හමුවීම සිහිනයක් පමණක්ම බැව් පෙම්වතා වටහාගෙන හමාරය.එසේ සිතීම කොතරම් දුෂ්කර දෙයක් වුවද යථාර්ථය වනුයේ එයමැයි.ඔහුට එය වැටහුනද සදළුතලයේ සටින ඇයට එය නොවැටහේ.සිනා සලමින් ඇය සිටිනුයේ එහෙයිනි.ඇයට අහසෙම රැඳී සිටින්නයැයි කියයි.ඔහු කෙසේනම් එම අහසට ලං වෙන්නද?නෙතුකැන් හමුවන බැවින් කවුළු පියන් පත් වසා තබන ලෙසින් ඔහු ඇගෙන්අයදියි.
මෙම අගනා ගීතයේ ගේය පද රචනාව කෞශල්‍ය කුමාරසිංහයන්ගෙනි.සංගීතය විශ්ව පරණයාපාගෙනි.ගායනය කසුන් කල්හාරගෙනි.ප්‍රේමයේ විරහව මැනවින් නිරූපිත ගේය පද රචනාවක් ලෙසින් මෙම ගීතය හැඳින්වීම උචිතයැයි සිතේ.සංගීතය මෙන්ම හඬඳ හෝකී හැඟීම් සනවන පරිදි භාවිතා කොට ඇත.එය මෙම ගීතයේ සාර්ථකත්වයට හේතු වී ඇති බැව් පෙනේ.

No comments:

Post a Comment