Saturday, September 19, 2015

මින්දදයෝ ඇවිදින් අහපන්




මින්දදයෝ ඇවිදින් අහපන්
රුක් අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ
බක් මී මල් පිපිලා සුවදට
සඳ ගෙට පායනවා
වැවේ නෙළුම් පිරිලා නිල් දිය
දොළේ හිනා වෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා
නා දළුවල හැපිලා මඳ නල
වැට ළඟ කැරකෙනවා
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා
නිසි කල වසයට එළඹි කල යුගදිවියට එළඹීම ඕනෑම තරුණ තරුණියකගේ සිහිනයකි.එකී සිහිනය සැබෑවක් කරගත නොහැකි වූවොත් සිතෙහි හටගන්නා වූ දුක්මුසු සිතුවිලි කොපමණදැයි අමුතුවෙන් කියයුතු නොවන්නේය. තම සිත් ගත් තරුණයකු සමඟින් විවාහ දිවියට ඇතුළත් වීමේ සොඳුරු අපේක්ෂාවන් පසුවන යුවතියකගේ සිතට පිවිස තිබෙන්නා වූ සොඳුරු ආළ මෙම ගීතයට වස්තු විෂය වී ඇති බැව් පෙනේ.ඈ මඟබලා සිටිනුයේ තම ආල හැඟුම් සමඟින් තමා වැළදගන්නට ,තම දෑත ගන්නට පෙම්බරයකු පැමිණෙන තෙක්ය. එහෙත් ඇගේ එකී පැතුම තවමත් සඵල වූ බවක් නොපෙනේ.එහෙත් ඈ සිටින්නේ එනී බලාපොරොත්තුව සඵලවේ යන දැඩි උපේක්ෂාවෙන් යුතුය.
මින්දදයෝ ඇවිදින් අහපන්
රුක් අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ
මින්දදයා යනු කවි සමයට අනුව ආලයට අධිපති දෙවියායය. මල්සර,අනංගයා ලෙසින්ද හඳුන්වනු ලබන මොහු තමා දුන්නෙන් තිසියම් අයෙකුට විඳිකළ ඒ පුද්ගයලා තුළ ආල හැඟිම් එසේත් නැතිනම් අනුරාගහැඟුම් දැනවෙන බව කියයි.ඔහුගේ දුන්න වනාහි උක්දඬු දුන්නයි.ඔහු විඳිනුයේ මල් හීය ලෙසින් යොදාගෙනය.ඔහුගෙන් හී සර පහර වැදුනු කළ කිසිවකුට ගැලවුමක් නම් නැත්තේය.මෙම තරුණියට නම් තවමත් අනංගයාගේ හී සර වැඳුනු බවන් නම් නොපෙනේ.ඈ බලාපොරොත්තුවෙන් සිටිනුයේද තමාට අනංගයාගේ හී සර පහර වඳින තුරුය.ඇය තමාට අනංගයාගේ බැල්ම වැටෙන බැව් තඳින්ම විශ්වාස කරයි.ඈ ඒ වෙනුවෙන් නොඉවසිල්ලෙන්ද බලාලොරොත්තුවෙන් දෑස් දල්වාගෙන බලාසිටී.අනංගයා මඟින් කවියා බලාපොරොත්තුවනු ඇත්තේ ඇය සිතු තුළ පැවතියා වූ ආල හැඟුම් සංකේතවත් කරලීම විය හැකිය.ඇය කොතරම්ම අනංගයාගේ සම්ප්‍රාප්තිය බලිපොරොත්තුවෙන් සිටින්නේද යැයි කිවතොත් ඈ ඔහුගේ පැමිණීම නිවසට ද කියා ඇත.තම දුවණියගේ අනාගත සුබසිද්ධිය පිළිබඳ සැක සංකා පල කරගෙන සියින ඇගේ මා පියන්ට නම් මෙය සවනට මී පැණි වක් කරාක් බඳු වන්නට ඇත.ඇය අනංගයාට එන්නට යැයි අරාධනා කැනුයේ හිස අතින් නම් නොව මල් දුන්නද රැගෙනය.රැක් අත්තන මල ඈ සිතහි මතුව තිබෙන්නා වූ ආල හැඟුම් සංකේතවත් කරන්නකි.ඈ තමා වෙනුවෙන් සාක්ෂී දෙන්නට සොදාගන්නේද රුක් අත්තන මලයි.අද හෙටම එනවාදැයි මින්දදයාගෙන් ඈ විමසීමෙන් ඈ සිතේ හටගෙන තිබෙන්නා වූ නොඉවසිල්ල කොපමණදැයි ධ්වනිත වේ.
බක් මී මල් පිපිලා සුවදට
සඳ ගෙට පායනවා
වැවේ නෙළුම් පිරිලා නිල් දිය
දොළේ හිනා වෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා
ගේය පද රචකයා තමා සතුව තිබෙන්නා වූ කව් හැකියාව එසේත් නැතිනම් තමා සතු ප්‍රතිභාව මැනවින් විදහා දක්වන අවස්ථා මෙම ගීතය තුළින් මැනවින් ප්‍රතීයමාන වේ.ඔහු තම පද මාලාව මඟින් ප්‍රකාශ කිරීමට අපේක්ෂිත දෑ ස්භාවධර්මයාද මැනවින් උපයුක්ත කොට ගනිමින්,සහජ කවිත්වය මැනවින් ඉස්මතු වන ආකරයේ බස් වහරක් යොදාගෙන ඇති බැව්පෙනේ.බක් මී මල් පිපී ඇත.එහි සුවඳට ගෙට පායයි.බක් මී මල් තුළින් හමනුයේ ප්‍රේමයේ නැවුම් සුගන්ධය විය නොහැකිද?වැවේ නෙළුම් මල් පිපී වැව සුගන්ධවත් කරයි.නිල් දිය දොළට වී සිනාසෙයි. නිල් දිය දොළේ හිනා වෙනවා යන අපූර්වතම යෙදුමකි.ස්භාව සෞන්දර්යය චිත්‍රයට නඟා ඇති අයුරු නම් මනරම්ය.කවියා මෙමඟින් මවනුයේ ආල හඟුම් පිබිදෙන මනෝරම්‍ය පරිසරයක් නොවන්නෙහිද?මේ තුළින් අනාගත සහකරුවකු බලාපොරොත්ුවෙන් සිටින්නා ඇය තුළ හටගත්තා වූ සොම්නස ධ්වනිත වේ.ඇය සොඳුරු රුවැත්තියක වි යුතුය.එහෙයිනි ඈ පිළිබඳ තරුණ බඹරුන් කසු කුසු ගානුයේ.
නා දළුවල හැපිලා මඳ නල
වැට ළඟ කැරකෙනවා
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා
නා දළුවල හැපෙමින් මඳ නල වැට ළඟ කරක් ගසයි.ගොයමට පින්න වැටුණු කල මුතු පටක් සේ ඉර එළියට දිලිසෙයි.කවියා මෙහිදී සොඳුරු ග්‍රාමයක සිතුවම් අප හඳෙහි සිතුවම් කරයි.ඈ යනෙන කල් බලා ඈ පිළිබඳ කසු කුසුවේ යෙදෙන්නට බඹරුන් කොතෙකුත් සිටියද ඇගේ අත ගන්නට නම් තවමත් එකඳු ඹබරකු හෝ ඉස්සර වූ බවක් නම් නොපෙනේ.ඒ ඇගේ දෛවයද?එසේතු නැතිනම් ඈ රුවැති වුවත් ධනය වැනි භෞතික සම්පත් අතින් පොහොසත් නොවනා නිසා විය හැකිද?කෙසේ නමුත් ඈට ලබා ඇති මේ දසාව පිළිබඳව නම් අප හඳ කම්පා නොකරයිද?නූතන ස්ත්‍රියට මුහුණ පෑමට සිදුව ඇති මෙම ඛේදවාචකය අරඹයා අප හද කම්පා නොකරයිද?ධනය වැනි බාහිර වස්තූන්ට සමාජය තුළ වැඩි අගයක් හිමි වූ කල ස්ත්‍රියකගේ සමාජ අවශ්‍යතාවය පහළට බැසීම විය යුක්තක්ද?කෙසේ නමුත් ඈ තවමත් සිටිනුයේ සොඳුර් ප්‍රේමවන්තයකු තම අතපතාලෙන කුමන මොහොතක හෝ තම නෙත් අභියසට පැිණේවි යැයි බලාබොරොත්තුවෙනි.එහෙයින් ඈ හඳෙහි බාහිරෙන් තවම නම් සෝතැවුලක් පෙන්නට නැත.කෙසේ නමුත් ඈ හඳ අභ්‍යන්තරයෙන් නම් කිසියම් තැවිල්ලක සිටින්නට පුළුවනි.කෙසේ නමුත් ඈ හදෙහි පවතින්නා වූ ප්‍රේමනීය සිතුවිලි මෙම ගීතය පුරාවටම මුසු වඇත.කවියා ඊට ස්භාව සෞන්දර්යයද ඈදා ගනු ලබනුයේ ශූර සිත්තරකු තම සිතුවමක් වර්ණ නැංවීමට තම සිතුවමට වර්ණ එක්කරගන්නා සේය.එහෙයින් මෙම ගීතයේ තේමාව,ස්භාදහම හා මැනවින් මැනවින් බද්ධ වී ඇති බැව් පෙනේ.
මෙම ගීතයේ ගේය පද රචකයා වනාහි ප්‍රවීණ කිවිවර කුමාර ලියනගේ මහතාය.ඔහු අන්දර යායේ,කොබෙයියනේ වැනි මනරම් ගී කාව්‍යයන් රචිත ගේය පද රචකයෙකි.මෙම ගීතයේ ස්වර රචනාව ආනන්ද පෙරේරාගෙනි.ගායනය නිරෝෂා විරාජිනි සිරිමතියගෙනි.ප්‍රේමනීය හැඟම් තම සිත්හි දරාගෙන සිටින යුවතයකගේ මනරම් සිතුම් පැතුම් මෙම ගීතය තුළින් අපූරුවට නිරූපණය නොවන්නේද?

හිත මිතුරු සුළඟ






හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...


අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...

ප්‍රේමයක් දළු ලන්නට ස්භාවධර්මය ලැබෙනුයේ පුදුමාකර සහයෝගයකි.ගහ කොළ,අහස,නිල් පැහැ වළාකුළු,ගං ඉවුරු,වැව්,සඳ ,සීතල සුළඟ මේ හමදෙයක්ම ප්‍රේමනීය හැඟුම් උද්දීපනය කරලීමට බලපායි.එනයින් බෑලූ කල ප්‍රේමය හා ස්භාවධර්මයා අතර ඇත්තේ අවියෝජනීය බැඳීමක්.ප්‍රේමයේ අත්උදව් කරුවා ස්භාවධර්මයාය.ප්‍රේමයට උදව් උපකාර කරන්නට ස්භාවධර්මයා සැදී පහැදී සිටී.එවැනි අවස්ථාවක් කාලිදාස විසින් විරචිත මේඝදූතයේ දැකගන්න පුළුවන්අලුත විවිහ වුණු යක් සෙනවියකු තම සේවය පැහැරහැරීම හේතුවෙන් කුවේරයාගෙන් දඩුවම් ලබවා.ඒ තඒ හේතුවෙන් ඹහුට තම බිරිඳගෙන් වෙන්ව සිටින්නට සිදුවේ.ඒ මොහෝතේ දුකින් පෙළෙන තම ප්‍රියම්බිකාව සනහා ලන්නට වළාකුළක් අතේ පණිවිඩයක් යවයි.

ඉහතින් සඳහන් කරන ලද්දේ සභාවධර්මයා පිහිට වූ අයුරය.එනමුත් ස්භාවධර්මයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රේමයට සතුරු කම්ද ඉඳහිට හෝ කරයි.මේ කථකයාට ද සිදුවන්නනට යන්නේ එවැන්නකි.ඔහු සූදානම්ව සිටින්නේ බොහෝ කලකට පසුව තම පෙම්වතිය සිතුසේ දැකගන්නටය.එය සොඳුරු මොහොතකි.වැසි වටෙන්නට පටන් ගතහොත් ඒ සොඳුරු මොහොත ක්ෂණකයෙන් අඳුරු වී යා හැක.එහෙයිනි ඔහු තම හිත මිතුරු සුළඟෙන්  ල්ලා සිටින්නේ වැසි වළාවට කියන ලෙසින් අද නොවසින්නට කියා. ඔහු ස්භාවධර්මයේ මිතුරෙකි.එහෙයිනි ඔමු සුළඟට හිත මිතුරකු ලෙසින් ආමන්ත්‍රණය කරන්නේ.ඔහු තම ආදරවන්තිය හංස ධේනුවකට සම කරයි.ඉන් ඈ සතඅ සුන්දරත්වය ,නිරිමලත්වය සංකේතවත්වේ.

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

තම පෙම්වතිය හමුවන සොඳුරු මොහොතේ වැසි වැටුනහොත් කුමක්  සිදුවේද?.එම සොඳුර මොහොත වැස්සට දියවී යනු ඇත. වීදි ජලයෙන් පිරී යනු ඇත.ඔවුන් යන මඟ මඬවලවල් සෑදෙනු ඇත.ඔහුට කම ආදරවන්තිය සමඟින් ආදර බස් මුමුණමින් තණනිල්ලේ ඇවිද යන්නට අවැසිය.එනමුත් වැසි කඩාහැලුනහොත් තණකිල්ලේ මඩගොහොරු සෑදෙයි.එවිට ඇගේ අත අල්ලාගෙන කෙසේ නම් තණ නිල්ලේ ඇවිද යන්නද?ඹහුට මුනිවත රැකගනිමින් ඈ සමඟින් අනන්තවට පියඹා යන්නට අවැසිය.වැසි වැටුනහොත් ඔහුට බාධාවකි.

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...
මොහු  ආත්මාර්ථකාමී පෙම්වතෙක් නොව,ඔවු ඇගෙන්සමුගත් පසු ඕනෑරම් වැසි වැටුනාට කම් ැත යයි තම මිතුරු සුලඟට කියයි.ගං,වැව් යන ඔනෑම දෙයක් පිටාර ගලන තුරු වැසි වැටුනට කම් නැත.නමුත් ඊට ඔහු ඇගන් සමුගන්නා තුරු සිිය යුතුය.ඒ වෙුවෙන් හෝරාවන් දෙක තුනක්වත් සිටින්න යැයි ඔහු කියයි.එක් අතකින් මෙය අහිංක පෙම්වතකුගේ සොඳුරු ආයාචනයකි.ඔහු ඇතැම් මිනිසුන් මෙන් ස්භාවධර්මයාට අභියෝග  කිරීමට නොයයි.ඔහු කරන්නේ ඉල්ලීමක් පමණි.ස්භාවධර්මයාට අභියෝග කිරීමට ගිය කල්හිය එය අපට පාඩම් උගන්වනුයේ.නාය යෑම් ,භූමි කම්පා ස්භාවධහම තම බලය අපට උගන්වන්නා වූ පාඩම්ය.

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...
මෙම ගීතයේ ගේය පද රචනාව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙනි.ස්වර රචනාව මෙන්ම ගායනයද වික්ටර් රත්නායකයන්ගෙනි.මෙම ගීතයට සපයා ඇති සංගීතයට විරිදු රිද්මයද මුසුකොට ඇත.එසේම වෙදා අසන ප්‍රේම ගීතයන්ට වඩා තරමක් වෙනස් ආකාරයක ගීතයකි මෙය.එහෙයින් මෙම ගීතයේ අපූර්වත්වයක් දැකගත හැකිය.සිංහල ගීත සාහිත්‍යය එළිය කළ තවත් අගනා ගී මිණක් ලෙසින් උක්ත ගීතය හැඳින්විය හැකිය.